ශිෂ්‍ය කාලයේදි මගේ සිවුරු ඇරවන්න සමහරු උත්සහ කළා - මල්වතු අනුනාහිමි
අදට යෙදෙන දිඹුල්කුඹුරේ විමලධම්ම මල්වතු අනුනාහිමියන්ට සුබ උපන් දිනයක් වේවා....
අනුනාහිමියන් සමග මා කළ මෙම සාකච්ජාව පළවුණේ 2017 ජුලි මාසයේ ලක්බිම ඉරිදා සංග්‍රහයේය.අදට යෙදෙන අනුනාහිමිගේ ජන්ම දිනය නිමිත්තෙන් මෙය නැවත ඉදිරිපත්කරමි...
අනුනායක හාමුදුරුවන්ගේ උපන් දිනය.?
1941 අප්‍රේල් 16
උපන්නේ?
මගේ උපන්ගම දිඹුල්කුඹුර.උඩහේවාහැට හඟුරන්කෙත රිකිල්ලගස්කඩවලට ආසන්නව තමයි මගේ උපන්ගම තියෙන්නේ.
පවුලේ විස්තර ?
මගේ අප්පච්චිගේ නම බජ්ජල වලව්වේ රන්බණ්ඩාර.අම්මා බත්ගල වලව්වේ ඩිංගිරි අම්මා.මට වැඩිමල් අයියන්ඩියි අක්කණ්ඩිලා දෙන්නයි.මට බාල නංගිලා දෙන්නයි තමයි අපේ පවුලේ හිටියේ.දැන් ඒ අයගෙන් ඉන්නේ මමයි නංගි කෙනෙකුයි විතරයි.
අනුනායක හාමුදුරුවන් ගේ ගිහිනම ?
බත්ගල වලව්වේ ටිකිරි බණ්ඩා.
නායක හාමුදුරුවෝ ඉගෙනගත්තේ ..?
දිඹුල්කුඹුර කනිෂ්ඨ විද්‍යාලයේ තුන්වැනි පන්තිය දක්වා ගියා.
ගමේ ඒ කාලයේ යාළුවෝ එක්ක කොහොමද තිබුණු සබඳකම්..?
ගමේ කවුරුත් ඉතින් සමගියෙන් හිටියේ.නිතරම යාළුවෝ එක්ක තමයි හිටියේ.ගමේ එළවළු කොටු කුඹුරු පිරිලාඉකින් ඒවායේ ඇවිදිනවා.බොහෝ වෙලාවට කොල්ලෝ කුරුට්ටො එක්ක චක්ගුඩු ගැහැව්වා.
තව අපේ සෙල්ලමක් තිබුණා පුල්ලේයාර් ගහනවා කියලා.ගලක් හිටවලා ඒ ගලට දුර ඉඳලා බෝලයකින් ගහන සෙල්ලමක්.ඉතින් මම චක්ගුඩු ගැහැලිල්යි පුල්ලේයාර් ගැහැල්ලයි හරිම ආසාවෙන් කළා.
ඔබ වහන්සේගේ.අප්පච්චි මොනවද කළේ...?
අප්පච්චි ගොවිතැන් කළා.අපිට එළහරක් මී හරක් එළුවෝ හිටියා.හැබැයි 1946 ලෙේක යුද්ධ කාලේ අපි ඒ ගමෙන් ගියා මොරගොල්ල ගලඋඩ අතරේ තියෙන මුහුන්ගිරි තලාව කියන ගමට.අපේ ඒ වලව්ව දැන් දිරාපත් වෙලා.
ඇයි ගම හැරදාලා ගියෙ.?
යුද්ධ කාලේ නිසාකන්න බොන්න හිගයිනේ.ඉතින් අප්පච්චිලා මුහුන්ගිරි තලාව ගමේ රජයේ ඉඩම් අරන් ගොවිතැන් කළා.
ගමෙන් ගියාම ඔබ වහන්සේගේ ඉස්කෝල ගමන..?
මම මගේ අක්කණ්ඩි එක්ක හැතැම්ම 2ක් විතර පයින්ම දිඹුල්කුඹුරේ ඉස්කෝලෙට ගියා .ඉතින් ස්කෝලේ ඇරිලා ඇවිල්ලත් අපි ගස්කොළන් යට තමයි හිටියේ.ජම්බු මාදං දං වගේ.පලතුරු පිරිලා ගමේ.ගෙදර හිටපු එළවෝ එළහරක් ගොඩක් දවස්වල මම තමයි දක්කගෙන යන්නේ.ඒ කාලේ ගමේ තවලම් තිබුණා.
පුංචි කාලේ ම පැවිදි වෙන්න අදහසක් තිබුණාද..?
අපොයි නැහැ.මගේ හිතේ කිසිම අදහසක් තිබුණේ නැහැ මහණ වෙන්න.
එතකොට පැවිදි වෙන්න යොමුවුණේ කොහොමද..?
දවසක් අපේ නැදෑ වෙන අයියා කෙනෙක් අපේ ගෙදර ඇවිත් කිව්වා මහනුවර පන්සලක් තියෙනවා .පන්සල ඉස්සරහ ලස්සන වැවක් තියෙනවා.පාරේ වාහන එහෙම යනවා.ඉතින් එ පනසලේ නැවතිලා ඉගෙන ගන්න එහෙම පුලුවන් කිව්වා.මම ඒකට එකපයින්ම ඒකට කැමැතිවුණා.මම භට කලින් කවදාවත් නුවර ඇවිත් නැහැ.
කොහොම හරි 1950 දෙසැම්බර් 23දා තමයි මම මල්වතු විහාරයේ මාත්ගමුවේ පන්සලට ආවේ.ඒ කාලේ නගරයේ දියුණුවක් තිබුණේ නැහැ.තට්ටු ගොඩනැගිල්ලකට තිබුණේ ක්වින්ස් හෝටලයේ විතරයි.වැව වටේ කුඩ ඉහළගත්ත කැමරා කාරයෝ පිරිලා හිටියා ෆොටෝ ගහලා දෙන්න
පන්සලට ඇවිත් මොනවද කළේ...?
මම ඉතින් පන්සලේ ඇබිත්තියා වුණා.මාත්ගමුවේ ධම්මාලෝක ලොකු හාමුදුරුවෝ මගේ ගිහි කාලේ ගුරු හාමුදුරුවෝ .මම අකුරු කියෙව්වේ සකස්කඩය ශතක පොත් ඉගෙන ගත්තේ රත්තින්දේ අනෝමදස්සි හාමුදුරුවෝ ළගයි.පස්සේ සංඝරාජ පිරිවෙනට ඇතුළත් වෙලා විභාග සමත්වුණා.පිරිවෙන් යන ගමන් ඉංග්‍රීසි ඉගෙන ගන්න පුෂ්පදානේ නයිට් ඉස්කොලේ ගියා.
එතකොට ඔ බ වහන්සේ පැවිදි වෙලාද..?
නැහැ නැහැ.පැවිදි වෙන්න නොවේනේ මම පන්සලට ආවේ.හැබැයි මගේ ගුරු හාමුදුරුවෝ මාත්ගමුවේ ධම්මාලෝක ලොකු හාමුදුරුවෝ මට හොඳට සැලකුවා මට ලෙඩක්.දුකක් හැදුනාම හරියට හොයලා බැලුවා.උන් වහන්සේගේ අවසානය වෙනකල්ම මමත් හොඳට සැලකුවා.ඒත් මහණ වෙන්න කියාල උන් වහන්සේ මට කවදාවත් කියලා නැහැ.
මල්වතු විහාරයේ මාත්ගමුවේ පන්සලේ මම ඇබිත්තකමේ ඉනනනකොට මගේ හොඳම යාලුවා වුනේ තිබ්බටුවාව පන්සලේ පොඩි හාමුදුරුවෝ.ඒ කියන්නේඅද මල්වතු පාර්ශවයේ මහානායක ධුරය දරන අපේ තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නායක හාමුදුරුවෝ.
මගේ හැම දෙයක්ම කතාකරනනේ පොඩි හාමුදුරුවෝ එක්ක.ඒකාලේ ත් උන්.වහනසේ හරි පෙනුමයි.හරිම කරුණාවන්තයි.සිල්වන්තයි.
ඔබ වහන්සේ ගිහිකාලේ ගුරුවරුන්ගෙන් දඬුවම් එහෙම ලබල තියෙනවද..?
දවසක් ඉස්කොලේ දි ටිචර් මට හුණු කෑල්ල.දිලා කිව්වා කළුලෑල්ලේ "අ" යන්න ලියන්න කියලා.මම හුණු කැටේ කියාන ඔහේ බලාන හිටියා.ලිව්වේ නැහැ.ටිචර් ඇවිත් මගේ ඔලුවට කෝටුවෙන් ගැහැව්වා.ඒ පාරට මගේ ඇස් දෙකෙන් කදුළු පැන්නා.ගුටි කැවට පස්සේ ඔන්න හොඳට අකුරු ලිව්වා.
ඔබ වහන්සේ පැවිදි වුණේ..?
මගේ ගුරු හාමුදුරුවෝ 1965 දි අපවත්වුණාට පස්සේ ඒ හාමුදුරුවන් ගේ ශිෂ්‍ය ඉලුක්වත්තේ ධම්මානන්ද හාමුදුරුවෝයි උන්.වහන්සේගේ ශිෂ්‍ය වතුරකුඹුරේ ඤාණවිමල හාමුදුරුවෝයි මට විශාල බලපෑමක් කළා පැවිදි වෙන්න කියලා.මට එතකොට වයස අවුරුදු 24යි.
මම මහණ වෙන්න කැමැති වුණේම නැහැ.අර මට මහණ වෙන්න කියාපු හාමුදුරුවෝ දෙනම හිටියේ වෙනත් පන්සල්වල.මම බැහැම කිව්වා .පස්සේ මම මේ ගැන මගේ මිතුරු පොඩි හාමුදුරුවන්ට (වත්මන් මල්වතු මහනාහිමිට) කිව්වා.උන්වහන්සේ කිව්වා ඔයා මහණ වෙන්න පන්සලේ ගැටලුවක් වුණොත් අපේ පන්සලේ හරි ඉන්න පුළුවන් කියලා.ඊට පස්සේ තමයි අම්මා අප්පච්චිටත් කියලා මම මහණ වෙන්න කැමැත්ත දුන්නේ.
මම පැවිදි වුනේ1965 දෙසැම්බර් 31 වෙනිදා මල්වතු විහාරයේ පෝය ගෙයි.එදා තවත් විශේෂ සිදුවිමක් වුණා.
ඒ මොකක්ද අනුනායක හාමුදුරුවනේ..?
මම මහණ වුණේ 31 වෙනිදා උදේ 10.00ට.එදාම හවස 2.00ට මම උපසම්පදා වුණා.කෙනෙක් පැවිදි වෙලා එදාම උපසම්පදා කරන්නේ කලාතුරකින්.ඒ වෙනකොට උපසම්පදා වට වයසත් හරි.
පැවිදි වුණාට පස්සේ ඔබ වහන්සේට යළිත් ග්හි ගෙදරට යන්න හිතුනේ නැද්ද..?
අපොයි නැහැ.හැබැයි විශ්ව විද්‍යාලයේදිනම් මගේ යාළුවෝ කිව්වා සිවුරු හැරලා එන්න කියලා.නිතරම ඒ අය එහෙම කිව්වත් මම ඒකට කැමැතිවුනේ නැහැ.
විශ්ව විද්‍යාලයට යන්න කලින් මම ගුරු විභාගෙත් සමත්වුණා.ඒත් මගේ පාලි සංස්කෘත දැනුම තියෙන නිසා ඒවායින් වැඩක්නැහැ කියලා මාව සම්මුඛ පරික්ෂණයෙන් අසමත්කළා.
විශ්ව විද්‍යාලයේදි ඔබ වහන්සේගේ ගුරුවරුන් කවුද?
මහාචාර්ය ජේ.බි.දිසානයක, මහචාර්ය සන්නස්ගල, මහාචාර්ය ලක්ෂ්මන් ෂු.පෙරේරා වගේ වියතුන් ගෙන් මම ඉගෙන ගත්තා.
ඔබ වහන්සේගේ ඉගෙනිමට උදව්කරපු අය ඉන්නවාද..?
මම විශ්ව විද්‍යාලයේ ඉදලා නුවර පන්සලට ආවස දානේ උයාගන්නවත් වෙලාවක් නැහැ.පාඩම් වැඩ කළා.ඉතින් ඉස්සරහා පන්සලේ පොඩි හාමුදුරුවෝ (වත්මන් මල්වතු මහනාහිමි) මගේ පන්සලට ඇවිත් යං යං දානේවළදන්න කියලා මාව එක්ක යනවා.කොහොම හරි හොඳට ඉගෙන ගන්න කියලා පොඩි හාමුදුරුවෝ මට නිතරම කියනවා.
නිවාඩු දවස්වල මොනවද ඔබ වහන්සේ කළේ?
පොඩි පොඩි හාමුදුරුවෝ (වත්මන් මල්වතු මහනාහිමි) ඒ කාලේ කැමැතියි වන්දනා ගමන් යන්න.ඉතින් මමයි පොඩි හාමුදුරුවෝයි තවත් කීප නමකුය් එකතු වෙලා කාර් එකක් කුලියට අරන් රටේ නොයෙක් දිහායනවා.අනුරාධපුර පොලොන්නරුව වගේ ඈත පළාත්වල ගිහින් එදාම නුවර එනවා.කාර් කුලිය රුපියල් 60-70ක් වගෙයි.සමහර දවස්වල අපි ළඟ සල්ලි නැතිවුනාම පොඩි හාමුදුරුවෝ (වත්මන් මල්වතු මහනාහිමි) තමයි වියදම් දරන්නේ.ඉතින් අතරමඟ වාහනය නවත්වලා අපි උයාගෙන වළදලා වන්දනාවේ යනවා.මමයි පොඩි පොඩි හාමුදුරුවෝ යි ශ්‍රී පාදෙත් ගියා.
බෝගම්බර හිර ගෙදරත් ඔබ වහන්සේ බණ ට වඩිනවා නේද..?
ඔව් ඒ කාලේ පෝය දවස්වලට බණට වඩිනවා.සාමාන්‍ය හිරකරුවන්ට වගේම මරණ දඬුවමට නියමුවු අයටත් බණ කිව්වා.මරණ දඬුවමට නියමුවු අයෙකුට බණට දෙන්නේ විනාඩි 15යි.ඉතින් ඒ හිරකාරයෝ අඬ අඬා බණ අහනවා.අනේ ඇයි අපිට වෙලාව බල බලා බණ කියන්නේ කියලත් ඒ අය අහනවා
ඔබ වහන්සේට ජිවිතයේ අමතක නොවන සිද්ධියක් තියෙනවද..?
මම චිනයේ ගිය වෙලාවක ලොකු අනතුරක් වෙන්න ගියා එහෙ හරියට පාපැදිකාරයෝ ඉන්නවනේ මම දවසක් පාර පැන්නා එකපාරටම වේගයෙන් ආපු පාපැදියක් මගේ ඇඟේ ගෑවි නොගෑවි බ්‍රේක් ගැහැව්වා.එදානූලෙන් තමයි මම බේරුණේ..
ධර්ම ශ්‍රී තිලකවර්ධන
(2017 ජුලි මස 18 දින ඉරිදා ලක්බිම)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්