තුෂාර උපුල්දෙණියගේ මානව හිමිකම් කඩලා.. මානව හිමිකම් කොමිසමෙන් බලධාරීන්ට රතු එළි..
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය අත්අඩංගුවට ගැනීම හා වැඩතහනම් කිරීම නිසි නීතිමය පටිපාටිය තුළ සිදුකර නොමැති බවත්, ඒ හේතුවෙන් ඔහුගේ මානව හිමිකම් කඩවී ඇති බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිගමනය කර තිබේ.
ඒ තුෂාර උපුල්දෙණිය සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනය අවසන් කරමිනි. මෙම අත්අඩංගුවට ගැනීම හා වැඩ තහනම් කිරීම තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද උල්ලංඝනය කර ඇති බවට එම කොමිසම නිගමනය කර ඇත.
ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් සිරකරුවෙකුට නිදහස ලබාදුන් බවට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියට චෝදනා එල්ලවූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළේය. ඒ ජනාධිපති කාර්යාලය සිදුකළ පැමිණිල්ලක් මතය.
ඒ අනුව අතරතුර ඔහුගේ වැඩ තහනම් කිරීමට 2025 වසරේ ජුනි 09 වැනිදා රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කළේ විමර්ශන අපක්ෂපාතීව සිදුකළ යුතු බව පවසමිනි.
සිදුකළ විමර්ශනයට අදාළව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය 2025 වසරේ ජුනි 10 වැනිදා අත්අඩංගුවට ගැනෙන අතර රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඔහු පසුව ඇපමත මුදාහැරිණි.
මෙම සිදුවීමේදී උපුල්දෙණිය මහතාගේ මානව හිමිකම් කඩ වූ බව පවසමින් ඔහුගේ බිරිඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් සිදුකර තිබුණි.ඒ අනුව ඔවුන් සිදුකළ විමර්ශනයේදී නිරීක්ෂණය කර ඇත්තේ වින්දිතයා අත්අඩංගුවට ගැනීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිසි විමර්ශනයක් සිදුකර නොමැති බවය.
එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිවැරදිව හා ප්‍රමාණාත්මකව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර නොමැති බවත් මානව හිමිකම් කොමිසම නිරීක්ෂණය කර ඇති බවයි වාර්තා වේ.
එහිදී ඔවුන් වින්දිතයාගේ ප්‍රකාශ පිළිබඳ නිසි විමර්ශනයක් සිදුකර නොමැති බවද නිරීක්ෂණය වී ඇතැයි සඳහන්. එසේම, අධීකරණ අමාත්‍යාංශ ලේකම්වරයා උපුල්දෙණිය මහතාගේ වැඩතහනම් කිරීමට ඉදිරිපත් කරන ලද පත්‍රිකාව තුළ වින්දිතයා සබැඳිව සහ සිදුවීම පිළිබඳ කරුණු ප්‍රමාණවත්ව සහ නිසි ලෙස ඉදිරිපත් කර නොමැති බවද මානව හිමිකම් කොමිසම නිරීක්ෂණය කර තිබේ.
වින්දිතයා දෙපාර්තමේන්තු ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර, ඔහුගේ බලතල නිලධාරීන් වෙත අභිනියෝජනය හෙවත් බලතල පවරා තිබියදී ඔහුගේ වැඩතහනම් කිරීම ප්‍රශ්න සහගත බවද මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව වගඋත්තරකාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා නීතියේ දක්වා ඇති කාර්ය පටිපාටිය අනුව අත්අඩංගුවට ගැනීම සහ වැඩතහනම් කිරීම සිදුකර නොමැති බව කොමිසමේ නිරීක්ෂණය වේ.
එබැවින් වින්දිත උපුල්දෙණිය මහතා සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව මානව හිමිකම් කොමිසම නිගමනය කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි ව්‍යස්ථාව වන, නීතිය පසිඳලීම, නීතියේ රැකවරණය සර්ව සාධාරණ විය යුතු බවට වන වගන්තිය සහ, 13 (1) ව්‍යවස්ථාව ප්‍රකාරව අත්තනෝමතිකව සිරභාරයට ගැනීම හා දඬුවම් කිරීම යන කරුණුවලට අදාළව මෙම උල්ලංඝනය සිදුවී ඇති බව සඳහන්.
එවන් පසුබිමක ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කර ඇත්තේ පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙම ක්‍රියාකලාපය පරීක්ෂා කර සුදුසු පියවර ගත යුතු බවය.
එසේම, වින්දිතයාගේ වැඩතහනම් කිරීමේ ක්‍රියාවලියෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බැවින් සියලු කරුණු සලකා අමාත්‍යාංශ ලේකම්වරයා තුෂාර උපුල්දෙණිය සම්බන්ධව සුදුසු පියවර ගත යුතු බවත්, ඒ පිළිබඳ මානව හිමිකම් කොමිසම දැනුම්වත් කළ යුතු බවත් දන්වා ඇත.
2026 අප්‍රේල් 30 වැනිදාට පෙර මෙම නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බව මානව හිමිකම් කොමිසම නිර්දේශ කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි