News Category
From Date
To Date
Maximum Number of Result

ඇමරිකාව දැනටමත් තීරණාත්මක යුද්ධයෙන් පරාජය වී අවසන්!- මහාචාර්ය ජියැං සුඕකින්

Apr 12, 2026 at 07:35 AM
|

හැඳින්වීම

මෙම ලිපිය පදනම් වී ඇත්තේ චීන-කැනේඩියානු අධ්‍යාපනඥයෙකු සහ භූ දේශපාලන විචාරකයෙකු වන මහාචාර්ය  ජියැං සුඕකින් විසින් ඉදිරිපත් කළ “ඇමරිකාව යුද්ධය පරාජය වී ඇත, ඊළඟට සිදුවන්නේ මෙන්න (America Already Lost the Most Important War)” යන මාතෘකාව යටතේ පුළුල් ලෙස සංසරණය වූ ඔහුගේ යූ ටියුබ් නාලිකාවේ පල කර ඇති වීඩියෝ දේශනයක් මත ය. ඔහුගේ ඉදිරිපත් කිරීම ගෝලීය බල මාරුවීම් අර්ථ නිරූපණය කිරීම සඳහා "ක්‍රීඩා න්‍යාය" සමඟ ඓතිහාසික විශ්ලේෂණය ඒකාබද්ධ කරන අතර ජාතීන් අතර තිබෙන දිගුකාලීන උපායමාර්ගික තරඟකාරිත්වය කෙරෙහි අවධානය යොමු කරයි.

ඉදිරිපත් කිරීමේදී, ජියැං සුඕකින් දැඩි මතභේදයට තුඩු දෙන සිද්ධාන්තයක් ඉදිරිපත් කරයි. එනම් 21 වන සියවසේදි ඉස්මතුවන තත්වය නිර්වචනය වන්නේ ගැටුම මිලිටරි නොවන අතරම ආර්ථිකමය ගැටුමක් වන විශේෂයෙන් එක්සත් ජනපදය සහ චීනය අතර ගැටුමක් මෙන්ම මෙම තරඟය දැනටමත් කරලියට පැමිණ තිබෙන බව යැයි ඔහු අවධාරණය කරයි.

ගෝලීය නිෂ්පාදනය, දුර්ලභ භූමිතත්ව ලෝහ ( Rear earth ) සැපයුම් දාම, මුදල් ගතිකය සහ අර්ධ සන්නායක නිෂ්පාදනයේ ප්‍රවණතා මත පදනම්ව, ආර්ථික බල තුලනය මූලික වශයෙන් වෙනස් වී ඇති බවට ඔහු තර්ක කරයි.ඔහුගේ ඉදිරිපත් කිරීම දශක ගණනාවක ප්‍රතිපත්ති තීරණ සහ ව්‍යුහාත්මක දිරිගැන්වීම් මෙම ප්‍රතිඵලයට දායක වූ ආකාරය ගෙනහැර දක්වන අතර ගෝලීය ආර්ථිකයට සහ එදිනෙදා ජීවිතයට එහි ප්‍රතිවිපාක පිළිබඳ පියවරෙන් පියවර පුරෝකථනයන් ඉදිරිපත් කරයි.

පහත දැක්වෙන ලිපිය මහාචාර්ය ජියැං සුඕකින්ගේ ඉදිරිපත් කිරීම සරල සංක්ෂිප්ත අනුවර්තනයකි. ඔහුගේ ඉදිරිපත් කිරීම තුළ ඇති කේන්ද්‍රීය තර්ක ආරක්ෂා කරමින් ඒවා සාමාන්‍ය පාඨකයින්ට සුදුසු ආකෘතියකින් ඉදිරිපත් කිරීමට වග බලා ගැනීමට අනුවර්තකයා කටයුතු කර තිබේ. මහාචාර්ය ජියැං සුඕකින් එළඹෙන සමහර නිගමන තවමත් විවාදයට ලක්ව ඇතත්, ඔහුගේ විශ්ලේෂණය කාර්මික ධාරිතාව, සැපයුම් දාමයේ ඔරොත්තු දීමේ හැකියාව සහ ගෝලීය ආර්ථික නායකත්වයේ අනාගතය පිළිබඳ පුළුල් හා වර්ධනය වන කනස්සල්ල පිළිබිඹු කරයි. අනුවර්තනය ජීවන්ත ජයතිස්ස

------

කිසිවෙකු දුටුවේ නැති යුද්ධය හෙවත් ඇමරිකාව පරාජය වූ යුද්ධය

ප්‍රවෘත්ති සිරස්තලවල ආධිපත්‍යය දරන යුද්ධ සැබැවින්ම යුද්ධ නොවේ. අප ඔබව යොමු කර්වන කාරනය ඇෆ්ගනිස්ථානය, ඉරාකය හෝ වියට්නාමය සම්බන්ධයෙන් අදාළ නොවේ. මෙය වඩාත් නිහඬ, වඩාත් ප්‍රතිවිපාක ලබා දෙන ගැටුමක් පිළිබඳව අපගේ අවදානය යොමුව තිබේ. එනම් ඊළඟ සියවස අර්ථ දැක්විය හැකි ආර්ථික යුද්ධය අපගේ කෙන්ද්‍රීය අවදානය දිනා ගනු ලබයි.

මෙම ඉදිරි දර්ශනයට අනුව, අප අවධානය යොමු කරන යුද්ධය දැනටමත් අවසන් වී ඇත.

නව ආකාරයේ යුධ පිටියක්

21 වන සියවසේදී, බලය තීරණය වන්නේ මිලිටරි ශක්තියෙන් පමණක්ම නොවේ. එය තීරණය වන්නේ: කාර්මික ධාරිතාව,සැපයුම් දාම,තාක්ෂණික පරිසර පද්ධති සහ මූල්‍ය පද්ධති යන සාධක මතය. ඒ අනුව අප ඉහත පෙන්වා දුන් සාධක මගින්, බල විභේදනය වෙනස් වී ඇත.

චීනය මේ වන විට ලෝකයේ නිෂ්පාදිත භාණ්ඩවලින් දළ වශයෙන් තුනෙන් එකක් නිෂ්පාදනය කරයි.එම කොටස එක්සත් ජනපදය, ජපානය සහ ජර්මනිය ඒකාබද්ධව නිපදවන භාන්ඩ වලට වඩා වැඩි කොටසකි. මෙම පරිවර්තනය අහම්බයක් නොවේ. එය ශක්තිමත් කාර්මික සමාජයක් ගොඩනැගීම කෙරෙහි උපායමාර්ගික අවධානය දශක ගණනාවක් තිස්සේ යොමු කිරීමේ ප්‍රතිඵලයකි.

මේ අතර, එක්සත් ජනපද ආර්ථිකයෙන් වැඩි කොටසක් සේවා, මූල්‍ය සහ කෙටි කාලීන කාර්යක්ෂමතාව කෙරෙහි අවධානය කෙරෙහි යොමු කරනු ලැබූ තත්වයකට බවට පත්විය.

නිෂ්පාදනය තවමත් වැදගත් වන්නේ ඇයි

නිෂ්පාදනය යනු හුදු පාරිභෝගික නිෂ්පාදන පමණක් නොවේ. එය ජාතියක පදනමයි. එනම්, මිලිටරි හැකියාව,අර්ධ සන්නායක නිෂ්පාදනය, බලශක්ති පද්ධති සහ උසස් තාක්ෂණය කෙරෙහි දැඩි අවධානය යොමු වූවකි. 

මෙම හැකියාව ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන්නකි.දක්ෂතා, පළපුරුද්ද සහ සම්බන්ධතා කාලයත් සමඟ වැඩි වෙයි. ඒවා ගොඩ නගා ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් අවශ්‍ය විටක ඉක්මනින් නැවත ගොඩ නගා ගැනීම අපහසු වන්නේය.

දුර්ලභ තීරණාත්මක සම්පත් පාලනය

නූතන ආර්ථිකයන් පෘථිවියෙන් ලබා ගන්නා දුර්ලභ ඛනිජ ද්‍රව්‍ය මත රඳා පවතී. ඒවා ඉලෙක්ට්‍රොනික උපකරණ, ආරක්ෂක පද්ධති සහ පුනර්ජනනීය බලශක්තිය සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වන්නේය.

චීනය මෙම දුර්ලභ ඛණිජ ද්‍රව්‍ය කැණීම සහ වඩාත් වැදගත් ලෙස ඒවා නැවත සැකසීම යන දෙඅංශයෙහිම ආධිපත්‍යය දරයි. සම්පත් වෙනත් තැනකින් ලබා ගන්නා විට පවා, ඔවුන් බොහෝ විට පිරිපහදු කිරීම චීන පහසුකම් මත රඳා පැවතීම විශේෂත්වයකි. මෙය ආපසු හැරවීමට අපහසු උපායමාර්ගික යැපීම් තත්වයක් නිර්මාණය කරයි.

ඩොලරය විතැන්වීමේ යුගයක ඇරඹුම

දෙවන ලෝක යුද්ධයෙන් පසු දශක ගණනාවක් තිස්සේ එක්සත් ජනපද ඩොලරය ලෝකයේ ප්‍රාථමික සංචිත මුදල් ඒකකය ලෙස ක්‍රියාත්මක විය. මෙමගින් එක්සත් ජනපදයට සැලකිය යුතු ආර්ථික වාසි ලබා දුන්නේය. නමුත් එම තත්ත්වය දැන් ක්‍රමයෙන් වෙනස් වෙමින් පවතී. ලෝකයේ බොහෝ රටවල් දේශීය මුදල් වලින් වෙළඳාම් කිරීම, ඩොලරය මත යැපීම අඩු කිරීම සහ විකල්ප මූල්‍ය පද්ධති ගොඩනැගීම යන කාරනා කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් සිටියි.ලෝකයේ මේ සිදුවන වෙනස මන්දගාමී එහෙත් නොනැසී පවතින තත්වයකි.

උපායමාර්ගය සහ එය ක්‍රියාත්මක කිරීම

චීනයේ කාර්මික නැගීම දිගුකාලීන සැලසුම්කරණයෙන් පසුව සිදු වූ අතර, රොබෝ විද්‍යාව, බලශක්තිය සහ උසස් නිෂ්පාදන වැනි ප්‍රධාන අංශ ඉලක්ක කරගත් "මේඩ් ඉන් චයිනා 2025" වැනි මුලපිරීම් ද ඊට ඇතුළත් විය.

ඊට පටහැනිව, එක්සත් ජනපදය බොහෝ දුරට වෙළඳපොළ බලවේග සහ පෞද්ගලික අංශයේ තීරණ ගැනීම මත අර්‍රථිකය හැසිරවීම විශ්වාසය තැබීය.කෙසේ වුවද එක්සත් ජනපදයට තම නැතිවූ ආර්ථික ධාරිතාව නැවත ගොඩනැගීම කළ හැකිය. නමුත් එම ක්‍රියාවලිය මන්දගාමී, මිල අධික සහ සංකීර්ණ ක්‍රියාවලියක් ඔස්සේ එය සිදු කළ යුතු වන්නේය.

ප්‍රතිවිපාක පහ

මහාචාර්ය වරයාගේ විශ්ලේෂණයට අනුව, ඊළඟ අදියර ප්‍රධාන වර්ධනයන් පහක් හරහා දිග හැරෙනු ඇත. එනම්, 

1. ක්‍රමයෙන් දුර්වල වන ඩොලරයක්

හදිසි බිඳවැටීමක් නොව, මිලදී ගැනීමේ ශක්තියේ ස්ථාවර පහත වැටීමක් සිදුවන අතර එමගින් ආනයනික භාණ්ඩ සඳහා ඉහළ පිරිවැයකට මග පාදනු ඇත.

2. නිරන්තරයෙන් ඉහළ යන පොලී අනුපාත

ලෝක ජනයා ඇමරිකාවේ ණය කෙරෙහි ඇති උනන්දුව අඩුවෙද්දී, නිවාස ණය, වෙනත් ණය, සහ ක්‍රෙඩිට් කාඩ් වැනි අයිතම සඳහා මුදල් ණයට ගැනීමේදී වැඩි මිලක් ගෙවීමට සිදු වෙයි.

3. සැපයුම් දාම අවදානම්

ඖෂධ සහ අර්ධ සන්නායක ඇතුළු තීරණාත්මක අංශ තවමත් විදේශීය නිෂ්පාදනය මත රඳා පවතී.

4. ජ්වලන අංකය ලෙස තායිවානය

තායිවානය ගෝලීය චිප් නිෂ්පාදනයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. එයට ඇතිවන ඕනෑම බාධාවක් ලොව පුරා කර්මාන්තවලට බලපානු ඇත.

5. ජීවන තත්වයන් මත පීඩනය

ඉහළ යන පිරිවැය සහ ව්‍යුහාත්මක වෙනස්කම් මධ්‍යම පාන්තික ජීවන රටාවක් ගත  කරන ජනතාවගේ ජීවිත තුල දිගුකාලීන වෙනසක් ඇති කළ හැකිය.

ඉතිහාසයේ අත් විඳි රටාවක්

ඉතිහාසය අධ්‍යනයෙන් පෙනී යන්නේ ආර්ථික නායකත්වය කාලයත් සමඟ වෙනස් විය හැකි බවයි. ජාතීන් නිෂ්පාදනයෙන් ඉවත් වී මූල්‍යකරණය දෙසට ගමන් කරන විට, ඔවුන් දිගුකාලීනව රැකගත් තත්ත්වය දුර්වල විය හැකිය. මෙම සංක්‍රාන්ති එක රැයකින් සිදුවන්නක් නොවේ. ඒවා ක්‍රමයෙන් දිග හැරෙන්නේ බොහෝ විට ඒවායේ බලපෑම් නොවැළැක්විය හැකි වන තෙක් වර්ධනයවීමෙන් පසුවය.

අනාගතයට මෙම තත්වය නිසා සිදුවන්නේ කුමක්ද?

මාහාචාර්ය ජියැං සුඕකින් අප හමුවේ තබන ඉදිරි දර්ශනය විශ්වීය වශයෙන් පිළිගනු නොලැබුවද එය වැදගත් ප්‍රශ්න ඉස්මතු කරයි. එනම්, නවීන සැපයුම් දාමයන් කෙතරම් ඔරොත්තු දෙනවාද?,කාර්මික ධාරිතාව ඉක්මනින් නැවත ගොඩනැගිය හැකිද? සහ  බහු ආර්ථික බල මධ්‍යස්ථාන ඇති ලෝකයක සිදුවන්නේ කුමක්ද? යන ප්‍රශ්න මතු කරයි.

එලෙසම තනි තනි පුද්ගලයන් කෙරෙහි ලැබෙන ඇඟවුම්ද ප්‍රායෝගික විය හැකිය. එනම්, වැඩි වන මූල්‍ය අවිනිශ්චිතතාව, ආර්ථික  අපේක්ෂාවන් වෙනස් කිරීම සහ අනුවර්තනය කළ හැකි කුසලතා වල වැදගත්කම වැඩි වීම යන තත්වයන්ට මුහුණ දීමට සිදුවේ.

නිගමනය

ගෝලීය ආර්ථික භූ දර්ශනය පරිණාමය වෙමින් පවතී. තර්කයට යමෙකු සම්පූර්ණයෙන්ම එකඟ වුවත් නැතත්, දිගුකාලීන ව්‍යුහාත්මක වෙනස්කම් සිදුවෙමින් පවතින බව පැහැදිලිය. දශක ගණනාවක් තිස්සේ ආර්ථික ස්ථාවරත්වය නිර්වචනය කළ පද්ධති පරීක්ෂාවට ලක් කරනු ලැබේ, නැවත හැඩගස්වනු ලැබේ, එලෙසම සමහර අවස්ථාවල ප්‍රතිස්ථාපනය කරනු ලැබේ.

සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.