ලයිට් කපන්න ඕන ජවිපෙ මන්ත්‍රීවරුන්ගේ ගෙවල්වල - චාමර සම්පත්..
ඉදිරියේදී විදුලි කප්පාදුවක් එනවා නම් විදුලිය කැපිය යුත්තේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වල බවත් අනිත් අයගේ නිවෙස්වල විදුලිය කැපීම නොකළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඊයේ(10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙමින් පවතින විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමින්.
ජනතා විමුක්ති පෙරමුණ විසින් ඔවුන්ගේ නිවෙස්වල විදුලිය විසන්ධි නොකර අනෙකුත් අයගේ නිවෙස්වල විදුලිය විසන්ධි කිරීම අසාධාරණ බවයි මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙනු ලැබුවේ ලැබුවේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චාමර සම්පත් දසසනායක මන්ත්‍රීවරයා මෙසේද ප්‍රකාශ කළේය.
"එදා ඉඳලා විදුලි බලාගාර හදන එකට ජනතාව විමුක්ති පෙරමුණ විරුද්ධව උද්ඝෝෂණ කළා.
එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය හදනකොටත් ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ වුණා.
උමා ඔය හදනකොටත් විරුද්ධ වුණා.
ලක්ෂපාන ජල විදුලි බලාගාරය හැදුවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය.
වික්ටෝරියා, රන්දෙණිගල, කොත්මලේ ඇතුළු මහවැලි ව්‍යාපාරය සමග ජල විදුලි බලාගාර හැදුවේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින්.
අවුරුදු 76 ට බනින ජනතා විමුක්ති පෙරමුණට මේ විදුලි බලාගාර එදා හිටපු නායකයින් හැදුවේ නැත්නම් අද විදුලිය කොහෙත්ම නෑ ගෙවල්වල.
ඒක නිසා විදුලි බලාගාර ඉදිකිරීමට එදා ඉඳන්ම විරුද්ධ වුණු ජනතා විමුක්ති පෙරමුණට අද අපේ ගෙවල්වල ලයිට් කපන්න හම්බවෙන්නේ නෑ. ඒගොල්ලන්ට ඕන නම් ඒගොල්ලන්ගේ ගෙවල්වල ලයිට් කපාගන්න කියන්න."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි