ජවිපෙ පැලවත්ත කාර්යාලයට STF ආරක්‍ෂාවත් දාලා.. පැලවත්තේ අය යන්නේ රජයේ වාහනවල..
පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට පොලිසිය ඇතුළු රාජ්‍ය ආරක්ෂාවක් යොදවා තිබීම රාජ්‍ය දේපළ සහ රාජ්‍ය මුදල් අවභාවිත කිරීමක් බවට නව ජනතා පෙරමුණ චෝදනා කරයි.
මෙරට පවතින දැඩි ගෑස්, ඉන්ධන සහ විදුලි අර්බුදයට විසඳුම් ඉල්ලමින් සහ මෙරට සිදුව ඇති ප්‍රධාන වංචා දූෂණ හයක් සම්බන්ධයෙන් ලිපියක් භාරදීම සඳහා එම පක්ෂයේ මහලේකම් සුගීෂ්වර බණ්ඩාර ඇතුළු පිරිසක් පැලවත්ත කාර්යාලය වෙත පැමිණි අවස්ථාවේදී මෙම අදහස් පළ විය.
විරෝධතාකරුවන් එහි පැමිණ තිබුණේ හිස් ගෑස් ටැංකි ද රැගෙනය.
එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ පිරිස ප්‍රශ්න කර සිටියේ මීට පෙර මෙරට පාලනය කළ මහින්ද රාජපක්ෂ හෝ මෛත්‍රීපාල සිරිසේන වැනි නායකයන්ගේ පක්ෂ කාර්යාලවලට මෙලෙස රාජ්‍ය ආරක්ෂක අංශ යොදවා තිබුණේද යන්නයි.
දේශපාලන පක්ෂ කාර්යාලයකට මෙලෙස රාජ්‍ය ආරක්ෂාව යොදවා ජනතාවට සහ පක්ෂ සාමාජිකයන්ට එහි ඇතුළු වීමට ඉඩ නොදීම ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීමක් බව ඔවුහු පෙන්වා දුන්හ.
ටිල්වින් සිල්වා මහතා මෙරට නොනිල ජනාධිපති ලෙස කටයුතු කරන බවට චෝදනා කළ සුගීෂ්වර බණ්ඩාර මහතා, ජනතාව ගෑස් ටැංකි රැගෙන පැලවත්ත වට කරන දිනයක ඔහුට බංකර් දහයක සැඟවී සිටියත් පැන යාමට ඉඩක් නොලැබෙනු ඇති බවට ද අනතුරු ඇඟවීය.
තවද, ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා නිකුත් කර ඇති පිටු 109ක වාර්තාව කියවන ලෙස රජයට බලකර සිටි විරෝධතාකරුවන්, පවතින අර්බුද කළමනාකරණය කිරීමට නොහැකි නම් වහාම මැතිවරණයක් පවත්වන ලෙස ද ඉල්ලා සිටියහ.
පක්ෂ කාර්යාලයක් තුළට වී ජනතා ප්‍රශ්නවලින් සැඟවී නොසිට ඒවාට පැහැදිලි උත්තර ලබාදෙන ලෙස ඔවුහු වැඩිදුරටත් අවධාරණය කළහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..