ලංකාවේ ජනගහනය ලක්ෂ 14කින් වැඩිවෙලා..
නවතම ජන හා නිවාස සංගණනය අනුව ශ්‍රී ලංකාවේ ජනගහනය ගෙවුණු වසර 12 තුළ ලක්ෂ 14කින් වැඩි වී තිබේ.
මේ බව අනාවරණ වන්නේ 2024 ජන හා නිවාස සංගණනයේ වාර්තාව අනුවයි.
එමෙන්ම මෙරට තුළ සෑම කාන්තාවන් 100 දෙනෙකුටම සිටින පිරිමින් සංඛ්‍යාවේ සුළු අඩුවීමක් ද දක්නට ලැබේ.
ශ්‍රී ලංකාවේ 15 වන ජන හා නිවාස සංගණනය 2024 දෙසැම්බර් මස 19 වැනිදා ආරම්භ වූ අතර, ඉතිහාසයේ ප්‍රථමවරට ටැබ් පරිගණක සහ සුහුරු ජංගම දුරකථන භාවිත කරමින් මෙම සංගණනය සිදුකිරීම විශේෂත්වයක්.
එහි අවසන් වාර්තාව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.එම්.ඩී.එස්.ඩී. කරුණාරත්න විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත භාර දෙන ලදී.
මෙවර සංගණනය අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය 21,781,800ක් වේ.
2012 වසරේ අවසන් සංගණනය අනුව මෙරට සමස්ත ජනගහනය දැක්වුණේ 20,359,439ක් ලෙසයි.
ඒ අනුව ගෙවුණු වසර 12 තුළ ශ්‍රී ලංකාවේ ජනගහනය 1,422,361කින් වැඩි වී තිබේ.
ස්ත්‍රී - පුරුෂ ජනගහනය වෙන් වෙන් වශයෙන් සැලකීමේදී වැඩිම ජනගහනය ස්ත්‍රී ජනගහනයයි.
එය මෙරට ජනගහනයෙන් සියයට 51.7ක් එනම් 11,269,456 ක් වේ.
සියයට 48.3ක් පුරුෂයින් වන අතර එය සංඛ්‍යාත්මකව 10,512,344ක්.
ඒ අනුව මෙරට ස්ත්‍රීන් සංඛ්‍යාව පුරුෂ සංඛ්‍යාවට වඩා 757,112කින් වැඩි වී තිබේ.
දිස්ත්‍රික්ක අනුව සැලකීමේදී වැඩිම ජනගහනය ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය 2,436,142ක්.
දෙවැනි වැඩිම ජනගහනය සහිත දිස්ත්‍රික්කය කොළඹ වන අතර එය 2,375,415ක් වේ.
තෙවැනි වැඩිම ජනගහනය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය 1,768,156ක්.
ශ්‍රී ලංකාවේ අඩුම ජනගහනය මුලතිව් දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය 122,619ක්.
පුමිතිරි අනුපාතය හෙවත් සෑම කාන්තාවන් 100 දෙනෙකුටම සිටින පිරිමින් සංඛ්‍යාව රටක වැදගත් ජන විකාශක දර්ශකයක් වේ.
ඒ අනුව සෑම කාන්තාවන් 100 දෙනෙකුටම සිටින පිරිමින් සංඛ්‍යාව 93.3ක් බව නව සංගණනයේ දැක්වේ.
2012 සංගණනයේදී එම අගය පැවතියේ 93.8ක් ලෙසයි.
ඒ අනුව එම පිරිමින් සංඛ්‍යාවේ අගය දශම 5කින් අඩු වී තිබේ.
සෑම දිස්ත්‍රික්කයම පුමිතිරි අනුපාතය 100ට වඩු අඩු අගයන් පෙන්වීම විශේෂත්වයක් බව ද සංගණන වාර්තාවේ සඳහන්.
මෙහිදී ශ්‍රී ලංකාවේ සංක්‍රමණික ජනගහනය 3,167,263 ක් ලෙස දක්වා තිබේ.
එනම් වෙනත් දිස්ත්‍රික්කයක හෝ රටක සාමාන්‍ය පදිංචියේ සිට දැනට පදිංචි දිස්ත්‍රික්කයට පැමිණ ඇති ජනගහනයයි.
ඒ අනුව වැඩිම සංක්‍රමණික ජනගහනය වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එය 530,643ක්.
වයස් කාණ්ඩ අනුව සැලකීමේදී මෙරට වැඩිම ජනගහනය අවුරුදු 15ත් 59ත් අතර වයස් කාණ්ඩයේ පසුවන අතර එම අගය 13,353,837ක්.
වයස අවුරුදු 65 හා ඊට වැඩි ජනගහනය එනම් වැඩිහිටි ජනගහනය 2,737,814ක් ලෙස දැක්වේ.
මෙරට වයස අවුරුදු 14ට අඩු ළමා ජනගහනය දැක්වෙන්නේ 4,506,839ක් ලෙසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..