News Category
From Date
To Date
Maximum Number of Result

ලාල්ට ජම්පරය අන්ඳවන විදිහ..

Apr 7, 2026 at 08:26 AM
|

මේ දවස්වල ඇමති ලාල් කාන්ත වංචනික විදිහට උපයාගත්ත බව කියන මුදල් භාවිතා කරලා හදපු කඩුවෙල මන්දීරයක් ගැන ලොකු සමාජ සංවාදයක් ඇතිවෙලා තියනවා.ලාල් ඒ ගැන එක එක ප්‍රකාශ කරනවා.ඇත්තටම ඒ ප්‍රකාශවලින් වෙන්නේ මේ මෝඩයා තවත් අමාරුවේ වැටෙන එකයි.දැනටමත් ලාල්ට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත්වෙලා තියනවා.දැන් ඔන්න අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට පුළුවන් එයා කලින් අල්ලස් ගැනීම සම්බන්ධව කරපු විග්‍රහට අනුව නීතිය ක්‍රියාත්මක කරලා එහෙම සිද්ධවෙලාද කියලා බලන්න.

ලාල්ගේ වැඩ නිසා ලාල් විතරක් නෙවෙයි තව ගොඩක් දෙනෙක්ගේ රෙදි ගැලවෙන්න නියමිතයි.දේශපාලනඥයෙක් මහජන මුදල් හරි පෞද්ගලික පරිත්‍යාග හරි කියමින් දේපළ අත්පත් කරගැනීමත් එක් බැඳුණු නීතිමය තත්ත්වය මොකද්ද කියලා අපි ඉස්සෙල්ලාම සළකලා බලමු.

මෙතනදී ප්‍රධාන වශයෙන් බලපාන්නේ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත (Anti-Corruption Act) සහ අල්ලස් පනතයි. දේශපාලනඥයෙකුට හරි මහජන නියෝජිතයෙකුට හරි පෞද්ගලික අවශ්‍යතාවකට (නිවාස සෑදීම වැනි) මහජනයාගෙන් හරි හිතවතුන්ගෙන් හරි මුදල් ගැනීම නීතිමය වශයෙන් ඉතා අවදානම් සහගත වැඩක් වගේම සංකීර්ණ ක්‍රියාවලියක්.

​යම් පුද්ගලයෙක් තමන්ගේ හිතවත්කමට සල්ලි දුන්නා කිව්වත්,ඒ පුද්ගලයා රජය එක්ක ගනුදෙනු කරන කෙනෙක් නම් හරි ඒ මුදල් දීම හරහා කිසියම් අයුතු වාසියක් බලාපොරොත්තු වෙනවා නම් ඒය අල්ලසක් විදිහට අර්ථකථනය වෙනවා.දූෂණ විරෝධී පනතට අනුව ඕනෑම මහජන නියෝජිතයෙක් තමන්ට ලැබෙන දීමනා සහ දේපළ ගැන නිවැරදි හෙළිදරව් කිරීමක් කරන්න බැදිලා ඉන්නවා. ඊළඟට බලන්න වෙන්නේ මෙතන අල්ලස් හෝ දූෂණය කියන වරද සිද්ධවෙලා තියනවද කියලයි.

යම් පුද්ගලයෙකු සතු වත්කම් එයා උපයන නීත්‍යානුකූල ආදායමට වඩා වැඩි නම්,ඒක නීතිය ඉදිරියේ වරදක්වීමට ඉඩ තියනවා.යම් පුද්ගලයෙක්ගේ සහ එයාගේ පවුලේ සාමාජිකයන්ගේ වත්කම්, එයාලගේ ප්‍රකාශිත ආදායම් මාර්ග (වැටුප්,ව්‍යාපාරික ලාභ,උරුම වූ දේපළ) මගින් පැහැදිලි කළ නොහැකි නම් ඒක දූෂණ විරෝධී පනත යටතේ වරදක්.ගෙයක් හදන්න බිරිඳගේ දේපළ විකිණලා මුදල් යෙදෙව්වා කියලා කියනවා නම් ඒ ලියකියවිලි (ඔප්පු,බැංකු වාර්තා) සාක්ෂි විදිහට ඉදිරිපත් කරන්න ඕනි.

හිතවතුන් සල්ලි දුන්නා කියන එක නීතිය ඉදිරියේ සරලව පිළිගන්නේ නෑ.එහෙනං ඒ මුදල් ලබාදුන් පුද්ගලයන් කවුද, එයාලට ඒ මුදල් ලැබුණු ආකාරය සහ ඒ මුදල් ලබාදීමට හේතුව විමර්ශනයට ලක් වෙන්න ඕනි.ලංකාවේ පවතින වත්කම් හා බැරකම් නීතියට අනුව සෑම මන්ත්‍රීවරයෙක් සහ ඇමතිවරයෙක්ම වාර්ෂිකව තමන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ (Declaration of Assets and Liabilities) දෙන්න ඕනි.වත්කම් සහ බැරකම් ප්‍රකාශයේ තමන්ගේ,බිරිඳගේ සහ යැපෙන දරුවන්ගේ සියලුම දේපළ,බැංකු ගිණුම් සහ ලැබුණු තෑගි/පරිත්‍යාග ඇතුළත් කරන්න ඕනි.

යම් විදිහකින් නිවස සෑදීමට ලැබුණු මුදල් ඒ ප්‍රකාශවල සටහන් කරලා නෑත්තං හරි ඒ මුදල් ලැබුණු ආකාරය ඔප්පු කරන්න බැරි නම් ඒක දණ්ඩනීය වරදක්.ලාල් කාන්ත දේශපාලනඥයෙක් විදිහට එයාලා සතු දේපළක් විකිණීම සහ එම මුදල් නිවාසක් ඉදිකිරීමට යෙදවීම සම්බන්ධයෙන් වන නීතිමය ක්‍රියාවලිය අපේ රටේ පවතින මූල්‍ය සහ දූෂණ විරෝධී නීති කිහිපයක් යටතේ විග්‍රහ කරන්න පුළුවන්.මෙතනදී දේපළ මිලදී ගත් පුද්ගලයා, විකුණූ පුද්ගලයා (බිරිඳ) සහ ප්‍රතිලාභ ලබන දේශපාලනඥයා යන තුන්දෙනාම විවිධ නීතිමය බැඳීම්වලට යටත් වෙනවා.

දේපළක් විකිණීම කියන්නේ හුදු "ප්‍රකාශයක්" විතරක් නෙවෙයි. ලිඛිත සාක්ෂි තියෙන්න ඕනි. දේපළ විකිණීම අදාළ ප්‍රාදේශීය ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි කරපු "විකුණුම් ඇටෝර්නි බලපත්‍රයක්" හරි "සින්නක්කර ඔප්පුවක් " මගින් හරි තහවුරු වෙන්න ඕනි.දේපලේ විකුණූ මිල වෙළඳපොළ වටිනාකමට වඩා අසාමාන්‍ය ලෙස වැඩි නම් ඒක "මුදල් විශුද්ධිකරණයක්" (Money Laundering) විදිහට සලකන්න පුළුවන්.

ඒ වගේම මෙතන වෙන වැරදි මාර්ගවලින් උපයාගත් මුදල් දේපළ ගනුදෙනුවක් ලෙස පෙන්වා නීත්‍යානුකූල කිරීමට උත්සාහ කිරීමක් වෙන්නත් පුළුවන්.2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත සහ මූල්‍ය බුද්ධි ඒකකයේ (FIU) රෙගුලාසි අනුව විශාල මුදල් ප්‍රමාණයක් (සාමාන්‍යයෙන් රුපියල් මිලියනයකට වඩා වැඩි) අතින් අතට (Cash) මාරුකිරීම සැක සහිත ගනුදෙනු නිසා ඒ වගේ ගනුදෙනු බැංකු පද්ධතිය හරහා කරන්න ඕනි.දේපළ මිලදී ගත් පුද්ගලයාට ඒ මුදල් ලැබුණු ආකාරය (Source of Wealth/Funds) ඔප්පු කරන්න වෙනවා.

එයාට ඒ වගේ ධනයක් නැත්තං එයා වෙනත් අයෙකු වෙනුවෙන් පෙනී සිටින "නාමිකයෙකු" (Nominee) විදිහටයි සැලකෙන්නේ. දේපළ ගනුදෙනුවකදී බදු ගෙවීම අනිවාර්යයි.ඒක පැහැර හැරීම 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත යටතේ වරදක්.දේපළක් විකිණීමේදී ලැබෙන ලාභය මත 10% ක ප්‍රාග්ධන ලාභ බද්දක් රජයට ගෙවීම අනිවාර්යයි.ඒ වගේම දේපළ මිලදී ගන්නා පාර්ශවය රජයට නියමිත මුද්දර ගාස්තු ගෙවා ඔප්පුව සහතික කරගන්න ඕනි.

යම් හෙයකින් බදු ගෙවීම පැහැර හැරලා තියනවා නං හරි දේපළේ නියම වටිනාකම හංගලා අඩු වටිනාකමක් දාලා නම් ඒක දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් දැඩි දඬුවම් සහ දඩ මුදල්වලට යටත් වෙන වරදක්.2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 93 වන වගන්තිය අනුව,විමර්ශනයකදී විමසන අනිවාර්ය කරුණු කීපයක් තියනවා.මෙතනදී දේපළ මිලදී ගත් පුද්ගලයා ඒ මුදල් ලබාගත් ආකාරය සහ ලාල් කාන්තට හෝ බිරිඳට එම මුදල් ගෙවූ ආකාරය (බැංකු වාර්තා හෝ චෙක්පත්) ඉදිරිපත් කරන්න ඕනි.

"හිතවතුන් මුදල් දුන්නා" යන කාරණත ඔප්පු කිරීමට නම් ඒ හිතවතුන්ගේ අනන්‍යතාවය සහ එයාලට ඒ මුදල් දෙන්න තිබූණ නීත්‍යානුකූල අවශ්‍යතාවය පෙන්වා දෙන්න ඕනි.ලාල්ලා මීට කලින් කියලා තිබුණ " දුප්පත්කම " හරි " අසීරු ජීවිතය " ගැන ප්‍රකාශ සාක්ෂි විදිහට අරගෙන, හදිසියේ ලැබුණු මහා ධනස්කන්ධය ගැන විමර්ශන නිලධාරීන්ට ප්‍රශ්න කරන්න පුළුවන්.මෙතනදී අවසාන වශයෙන් ලාල් මතක තියාගන්න ඕනි කරුණු ටික සාරාංශ කලොත්.

​● යම් දේශපාලනඥයෙකු මෙවැනි ගනුදෙනුවක් හරහා වත්කම් උපයා ඇත්නම්,ඒක නීත්‍යානුකූල වීමට නම් ඒ දේපළ විකිණීම නීත්‍යානුකූලව ලියාපදිංචි වී තිබිය යුතුය.

​● සියලුම බදු (Capital Gains Tax) ගෙවා තිබිය යුතුයි.

​● මුදල් ලැබුණු මූලාශ්‍රය (Bank Trail) පැහැදිලි විය යුතුයි.

​● මෙම සියලු කරුණු වත්කම් හා බැරකම් ප්‍රකාශවල ඇතුළත් විය යුතුයි.

​මේ කොන්දේසි උල්ලංඝනය වී ඇත්නම් ඒක අල්ලස් හෝ දූෂණ වරදක්,බදු වංචාවක් මෙන්ම මුදල් විශුද්ධිකරණ වරදක් ලෙස ද සැලකිය හැකිය.ඒක ඔප්පු උනොත් දේපළ රාජසන්තක කිරීමේ බලය අනාගත රජයකට තියනවා.

හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

මිට

රටේ රාළ.

සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.