නාසිවාදයට එරෙහිව එක්සත් ජාතීන් වෙත ඉදිරිපත් වූ යෝජනාවට රටවල් 50ක් පමණ එරෙහි වෙයි
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත නාසිවාදය උත්කර්ෂයට නැංවීමට එරෙහිව රුසියාව විසින් කෙටුම්පත් කරන ලද යෝජනාවට ඊයේ(22) රටවල් 49ක් එරෙහිවී ඇති අතර රටවල් 118ක් යෝජනාව සම්මත කර ඇත.
මේ අතර සාමාජික රටවල් 14ක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. ඓතිහාසික සංශෝධනවාදය හෙවත් පිළිගත් අදහස් සහ විශ්වාසයන්ගෙන් වෙනස් වන සහ විශේෂයෙන් වැරදි හෝ වංක ලෙස පෙනෙන ආකාරයෙන් වෙනස් කිරීමට උත්සාහ කරන අදහස් සහ විශ්වාසයන්ට සහාය වීම සහ දෙවන ලෝක යුද්ධයේදී සිදු කරන ලද මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස යෝජනාව මගින් එක්සත් ජාතීන්ගේ සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටියේය.
"නාසිවාදය උත්කර්ෂයට නැංවීම, නව-නාසිවාදය සහ සමකාලීන වර්ගවාදය, වාර්ගික වෙනස්කම් කිරීම්, විජාතික භීතිකාව සහ ඒ ආශ්‍රිත නොඉවසීම උත්සන්න කිරීමට දායක වන අනෙකුත් භාවිතයන්" උත්කර්ෂයට නැංවීමට එරෙහිව සටන් කරන ලෙස මොස්කව් පරිපාලනය විසින් දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ සෑම වසරකම ඉහත යෝජනාව ඉදිරිපත් කරමින් සිටී.
ඊයේ(22) පැවැති ඡන්ද විමසීමකදී, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ඉතාලිය සහ ජපානය මෙන්ම යුක්රේනය, ජෝර්ජියාව, ලැට්වියාව, ලිතුවේනියාව ඇතුළු එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 49ක් යෝජනාවට විරුද්ධත්වය ප්‍රකාශ කළහ. ඒ අතර තවත් රටවල් 14ක් ඡන්දය දීමෙන් වැළකී සිටි බවත් මාධ්‍ය වාර්තා පවසයි.කෙසේ වුවද සැසිවාරයේ සම්පූර්ණ වාර්තාව එක්සත් ජාතීන්ගේ සංවිධානය තවමත් ප්‍රකාශයට පත් කර නොමැත.
"බටහිර රටවල් සමූහයක් රුසියානු මුලපිරීම දේශපාලනික මෙන්ම රුසියානු කේන්ද්‍රීයව ඉදිරිපත් කළ විශේෂිත ලියවිල්ලක් බවට වර නැගීමට උත්සාහ කළා." එක්සත් ජාතින්ගේ සංවිධානයේ රුසියාවේ ස්ථිර නියෝජිත Maria Zabolotskaya මාධ්‍ය වෙත පැවසීය. " රුසියාව ඉදිරිපත් කළ යෝජනාව මගින් ඔවුන්ගේ ගැටළු පිළිබිඹු වන බව යමෙකුට පෙනී යන්නේනම්, එම ගැටළු නිරාකරණය කර ගැනීමට කටයුතු කිරීම වැදගත් වන නමුත්, නව-නාසිවාදය, වර්ගවාදය සහ විජාතික භීතිකාවට එරෙහි එක්සත් ජාතීන් තුළ ගොඩ නැගෙන සහයෝගීතාවය අඩපණ කිරීමට උත්සාහ නොකළ යුතුයි." ZMaria Zabolotskaya වැඩිදුරටත් පැවසීය.
කෙසේ වුවද, ඡන්දයේ ප්‍රතිඵල “ඔවුන් වෙනුවෙන්ම පෙනී සිටිනවා” යනුවෙන් පැවසූ සබොලොට්ස්කය චීනය, බ්‍රසීලය, ඊශ්‍රායලය ඇතුළු රුසියාවේ යෝජනාවට සහයෝගයට ඡන්දය දුන් සැමට කෘතඥතාව පළ කරමින් අදහස් දැක්වීය.
කෙසේ වුවද රුසියාව 2021 දී මෙම යෝජනාව එකසත් ජාතීන් වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී එක්සත් ජනපදය සහ යුක්රේනය යන රටවල් දෙක පමණක් විරුද්ධ වූ අතර තවත් රටවල් 49 ක් ප්‍රධාන වශයෙන් වොෂින්ටනයේ සහචරයින් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. කෙසේ වෙතත්, 2022 දී,එම රටවල් ඡන්දය දීමෙන් වැළකී සිටීම වෙනුවට, ජර්මනිය, ඉතාලිය, ඔස්ට්‍රියාව සහ ජපානය අක්ෂයට අයත් රටවල් ඇතුළු සාමූහික බටහිරයන් ප්‍රථම වරට රුසියානු යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළහ. https://www.rt.com/news/589356-unga-anti-nazism-resolution/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්