News Category
From Date
To Date
Maximum Number of Result

අප මේ එළඹ සිටින්නේ පසුගිය "වසර සියය" ඇතුළත ලෝකය මුහුණ දෙන භයානකම සහ තීරණාත්මකම කාල පරිච්ඡේදයටයි..

Apr 6, 2026 at 09:41 AM
|

අද අපේ රටේ ගෘහස්ථ ගෑස් සිලිඩර් මිල විශාල ප්‍රතිශතයකින් වැඩි වුණා. මේවා අහද්දී දකිද්දී තවම හුඟක් දෙනෙක් හිතාගෙන ඉන්නේ "තව ටික දවසකින් මේ ප්‍රශ්න ඉවර වෙයි, අපට ආයෙත් පරණ පුරුදු ජීවිතයට යන්න ලැබෙයි" කියල. එහෙම වෙනවා නම් කොච්චර හොදද?  මුලින්ම කියනවා ඒ නිසා මේ ලිපිය කියවලා කලබල වෙන්න එපා කියල. මම මේ ලියන්නේ ලෝකයේ ප්‍රකට ආර්ථික, දේශපාලන හා යුධ විචාරකයෙක් වෙන ජියෑං යුයිචින් පවසන "හාත්පසින්ම වෙනස් කතාව" ගැන.  

ඇත්තටම මම මේ ලිපිය ලිව්වේ අද නෙවෙයි. ඉරානයේ අද වුණු සිදුවීමක් ගැන තොරතුරු හොයන අතර තමයි මෙහෙ ගෑස්, ගෑස් පෙන්නුවේ! එතකොටම මට මතක් වුණේ  යුයිචින් කියපු බියකරු පුරෝකථනය.. 

ඔහු පවසන පරිදි 2026 වසරේ අප මේ එළඹ සිටින්නේ පසුගිය "වසර සියය" ඇතුළත ලෝකය මුහුණ දෙන භයානකම සහ තීරණාත්මකම කාල පරිච්ඡේදයටයි. මෙය කිසිසේත් තාවකාලික අර්බුදයක් නෙවෙයි. මේ අප දන්නා ලෝකයේ අවසානයයි. ඔබ තවමත් "සිහින  ලෝකයක" ජීවත් වෙනවා නම්, මේ සටහන ඔබව ඒ හීනයෙන් ඇහැරවන්නට සමත් වේවි. 

පසුගිය දශක කිහිපය තුළ ලෝකය පාලනය කළේ එකම එක බලවතෙක්. ඒ ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර සන්ධානය. හැබැයි ජියෑං පවසන්නේ, ඒ "ඒකපාර්ශ්වීය මොහොත" දැන් අවසන් වී ඇති බව. මැද පෙරදිග ඇවිලෙන ගිනිදැල්, යුක්රේන - රුසියානු අර්බුදය මේ සියල්ල "නිකම්ම නිකම්" ගැටුම් නෙමෙයි. මේවා පවතින ලෝක ක්‍රමය කඩාවැටීමේ ලක්ෂණ! 

කවුරුහරි හිතනවා නම්, ලබන සතියේ ට්‍රම්ප් ඇවිත් සාමය ඇති කරයි කියලා.. නැත්තම් රටවල් හෙම්බත් වෙලා යුද්ධ නතර කරයි කියලා, එයා ඉන්නේ මිරිඟුවක් පසුපස. ලෝකය දැන් ගමන් කරමින් ඉන්නේ කිසිවෙකුට තනිව පාලනය කළ නොහැකි, අතිශය සංකීර්ණ සහ අවිනිශ්චිත අනාගතයකට.

ඒ අනාගතයේ දකින්න ලැබෙන ප්‍රධානම වෙනස තමයි "නගරකරණය" ආපසු හැරවීම. අද හැමෝම හඹායන්නේ ඩිජිටල් හීන පස්සේ. ක්‍රිප්ටෝ කරන්සි, අන්තර්ජාල රැකියා, වායුසමනය කළ කාර්යාල තමයි, හැමෝගෙම ඉලක්කය.. හැබැයි ජියෑං දැඩිව කියන්නේ අනාගතයේදී මේවායින් වැඩක් නැති වෙන බව! 

ඔහුගේ අනාවැකියට අනුව, ඉදිරි වසර 10-20 ඇතුළත මිනිසුන්ට බලහත්කාරයෙන් මෙන් නගර අතහැර ගම්බිම් බලා යන්නට සිදුවේවි. ඇයි එහෙම වෙන්නේ? ඔය අද වුණ ගෑස් මිල වැඩිවීම වගේ ඉදිරියට එන දරුණු බලශක්ති අර්බුද සහ ඊටත් වඩා බියකරු ආහාර හිඟය නිසා..

එහිදී නගරවල ජීවත්වෙන අයට අත්විඳින්නට සිදුවන්නේ කුරිරු  ජීවන අරගලයකි.  දැන් "අන්තර්ජාලයේ සල්ලි හම්බ කරන්නේ කොහොමද හොයන එක නතර කරලා.. එළදෙනකගෙන් කිරි දොවන්නේ කොහොමද?  කුකුළෙක් මරා ගන්නේ කොහොමද? එළවළු ටිකක් වගා කරගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න"යි කියමින් ඔහු අනතුරු අඟවයි. 

මන්ද තාක්ෂණය අභිබවා මූලික කෘෂිකාර්මික කුසලතා ඉස්මතු වන යුගයක් ඉදිරියේදී නිර්මාණය වෙනවාමයි. ජියෑං පවසන 'De-urbanization' හෙවත් නගර අතහැර යාම පිළිබඳ හොඳම උදාහරණය අපේ රටයි. 2022 වසරේ ඇති වූ ආර්ථික කඩා වැටීමත් සමඟ කොළඹ සහ තදාසන්න නගරවල ජීවත් වූ බොහෝ දෙනෙක් අත්විඳි යථාර්ථය මතකද? 

ඉන්ධන හිඟය සහ විදුලිය විසන්ධි වීම නිසා, නගරයේ මහල් නිවාසවල ජීවත් වීම අතිශය දුෂ්කර විය. බොහෝ පිරිස් තාවකාලිකව හෝ ස්ථිරව තම ගම්බිම් බලා ගියේ, එහිදී අවම වශයෙන් දර ලිපක් පත්තු කරගෙන, වත්තේ පිටියේ හැදෙන දෙයක් කාලා ජීවත් විය හැකි නිසාවෙනි. 

ඒ අප දුටුවේ ජියෑං පවසන "නගරයෙන් ගමට" යාමේ ප්‍රවණතාවයේ "Preview" එකකි. අනාගත ගෝලීය බලශක්ති අර්බුදයේදී මෙය මහා පරිමාණයෙන් ලෝකය පුරාම සිදුවනු ඇති බව ඔහුගේ මතයයි.

ජියෑං පවසන "කිරි දොවන්න, ගොවිතැන් කරන්න ඉගෙන ගන්න" යන උපදේශය සැබෑවක් වූ අවස්ථාවක් ලෙස කියුබාවේ ඉතිහාසය දැක්විය හැකියි. 1990 දශකයේ සෝවියට් දේශය බිඳ වැටීමත් සමඟ කියුබාවට ලැබුණු තෙල් සහ පොහොර සැපයුම "එකවර" නතර විය. එහිදී කියුබානු ජනතාවට අත්විඳින්නට සිදු වූයේ ජියෑං පවසන ආකාරයේම අත්දැකීමකි.  

නගරවල සිටි වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් පවා, තමන්ගේ ගෙවත්තේ එළවළු වගා කිරීමටත්, සතුන් ඇති කිරීමටත් පෙළඹුණි! ට්‍රැක්ටර් වෙනුවට නගුල් සහ ගොනුන් භාවිතා කිරීමට ඔවුන්ට සිදු විය. අද අප තාක්ෂණය ගැන පුරසාරම් දෙඩුවද, මූලික පැවැත්ම සඳහා කෘෂිකාර්මික දැනුම කෙතරම් වටිනවාද යන්නට කියුබාවේ ඒ කතාව කදිම නිදසුනකි. 

ජියෑං පවසන 'නගර අතහැර යාම' චීනයට නම් අලුත් දෙයක් නොවේ. මාවෝ සේතුංගේ "තරුණ පරපුර ගමට යැවීමේ" ව්‍යාපාරය එහි මූලාරම්භයයි. එහි එක කම්කරුවෙක්, "ඇයි මම නගරයේ ජීවිතය අතහැරලා කුඹුරට යා යුත්තේ?" 

චීන දේශපාලන උපදේශකයෙක් "සහෝදරයා, නගරය කියන්නේ පරපෝෂිත පද්ධතියක්. එය රඳා පවතින්නේ බාහිර සැපයුම් මතයි. නමුත් පොළොව යනු සැබෑ ශක්තියයි. අනාගත කුණාටුවෙන් බේරීමට නම්, අප නැවතත් නිෂ්පාදනයේ මුල් වෙත යා යුතුයි."

ඔහු කියන ඊළග කාරණය මීට වඩා බරපතලයි. ජියෑං කියන්නේ අනාගත ලෝකය සාමකාමී තැනක් වෙයි කියලා ඔයා හිතනවා නම්, ඒක ලොකු වැරදීමක් කියල.. අනාගත ලෝකය විග්‍රහ කිරීමට ඔහු චීන ඉතිහාසයේ එන "සටන්කාමී රාජ්‍ය යුගය" උදාහරණයට ගනී. 

අනාගතයේදී බලවතුන් අතර ස්ථිර සතුරන් හෝ ස්ථිර මිතුරන් නොසිටිනු ඇත. සෑම රටක්ම තමන්ගේ දේශසීමා ආරක්ෂා කරගන්න, තමන්ගේ සම්පත් රැකගන්න දැඩි උත්සාහයක නිරත වේ. 

රුසියාව, චීනය සහ ඇමරිකාව දැනටමත්, තම මිලිටරි ශක්තිය උපරිම කරමින් සිටින්නේ මේ එළඹෙන මහා කුණාටුවට සූදානම් වීමටයි.  මෙහිදී "ජාතිකත්වය" කියන සංකල්පය ඉතාම ප්‍රබල ලෙස ඉස්මතු වේ. 

තමන්ගේ රට වෙනුවෙන් සටන් කිරීමට සූදානම්, තම දේශය ගැන දැඩි භක්තියක් ඇති තරුණ පරපුරක් සිටින ජාතීන් පමණක් මේ අර්බුදයෙන් ජය ගනී. ලෝකය පුරාම "නව මිලිටරිවාදයක්" ඇතිවීමත් සමඟ, තරුණ පිරිස් වලට යුද බිමට පිවිසීම අනිවාර්ය වනු ඇත. 

අනාගතයේදී සම්පත් වෙනුවෙන් යුද්ධ ඇතිවීම වැළැක්විය නොහැකියි. ජලය, ආහාර සහ බලශක්තිය වෙනුවෙන් රටවල් එකිනෙකා මරාගන්නා යුගයක් ගැන ජියෑං මතක් කරන්නේ, බියකරු චිත්‍රයක් මවමින්. 

ඉදිරියේදී සම්පත් හිඟකම නිසා, සාගින්න නිසා ඇතිවන මිනිස් සංහාර වැනි හුදෙක් අපි කියවු ඉතිහාස පොත් වල සිදුවීම් එම පොත් පිටු වලට සීමා නොවී, අපේ ඇස් පනාපිටම අත්විඳින්නට ලැබෙන කටුක යථාර්ථයන් වනු ඇත. 

ඉතිහාසය දෙස බැලුවහොත්, සම්පත් වෙනුවෙන් රටවල් ඕනෑම බිහිසුණු දෙයක් කරන බව පැහැදිලියි. 1990 ගණන්වල ඉරාකය කුවේටය ආක්‍රමණය කළේ තෙල් නිසායි. වර්තමාන යුක්රේන රුසියානු යුද්ධය පිටුපසද බලශක්ති හා දුර්ලභ ඛණිජ සම්පත පවතී. 

ජියෑං පෙන්වා දෙන පරිදි ඉදිරියේදී "ජලය" වෙනුවෙන් ඉන්දියාව, පකිස්ථානය සහ චීනය වැනි රටවල් අතර ගැටුම් ඇතිවීමේ අවදානම අතිශය ඉහළය. ඔහු පවසන "මිලිටරි සූදානම් වීම" ගැන ලෝකයටම පාඩමක් උගන්වන්නේ ස්විට්සර්ලන්තයයි. 

"මොනවා ස්විට්සර්ලන්තය?"

ඔව්, ස්විට්සර්ලන්තය ඉතා සාමකාමී රටක් ලෙස පෙනුනද, එහි සෑම නිවසකම පාහේ බෝම්බ වලින් ආරක්ෂා විය හැකි බංකර් ඇත. එසේම සෑම පුරවැසියෙකුටම හමුදා පුහුණුව අනිවාර්ය වේ. 

"යුද්ධයක් ඇති නොවනු ඇත" යන මිථ්‍යාවේ ජීවත් නොවී, ඕනෑම මොහොතක යුද්ධයක් ඇති විය හැක යන යථාර්ථය මත පදනම්ව ඔවුන් තම රට ගොඩනගා ඇත. අනාගත බිහිසුණු යුගයට මුහුණ දීමට නම්, අප සතුව තිබිය යුතු "මානසිකත්වය" එය බව, ජියෑං දැඩිව අවධාරණය කරයි.

අපි අද ජීවත් වෙන්නේ ඛනිජ තෙල් පදනම් වූ ලෝකයකය. හැබැයි තෙල් සම්පත නැති වූ විට කුමක් සිදුවේද? මානව ඉතිහාසය දෙස බැලුවොත්, තෙල් සොයා ගැනීමට පෙර, ලෝකයේ "ලාභදායී බලශක්තිය" වුණේ මිනිස් ශ්‍රමයයි.  පිරමිඩ තැනීමේ සිට වතු වගාවන් දක්වා සියල්ල සිදු වූයේ වහල් ශ්‍රමයෙනි. 

ජියෑං පවසන අතිශය සංවේදී සහ බිහිසුණු කරුණක් වන්නේ, බලශක්ති අර්බුදය හමුවේ, ලෝකය නැවතත් "වහල්භාවය" වැනි අඳුරු යුගයන් කරා තල්ලු වීමට ඉඩක් ඇති බවයි. මෙය ඇසීමට පවා අප්‍රිය වුවත්, අප සූදානම් විය යුතු යථාර්ථය එයයි. 

සමාජය ස්ථර දෙකකට බෙදෙන අතර, ඉහළ මට්ටමේ සිටින පිරිසට සියලු වරප්‍රසාද ලැබෙන විට, බහුතරයකට "නවීන වහලුන්" ලෙස ජීවත් වීමේ අත්දැකීමට මුහුණ දීමට සිදු වනු ඇත. එය කිසිසේත්ම ප්‍රියජනක අනාගතයක් නොවන බව ඔහු අවධාරණය කරයි. 

තවද ජියෑංගේ විග්‍රහයට අනුව අනාගතයේදී ලෝකයේ බලවතුන් අතර අමුතු ආකාරයේ සන්ධාන ඇති විය හැකියි. රුසියාව සහ ජර්මනිය... දැනට මොවුන් සතුරන් ලෙස පෙනී සිටියත්, ඉදිරි වසර කිහිපයකින් පසු මොවුන් එකට අත්වැල් බැඳගනු ඇත. එයට හේතුව යුද්ධයට වඩා, එකට වැඩ කිරීමෙන් දෙපාර්ශ්වයටම වාසි සැලසීමයි. 

ඊශ්‍රායලය සහ ඉරානය... පුදුමයි නේද? අද මරාගන්නා මේ දෙරට, ඇමරිකාව මැද පෙරදිගින් ඉවත් වූ පසු එකඟතාවයකට එනු ඇතැයි ඔහු පවසයි. අදත් ඊශ්‍රායලයෙන් පිටත, මැදපෙරදිග කලාපයේ වැඩිම යුදෙව් ජනගහනයක් වෙසෙන්නේ ඉරානයේයි. ඔවුන් එහි ඉතා ගෞරවනීය ලෙස ජීවත් වන බවත් ඔහු උදාහරණ ලෙස පෙන්වා දෙයි. 

ඇමරිකාව මැදපෙරදිගින් ඉවත් වූ පසු මේ පැරණි ඓතිහාසික බැඳීම නැවත මතු වී ඔවුන් කලාපය බෙදාගෙන පාලනය කිරීමට පෙළඹෙනු ඇති බව ඔහුගේ මතයයි. ජියෑං පවසන පරිදි ඉරානය සහ ඊශ්‍රායලය අනාගතයේදී එකඟතාවයකට පැමිණීම, චීන "එක් මාවතක් - එක් මාවතක්" ව්‍යාපෘතියේ සාමකාමී පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයකි. එය චීනයේද කැමත්තයි.

ජපානයේ වෙනස? ජපානය වැනි රටවල් මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ ජනගහනය වයස්ගත වීමයි. බලය සහ ධනය සියල්ල ඇත්තේ මහල්ලන් අතේය. මහාචාර්යවරයා පවසන්නේ ජපානයේ වැඩිහිටියන් ස්වේච්ඡාවෙන්ම තරුණයින්ට බලය පවරා දෙනු ඇති බවයි. 

නමුත් අනෙකුත් රටවල මේ බලය හුවමාරු වන්නේ ලේ වැකි යුද්ධ හරහා පමණි. මෙය ලෝකයේ අනෙක් රට වලට නැති ජපානයට පමණක් ආවේණික වූ ඓතිහාසික හා සංස්කෘතික ලක්ෂණයක් ලෙස ඔහු හඳුන්වයි. 

ඇමරිකාව කියන්නේ ලෝකයේ වැඩිම සම්පත් ප්‍රමාණයක් සහ නිර්මාණශීලී මිනිසුන් සිටින රටක්. ජියෑං පවසන්නේ ඇමරිකාව මේ අර්බුද වලින් විනාශ නොවන බව. ඇමරිකාව විනාශ නොවී පවතින්නේ කොහොමද? 

හේතුව සරලයි. ඇමරිකාව දෙපසින් සාගර දෙකකින් ආරක්ෂා වී ඇත.  උතුරින් කැනඩාව සහ දකුණින් මෙක්සිකෝව යන රටවල් දෙකම ඇමරිකාවේ පාලනයට හෝ බලපෑමට නතු වී ඇති නිසා, බාහිර ආක්‍රමණ වලින් තොරව ආරක්ෂිතව සිටීමේ ඓතිහාසික වාසිය ඔවුන්ට හිමි බව ඔහු පෙන්වා දෙයි. 

නමුත් ඇමරිකාවට තමන්ගේ පැවැත්ම වෙනුවෙන් නව අනන්‍යතාවයක් අවශ්‍ය වනු ඇත. ඔවුන් අද පවතින "ලෞකික" පාලන ක්‍රමයෙන් ඉවත් වී, ක්‍රිස්තියානි ආගමික පදනමක් සහිත දැඩි ජාතිකවාදී රාජ්‍යයක් දක්වා පරිවර්තනය වනු ඇති බව ඔහුගේ මතයයි.

මේ සියලු කරුණු ඇසෙන විට ඔබට බියක් දැනෙන්නට පුළුවන්. නමුත් ජියෑං පවසන්නේ මෙය බිය වීමට කාලය නොව, "සූදානම් වීමට" කාලය බවයි. මනස විවෘතව තබා ගන්න.

ඔබ පාසලේදී විශ්ව විද්‍යාලයේදී ඉගෙන ගත් දේ හෝ අද රූපවාහිනියේ දකින දේ හෙට දවසේදී සත්‍ය නොවනු ඇත. ලෝක දේශපාලනය ඕනෑම මොහොතක වෙනස් විය හැකියි. අද මිතුරා හෙට සතුරා විය හැකියි. ඩිජිටල් ලෝකය මතම යැපෙන්නේ නැතිව, පොළොවේ පය ගසා ජීවත් විය හැකි ශිල්ප ක්‍රම හදාරන්න. 

ආහාර නිෂ්පාදනය, ස්වයංපෝෂිත වීම අනාගතයේදී රන් වලට වඩා වටිනු ඇත. ජියෑං පවසන්නේ මෙවැනි අර්බුදකාරී කාලයකදී ආගමික හෝ අධ්‍යාත්මික පදනමක් තිබීමත්, මිනිසාගේ මානසික පැවැත්මට ඉතා වැදගත් වන බව. 

භෞතික දේවල් අහිමි වීම ගැන බිය නොවන්න. ඒවා කිසිදා ඔබට අයිතිව තිබුණේ නැත. සොබාදහමේ සෘතු විපර්යාසයන් මෙන්, ලෝක විපර්යාස ද පිළිගන්න. අවසාන වශයෙන්.. ලෝකය වෙනස් වෙමින් පවතී. අපට එය නැවැත්විය නොහැක. අපට කළ හැක්කේ ඒ වෙනස් වන ලෝකයට අනුව හැඩගැසීම පමණි. 

තාඕ දර්ශනයට අනුව, ලෝකය පාලනය වන්නේ ප්‍රතිවිරුද්ධ බලවේග දෙකක එනම්, යිං හා  යැං  සමබරතාවයෙනි. අධික ලෙස තාක්ෂණය සහ භෞතිකවාදය පසුපස හඹා ගිය "යැං" ලෝකය දැන් නැවතත් නිහඬතාවය සහ සරල බව නම් "යිං" දෙසට ගමන් කරමින් සිටී. 

ඔබ තවමත් පරණ ලෝකය එනතුරු බලා සිටිනවාද? නැතිනම් මේ එළඹෙන අලුත්, අභියෝගාත්මක ලෝකයට මුහුණ දෙන්න ශක්තිමත් වෙනවාද?  "පරණ ලෝකය ආයෙත් එයි කියලා හිතන්න එපා. අලුත් ලෝකයකට සූදානම් වෙන්න" යන්න ජියෑංගේ ඒකායන  පණිවිඩයයි.  

ජියෑං පවසන ඒ රළු අනාගතයට සූදානම් වීමට තාඕ දහමේ එන "Wu Wei" (වෑයමකින් තොර ක්‍රියාව) සංකල්පය කදිම උදාහරණයකි. ලෝකයම යුද්ධයට යන විට, ඔබ පමණක් සාමය සොයා සටන් නොකරන්න. ලෝකයම නගර අතහැර යන විට, ඔබත් ඒ ගමනට අනුගත වන්න. මන්ද අපට අත්විඳින්නට ලැබෙන අනාගතය තීරණය වන්නේ අප කෙතරම් දුරට ඒ වෙනසට හැඩගැසීමට සූදානම්ද යන්න මතයි. 

සතුටින් සිටින්නේ විශ්වීයේ  ගලායාමට බාධා නොකර, ඒ ශක්තිය මත "සර්ෆින්" කරන පුද්ගලයායි. අපේ මුතුන් මිත්තන් සතුව තිබූ, ඕනෑම අර්බුදයකදී නොසැලී සිටීමේ ශක්තිය සහ පොළොව සමඟ ඇති බැඳීම අප නැවත ඇති කරගත යුතුයි. 

ස්වයංපෝෂිත විය හැකි ඕනෑම ශිල්පයක් (ගොවිතැන, සත්ත්ව පාලනය, මූලික ඉංජිනේරු ශිල්ප) රන් වලට වඩා වටිනු ඇත. අර්බුදය පැමිණි පසු සිතීමට කාලයක් නැත. සූදානම් වීම යනු, අද දවසේ කළ යුතුම දෙයයි. තනිව සටන් කළ නොහැකි යුගයක් ඉදිරියේ ඇත. විශ්වාසවන්ත, එකම අරමුණක් ඇති පිරිසක් ගොඩනගා ගන්න. 

මන්ද හෙට දවසේ සැබෑ මුදල් ඒකකය "විශ්වාසය" සහ "සහයෝගීතාවයයි" අමතක නොකරන්න, ඉතිහාසය ලියවෙන්නේ බලවතුන්ගේ අතින් නොවේ. එය ලියවෙන්නේ කාලයේ වෙනස්වීම හඳුනාගෙන ඒ අනුව හැඩගැසෙන විනයගරුක මිනිසුන් අතිනි. අද ගෑස් මිල, පෙරදා තෙල් මිල මේ පෙරහැරේ කසකරුවන්ය. සබද, ඔබ නොදැකිය යුතුම පෙරහැර පැමිණෙමින් ඇත!

(සාගර දියගම ගේ මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.