ආණ්ඩුව රැකගන්න අවශ්‍ය වුනොත් පාරට බැහැලා එම වගකීම ඉටු කරන්න ජනතාව සූදානමින් ඉන්නවා..- ටිල්වින් කියයි
ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය වුවහොත් පාරට බැස හෝ එම වගකීම ඉටු කිරීමට ජනතාව සූදානම් බවත්, ඒ පිළිබඳ පූර්ණ විශ්වාසයක් පවතින බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
වවුනියාවේ පැවති 53 වන අප්‍රේල් විරු සමරු උත්සවය අමතමින් ඔහු මේ බව අවධාරණය කළේ විපක්ෂයේ වත්මන් ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමිනි.
ශ්‍රී ලංකාවේ වත්මන් විපක්ෂය වැනි විපක්ෂයක් ලෝකයේ වෙනත් කිසිදු රටකින් දැකගත නොහැකි බවත්, ඔවුන් රටට සැබෑ සාපයක් වී ඇති බවත් ලේකම්වරයා සඳහන් කළේය.
ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාව සංවිධානය කර බලය ලබා ගැනීමට උත්සාහ කරනවා වෙනුවට, විපක්ෂය සැමවිටම බලා සිටින්නේ කුමන්ත්‍රණ මගින් හෝ රටට විපතක් සිදුවන තෙක් බව ඔහු චෝදනා කළේය.
ජාතික ජන බලවේගය 3% ක ඡන්ද ප්‍රතිශතයක සිට ආරම්භ කර, ජනතාව අතරට ගොස් ඔවුන් දැනුවත් කරමින් විශාල වෙහෙසක් දරා බලය ලබාගත් බව සිහිපත් කළ ටිල්වින් සිල්වා මහතා, විපක්ෂයට ජනතාව සංවිධානය කර පාරට බැස්සවීමට පවා නොතේරෙන බව ප්‍රකාශ කළේය.
විපක්ෂය විසින් වරින් වර දෙසැම්බර් සහ අප්‍රේල් මාසවල ආණ්ඩුව පෙරළෙන බවට දින වකවානු ලබා දුන්නද, ජනතාව පාරට බසින්නේ ආණ්ඩුව පෙරළීමට නොව එය රැකගැනීමට බව ඔහු වැඩිදුරටත් පැවසීය.
තෙල් හිඟයක් නොමැති අවස්ථාවල පවා කෘතිම පෝලිම් නිර්මාණය කරමින් ජනතාව කුපිත කිරීමට විපක්ෂය උත්සාහ කළ බවත්, පාස්කු ප්‍රහාරය සහ මහ බැංකු වංචාව වැනි සිදුවීම්වල මහ මොළකරුවන් ආරක්ෂා කිරීමට පොත් ලියූ පිරිස් අද විපක්ෂයේ සිටින බවත් ඔහු අනාවරණය කළේය.
සමාජ මාධ්‍ය හරහා සිදුකරන අවලාද, බොරු ප්‍රචාර හෝ පුද්ගල අපහාස මගින් තම ව්‍යාපාරයේ ගමන නැවැත්විය නොහැකි බව ටිල්වින් සිල්වා මහතා අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..