සෞඛ්‍ය ඇමති නලින්දට හෙට උදේ 8 වෙනතුරු කල්දෙන බව GMOA කියයි..
වෛද්‍ය වර්ජනය අවසන් කිරීම සඳහා සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට හෙට (06) උදෑසන 8 වන තුරු කල් ලබා දෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
අමාත්‍යවරයා අදාළ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැලිකමක් දක්වන බවත් ඒ නිසාවෙන් වර්ජන ක්‍රියාමාර්ගය දිග්ගැස්සෙන බවත් පවසන එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේ අමාත්‍යවරයාගේ එකඟත්වය මත වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳ තීරණය කිරීමට තම සංගමය සුදානම් බවය.
එමෙන්ම අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට ප්‍රමාද වීම හරහා අගතියට පත්වන්නේ රෝගී ජනතාව වන බව ද ඒ මහතා සඳහන් කර සිටියේය.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයාට හෙට උදෑසන 8ට පෙර මේ සඳහා අවශ්‍ය මැදිහත්වීම සිදු කරන ලෙසට ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දන්වා සිටී.
වෛද්‍යවරුන්ගේ පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීමේ ලැයිස්තුව සහ සේවා ස්ථාන මාරු ලැයිස්තුව දේශපාලනීකරණය කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා මැදිහත්වන බව පවසමින් ඊට විරෝධය පා රජයේ වෛද්‍ය නිලධාරීන් ආරම්භ කළ වැඩවර්ජනය අදත් ක්‍රියාත්මක කෙරුණි.
වර්ජනය හෙට පෙරවරු 8 දක්වා ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම අද පස්වරුවේ ප්‍රකාශ කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා