දැවැන්ත සමාජ ආර්ථික අර්බුදයකට පියමනින ලංකා රාජ්‍ය අස්ථාවර කල හැකි සියලු විදේශීය ඒජන්තයන් නිතිය හමුවට පැමිණවිය යුතුයි - සංඛ චන්දිම අභයවර්ධන
දැවැන්ත සමාජ ආර්ථික අර්බුදයකට පියමනින ලංකා රාජ්‍ය අස්ථාවර කල හැකි සියලු විදේශීය ඒජන්තයන් නිතිය හමුවට පැමිණවිය යුතු බව සංඛ චන්දිම අභයවර්ධන මහතා සිය සමාජ මාධ්‍ය පිටුවේ සටහනක් තබමින් පවසා තිබේ.
අදාළ සටහන පහළින්..
දැවැන්ත සමාජ ආර්ථික අර්බුදයකට පියමනින ලංකා රාජ්‍ය අස්ථාවර කල හැකි සියලු විදේශීය ඒජන්තයන් නිතිය හමුවට පැමිණවිය යුතුය..
පහත ජායාරුපය දෙස බලන්න. මේ ලංකාවේ ජීවත් වන ඊශ්‍රායලයට සේවය කිරීම තම එකම අරමුණ කරගත් තැනැත්තියකගේ ක්‍රියාවන් ඊශ්‍රායල මාධ්‍ය අගය කර ඇති අයුරු.
කවුරු කෙසේ කිවත් 2022 වසරේ ලංකාවේ සිදුවුයේ පිඩනයට පත්ව සිටි ජනතාවගේ අසහනය තුලින් ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඔවුන්ගේ පාර්ශවකරුවන් රාජ්‍ය විනාශ කිරීමට දරන ලද උත්සාහයකි. එයට අප පොදුවේ අරගලය කියා ව්‍යවහාර කරමු. 2022 මාර්තු මස ලංකාව බංකොලොත් බවට පත්කරන විට ඒ සදහා තිරය පිටුපස සිට විශාල කාර්යක් ඉටුකරන ඉන්දියාව අපට උදව් කරනවා යයි කියමින් 2022 වසරේම අගෝස්තු මස ලංකාව මෙන් කිහිප ගුණයක් විශාල අපගේ මහද්වීපික තටාකයේ අයිතිය තහවුරු වීම එක්සත් ජාතීන්ගේ සංවිධාන තුළ වැළක්විය. ඔවුන්ගේ ලේ ගංගාවක් මතින් ලංකාව සොමලියාවක් කිරීමේ උත්සාහය මහජන සහාය හීන වීම නිසා අසාර්ථක විය. එයින් උගත් පාඩම් මත අසාර්ථක නොවන පරිදි නේපාලයේත් බංගලාදේශයේත් ඔවුන් රජයන් පෙරලා දැමුවේය.
නමුත් ප්‍රධාන ඉල්ලකය තවමත් ලංකාව බව පැහැදිලිය. පෙර කළ වැරදි නැවත සිදු නොවන්නට ඔවුන් වග බල ගනු ඇත. ඉරානය යුද්ධයෙන් පරාජය වුවහොත් මේ සොමලියාවක් කිරීමේ ව්‍යාපෘතිය වඩාත් වේගයෙන් අප කරා එනු ඇත. අවාසනාවකට මේ තත්වය දුර තබා දුටු අපගේ අනතුරු හැගවීම් නොතකා රටම බලශක්ති අර්බුදයක සිර කල මහා ගල් අගුරු මංකොල්ලය ඉදිරියට ගෙන යාමට මාළිමා ආණ්ඩුව ක්‍රියා කළේය. අද තෙල්, සහ විදුලිය පමණක් නොව, පොහොර සහ ගොවිතැනට පමණක් නොව බිමට ජලය පවා හිඟ වන තත්වයකට අප පත්වෙමින් ඇත. ගල් අගුරු හොරකම හරහා මග පාදා ගත් ඩිසල් විදුලි මංකොල්ලය තවත් වර්ධනය කිරීමේ අරමුණෙන් ජල විදුලි බලාගාර වල ධාරිතාවය පහල හෙලීම අප ඉදිරි මාස කිහිපය තුල දරුණු අර්බුදයකට හෙලනු ඇත.
එවන් අර්බුදයකදී ලංකාවේ දැනටම නිදහසේ සිටින බවට ප්‍රකාශිත ISIS පුහුණුව ලැබූ ත්‍රස්තයන් 300කට අසන්න ප්‍රමාණයක් සිංහල සමාජයේ මුස්ලිම් අන්තවාදයට එරෙහිව පවතින දැවැන්ත විරෝධයත් දඩමීමා කරගෙන දැනටම රට තුල තදින් ක්‍රියාත්මක වන ඊශ්‍රායල ඔත්තුසේවා ඒජන්තයන් හරහා නිවිය නොහැකි ගින්නක් ඇතිකළ හැක. පසුගියදා ප්‍රකාශ වුයේ පාස්කු ප්‍රහාරය එල්ලකරන ලද ත්‍රස්තයන්ගේ එක ඉල්ලක්කයක් වීමට නියමිතව තිබුනේ දළදා පෙරහැර බවයි. අප ගණිතමය පුරෝකථනයන් හරහා නිරීක්ෂණය කලේ මේ වසරේදී බලශක්ති, පොහොර සහ ජල අර්බුදය උග්‍රව පත්වන්නේ මැයි මස සිට අගෝස්තු මස අවසානය දක්වා කාලය තුළ බවයි. මෙහි උපරිමය ජුලි මස අවසානයේ සිට අගෝස්තු මස දක්වා විහිදීමට නියමිතය. ඉරානයට එරෙහි යුද්ධය නිසා මේ තත්වය තවදුරටත් වර්ධනය වීමට නියමිතය. මෙම කාලය උතුම් දළදා පෙරහැර ඇතුළු සිංහල බෞද්ධ සංස්කෘතික උළෙල ගණනාවක් පැවැත්වෙන අති සංවේදී කාලයකි.
මේ පසුබිමේ රට තුල කිසිම ගැටුමකට මුල පිරිය හැකි විදේශීය ඒජන්තයන් මෙන්ම ලංකාව තුල නිදහසේ සැරිසරනවා යයි කියල ISIS ත්‍රස්තයන්ද සියල්ල අත්අඩංගුවට ගත යුතුය. මේවනවිටත් ඊශ්‍රායලයට සේවය කිරීම තම මුඛ්‍ය අරමුණ ලෙස ප්‍රකාශ කර ඇති, ඊශ්‍රායලයට යටත් රජයක් ලෙස ශ්‍රී ලංකාව පත්කිරීමට ක්‍රියාකරන බව පැහැදිලිවම නිරීක්ෂණය කල හැකි ෂේනුකා ඉලන්ගසේකර නම් පුජකවරියත් තමන් ඊශ්‍රායල බුද්ධි අංශයේ යැයි අගවන ක්‍රිෂාන්ත රත්නවීර නැමැත්තාත් පිළිබද අප රහස් පොලිසියට පැමිණිලි කරන ලද්දේ පොලිසියට සහ රාජ්‍ය බුද්ධි සේවයට එකී පැමිණිල්ල භාවිත කරමින් මේ ශ්‍රී ලංකාව අස්ථාවර කල හැකි සියල්ලන් පිළිබද නිසි පරීක්ෂණයක් කිරීමට අවස්ථාව සලසන අරමුණිනි.
උතුරු නැගෙනහිර සිංහල සංවිධානය අටවාගෙන සිටි ක්‍රිෂාන්ත රත්නවීර නමැත්ත කොටි බුද්ධි අංශ සමග යම් සබදතාවක් පවත්වාගෙන ගියේද යන කාරණයත් මේ සමගම නිතිය පසිදලන ආයතන පරික්ෂා කල යුතුය.
මේ මොහොතේ වැදගත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් පිට කිසිම බල පෙරළියකට රටේ ඇතිවෙමින් යන ඉඩ ස්ථිරවම අහුරා දැමිය යුතුය. කිසිදු ආකාරයකට ලංකාවේ ඊශ්‍රායල කොලනි ඇතිවීමට ඉඩ නොදිය යුතුය.
1810 එවකට බ්‍රිතාන්‍ය අගවිනිසුරු ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් ගෙන ආ යුදෙව් කොලනියක් දකුණු ලංකාවේ ඇතිකිරීමේ යෝජනාව කිසිම අයුරකින් නැවත ක්‍රියාත්මක වීමට ඉඩ නොදිය යුතුය. මෙරට සිංහල බෞද්ධයා ඊළඟ පලස්තීන වැසියා බවට පත්වීමට කිසිදු ඉඩක් ලබා නොදිය යුතුමය. සියලු සිංහල බෞද්ධ ජාතිකවාදීන් මෙය තමන්ගේ පරම යුතුකමක් ලෙස සැලකිය යුතුය. විදේශීය රජයක අරමුදලින් යැපෙමින් ඔවුන්ට සේවය කිරීම තම අරමුණ යයි ප්‍රකාශ කරන කිසිවෙකුට ලංකාවේ දේශපාලන අයිතිය හිමි නොවිය යුතුය. ෂේනුකා ඉලන්ගසේකර සහ ක්‍රිෂාන්ත රත්නවීර කල්ලියේ ක්‍රියාකාරකම් දෙස අප විමසිල්ලෙන් බලා සිටිමු. එමෙන්ම රටේ බුද්ධි අංශ මොවුන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක වන ආකාරයද අප විමසිල්ලෙන් බලා සිටිමු.
- සංඛ චන්දිම අභයවර්ධන


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..