ලංකාවේ පාත් ෆයින්ඩර්ස් ලා රුසියාවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ වටමේස සාකච්ඡාවක
රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝගේ නායකත්වයෙන් යුත් රුසියානු දූත පිරිස, ශ්‍රී ලංකාවේ පාත්ෆයින්ඩර් පදනමේ පර්යේෂණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද වටමේස සාකච්ඡාවකට සහභාගී වූහ. එහිදී ජාත්‍යන්තර සහ කලාපීය න්‍යාය පත්‍ර අයිතම පිළිබඳ පුළුල් පරාසයක් සහ ද්විපාර්ශ්වික සම්බන්ධතාවයේ ඇතැම් අංශ සාකච්ඡා කරන ලද බවද පැවසේ.
එහිදී අදහස් දැක්වූ රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ අදහස් දක්වමින්, රුසියාව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් යෝජනා කරන ලද යුරේසියානු ආරක්ෂක මුලපිරීම ඉදිරියට ගෙන යන බව අවධාරණය කළේය.
එලෙසම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල ප්‍රතිසංස්කරණ සඳහා රුසියාව සම්පූර්ණයෙන්ම සහාය දක්වන නමුත් එම ප්‍රතිසංස්කරණ ප්‍රවේශමෙන් ඉදිරියට යන ලෙස ඉල්ලා සිටින බව පැවසීය. ජාත්‍යන්තර සබඳතා පාලනය කරන ආයතනවල පැහැදිලි ඛාදනයක් දැනට සිදුවෙමින් පවතින බව පැවසූ ඒ මහතා ඉරානය විසින් අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ප්‍රකෝප නොකළ අතර ඉරානය නීත්‍යානුකූල නොවන ප්රහාරයක ගොදුරක් බවද අවධාරණය කළේය. වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ මහතා ටෙහෙරානය ආත්මාරක්ෂාව සඳහා ඇති අයිතිය ක්‍රියාත්මක කරන බව අවධාරණය කළේය. රුසියානු සිවිල් යටිතල පහසුකම්වලට එරෙහිව ප්‍රහාර එල්ල කිරිම සඳහා යුක්රේනයට බුද්ධි තොරතුරු සපයන එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය මෙන් නොව මොස්කව් ටෙහෙරානය සමඟ බුද්ධි තොරතුරු බෙදා නොගන්නා බව රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යයවරයා පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ රුසියානු බලශක්ති සම්පත් සඳහා තාවකාලිකව සම්බාධක ඉවත් කිරීම ගෝලීය දකුණට අවස්ථාවක් සපයන නමුත් රුසියාව ස්ථානීය ගනුදෙනු වලට වඩා දිගුකාලීන හවුල්කාරිත්වයන් අපේක්ෂා කරන බවයි. රුසියාව ගන්න මෙම ප්‍රවේශය ගෝලීය බලශක්ති ආරක්ෂාව ශක්තිමත් කිරීමට දායක වනු ඇති බවද රුසියානු නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

සාමකාමී න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්රයේ අද්විතීය තාක්ෂණයන් සතුව තිබෙන සහ එම තාක්ෂණය ක්‍රියාකාරීව භාවිතා කරන එකම රාජ්‍යය රුසියාව වන අතර විශේෂයෙන්, පාවෙන න්‍යෂ්ටික බලාගාරයක් මගින් දැනට සයිබීරියාවේ ප්‍රදේශවලට විදුලිය සපයන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව පිළිබඳව නව වාර්තාව සම්බන්ධයෙන් ආචාර්ය සරත් වීරසේකරගෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත විවෘත ලිපියක්..
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන