පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් - ගම්මන්පිල හෙළි කරයි..
පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවේ මහ මොළකරු සහරාන් හෂිම් බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද(31) අවධාරණය කරයි.
ඔහු මේ බව සඳහන් කළේ ඔහු විසින් රචිත පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම කෘතිය ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
ඊයේ සවස මෙම ජනගත කිරීමේ උත්සවය පැවැත්වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රිපාල සිරිසේන ,ගෝඨාභය රාජපක්ෂ ,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු දේශපාලන පක්ෂ රැසක නායකයින් සහ නියෝජිතයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
සහරාන් හෂිම් විසින්ම පුපුරණ ද්‍රව්‍ය රැස් කිරීම, බෝම්බ නිෂ්පාදනය සහ අවි ආයුධ එක්රැස් කිරීම සිදු කර ඇති බවයි එහි දැක්වෙන්නේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ පුහුණු කඳවුරු පවත්වමින් මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ මනස ඒ සඳහා සකස් කර ඇත්තේ සහරාන් විසින් බව අනාවරණය වන බවයි.
බෝම්බ පිපිරවිය යුතු ස්ථාන සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන් කවුරුන්ද යන්න තීරණය කිරීමේ සම්පූර්ණ බලය සහරාන් සතු වූ බව මෙම කෘතියෙන් පෙන්වා දී ඇති බවද ගම්මන්පිල සදහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා මෙසේද ප්‍රකාශ කළේය.
"ප්‍රහාරයට අවශ්‍ය සියලුම තාක්ෂණික සහ ද්‍රව්‍යමය පහසුකම් සහරාන්ගේ මූලිකත්වයෙන් සපයාගෙන තිබෙනවා."
මෙම ප්‍රහාරය සඳහා අවශ්‍ය වූ පුපුරණ ද්‍රව්‍ය එක්රැස් කිරීම, මරාගෙන මැරෙන බෝම්බකරුවන් තෝරා ගැනීම සහ ප්‍රහාරක ඉලක්ක තීරණය කිරීම යනාදී සියලුම මූලික මෙහෙයුම් සහරාන් හෂීම් විසින්ම සිදු කර ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් මෙන්ම රුපියල් මිලියන 300කට අධික මූල්‍යමය ප්‍රතිපාදන ජාතික ජන බලවේගයට සම්බන්ධ දේශපාලනඥයෙකු වන මොහොමඩ් ඊබ්‍රහීම් විසින් සපයා ඇති බවත් ගම්මන්පිල මහතා එහිදී පෙන්වා දුන්නා.
ජාත්‍යන්තර අයි.එස්.අයි.එස් (ISIS) සංවිධානයේ ශ්‍රී ලංකා නායකයා ලෙස සහරාන් මෙම ප්‍රහාරය මෙහෙයවා ඇති බැවින් ඔහු හැර වෙනත් මහ මොළකරුවෙකු නොමැති බවත්, මේ සම්බන්ධයෙන් තමා සතුව අමෙරිකා එක්සත් ජනපදයේ අධිකරණයක් ඉදිරියේ ලබා දුන් දිවුරුම් ප්‍රකාශයක් පවා පවතින බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
උදය ගම්මන්පිල මහතාගේ කෘතිය මගින් සහරාන්ගේ සෘජු මැදිහත්වීම පිළිබඳ කරුණු රැසක් ඉදිරිපත් කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා