සතොස කැරම් බෝඩ් වංචා නඩුවේ නීතිපති ස්ථාවරය හදිසියේ වෙනස් වෙයි.. තෙවන විත්තිකරු මුදා හරී..
2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 39ක් වටිනා කැරම් බෝඩ් සහ දාම් ලෑලි බෙදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ ඊයේ (මාර්තු 30) නීතිපති දෙපාර්තමේන්තුව එතෙක් දැරූ දැඩි ස්ථාවරය හදිසියේම වෙනස් කරමින් කළ ඉල්ලීමක් මත නඩුවේ තෙවන විත්තිකරු වූ විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි මහතා මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.
ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා නඩුවෙන් මුදා හැරීම සඳහා නීතිපතිවරයා විසින් අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 194 වගන්තිය යටතේ ඉල්ලීම සිදුකළ අතර කෙසේ වෙතත්, මෙය 'නිදොස් කර නිදහස් කිරීමක්' නොවන බව මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා මෙහිදී අවධාරණය කළේය.
වඩාත් විශේෂ සිදුවීම නම් මෙම නඩුව මෙතෙක් මෙහෙයවනු ලැබූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා, විත්තිකරුවන් තිදෙනාම වගකිව යුතු බවට දැරූ ස්ථාවරය ඊයේ දින නීතිපති දෙපාර්තමේන්තුව විසින් අත්හැර දැමීමයි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් වෙනුවට අතිරේක සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණාරත්න මෙම නඩුවට මැදිහත්ව මෙසේ වෙනස් ස්ථාවරයක් ගෙන ඒම සම්බන්ධව නීති ක්ෂේත්‍රයේ ද දැඩි අවධානයක් යොමුව තිබේ.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ධුරය සඳහා වැඩිම ලකුණු ලබා සිටියදී එම පත්වීම මාධව තෙන්නකෝන් මහතාට අහිමි වීමත්, ඉන් පසු මෙම නඩුවේ ස්ථාවරය වෙනස් වීමත් පිටුපස කිසියම් අදෘශ්‍යමාන හස්තයක් ක්‍රියාත්මක වන්නේද යන්න කෙරෙහිද ඔවුන් අතර සැකසංකා මතුව තිබේ.
මේ අතර, තමන්ට එරෙහිව නැවත නඩු පැවරීම නීති විරෝධී බව පවසමින් හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු වෙනුවෙන් නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතා ද අධිකරණය ප්‍රතික්ෂේප කළේය.
අල්ලස් කොමිසම මීට පෙර නඩු පවරා තිබුණේ අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ වුවද, නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 170 වන වගන්තිය යටතේ රජයේ මුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් බව විනිසුරුවරයා පෙන්වා දුන්නේය.
චෝදනාවල සංඝටක එකිනෙකට වෙනස් බැවින් මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අධිකරණය තීන්දු කළ අතර නඩුව ජූනි මස 26 වනදා නැවත කැඳවීමට නියමිතය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..