News Category
From Date
To Date
Maximum Number of Result

විපක්ෂය කියනකම් ඉන්නේ ඇයි.. ගල් අගුරු චෝදනා තියෙන ඇමති ඉල්ලා අස්වෙන්න..- නාමල්

Mar 31, 2026 at 12:39 PM
|

බාල ගල් අඟුරු මෙරටට ගෙන්වූ බවට අමාත්‍යවරුන්ම මේ වන විට පිළිගෙන ඇති නමුත්, එම පාඩුව විඳීමට සිදුව ඇත්තේ අහිංසක ජනතාවට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

කොළඹදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, වත්මන් රජය බලයට පත්වීමට පෙර දූෂණ චෝදනා සහිත පුද්ගලයන් තමන් සන්තකයේ නොමැති බව පැවසුවද, වත්මන් බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව අධිචෝදනා ගොනු වී ඇති බවයි.

"රජයම පිළිගන්නවා ගෙන්වූ ගල් අඟුරු බාල බව. බඩු බාල නම් එහි වගකීම රජය භාරගත යුතුයි. නමුත් අද වෙලා තියෙන්නේ ඒ පාඩුව පියවා ගැනීමට ජනතාව මත බදු බර පැටවීමයි. මෙය කොතරම් දුරට සාධාරණද? ජනතා විමුක්ති පෙරමුණ බලයට එනකොට කිව්වේ ඔවුන් ළඟ හොරකම් කරපු හෝ චෝදනා තියෙන කවුරුත් නැහැ කියලා. හැබැයි දැන් බලශක්ති ඇමතිට අධිචෝදනා ගොනු කරලා තියෙනවා.යම් ඇමතිවරයකුට එරෙහිව මෙවැනි බරපතළ චෝදනා ඉදිරිපත් වූ විට, විපක්ෂය බලකරන තෙක් සිටිය යුතු නැහැ. සදාචාරාත්මකව ඔහු වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි."

රජයේ ක්‍රියාකලාපය විවේචනය කළ මන්ත්‍රීවරයා, ජනතාව පීඩාවට පත් කරන තීරණ සම්බන්ධයෙන් රජය වගකීමෙන් බැහැර නොවිය යුතු බවද මෙහිදී අවධාරණය කළේය.

"ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුලේ නායකයෝ බිහිවෙන්න ඕන.නායකයන් බිහිවෙලා දේශපාලන පක්ෂ ශක්තිමත් වෙන්න ඕන.මම හිතනවා එක පැත්තකින් ඒකාබද්ධ විපක්ෂය වෙන්න පුළුවන් සජිත් ප්‍රේමදාස මහත්තයගේ දේශපාලන පක්ෂය වෙන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන පක්ෂය වෙන්න පුළුවන් අනුර කුමාර මහත්තයගෙ දේශපාලන පක්ෂය වෙන්න පුළුවන් මේ හැමෝම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රාමුව ඇතුළේ ජනතාව එක්ක දේශපාලනය කරන දක්වන උනන්දුව පිළිබඳව මම හිතන්නේ තරුණ දේශපාලඥයෙක් විදිහට නූතන පරම්පරාව නියෝජනය කරන දේශපාලන පක්ෂයක් අපි ඉතින් අපි සතුටු වෙනවා අපේ ඉහල පරම්පරාවත් ඉතාමත් සක්‍රීයව දේශපාලනය කරන්න මැදිහත්වීම ගැන.මම හිතන්නේ මේ හැම සංකලනයක්ම තියෙන්න ඕන රටේ. පරිණත සහ ජේෂ්ඨ අත්දැකීම් තියෙන අයව පැත්තකට කරන්න බෑ.අපි ඒක තරුණයෝ විදියට තේරුම් ගන්න ඕනේ.මම හිතන්නෙ රටේ තරුණ පරම්පරාව රටේ තරුණ නායකයෝ බිහිකරනව නම් ඒ තරුණ නායකයෝ අතර ජ්‍යෙෂ්ඨ නායයින් ඉන්න ඕන. ඉතින් ඒ ජ්‍යෙෂ්ඨ නායකයන්ගේ අත්දැකීම් මගහැරියම ඉතිහාසයටම සාපකරාම වර්තමානයට සහ අනාගතයට වෙන දේ අපිට පේනවනේ.ඒක නිසා ඉතිහාසයකට සාප කරන එක නෙවෙයි කළ යුත්තේ ඉතිහාසය අඩුපාඩු තියෙනවා නම් ඒවා හදාගෙන නවීකරණය වෙලා ඉස්සරහට යන්න ඕනේ.ඉතිං ඒ දේශපාලනඥයෝත් මේ සියලු දෙනාම මේ යථාර්ථය තේරුම් අරගෙන නූතන පරම්පරාවට ගැලපෙන විදියට හැඩගැහෙන්න ඕනේ.

මම හිතන්නේ ලෝකයේ මෙවැනි සිදුවීමක් සිදු වෙනකොට ලෝකයේ හැම රටක්ම සූදානම් වුණා.ඒක මේ ආයෙ අමුතුවෙන් අපි ඇඟිල්ලෙන් ඇනලා කියන්න ඕන දෙයක් නෙවෙයි.හැබැයි ඉතින් ඒක තේරුම් නොගත්ත අයට විපක්ෂය වගේම රටේ ජනතාව  බුද්ධිමත් ජනතාව මතක් කරලා දුන්නා.හැබැයි යම් තැන්වලදී ආණ්ඩුව ක්‍රියාත්මක වුණේ නෑ යම් තැන්වලදී ක්‍රියාත්මක වෙන්න උත්සාහ කරා. හැබැයි අර කලින් අහපු ප්‍රශ්නෙත් එක්ක පලපුරුද්දක් නැති ජේෂ්ඨත්වයක් නැති හින්දද කියන්න දන්නෙ නෑ සමහර කාරණා වලදී ක්‍රියාත්මක වුණේ නැහැ.ඒ වගේම තමයි අපි අද දකිනවා පරක්කු වෙලා හරි සමහර දේවල් ක්‍රියාත්මක කරනවා.පරක්කු වෙලා හරි එදා අපි කියපුවා ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා.හැබැයි ඉතින් දැන්වත් අවුරුදු තුන හතරකට සැලසුම් කරන්නේ නැතුව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි  සම්බන්ධයෙන් සංවර්ධනය කරන්න ආයෝජකයෝ ගේනකොට මේ අය විරුද්ධ උනා. අධිවේගී මාර්ග හදනකොට බල්ලෝ බළල්ලුන්ට පාරමාරු වෙන්න බෑ කියලා කිව්වා වරායවල් හදනකොටත් එහෙමයි ගුවන්තොටුපොළවල් හදනකොටත් එහෙමයි.බලශක්තිය සම්බන්ධයෙන් බලාගාර හදනකොටත් එහෙමයි.එදා විරුද්ධ නොවුණා නම් අද සමහර විට මේ ආණ්ඩුවට මේ අභියෝගයට මුහුණ දෙන සිද්ධ වෙන්නේ නෑ. එහෙමනම්  තෙල් සංචිත තියෙනවා ගුවන් තොටුපලවල් යම්තාක් දුරකට සංවර්ධනය වෙලා තියෙනවා බල ශක්තිය පුනර්ජනනීය බල ශක්තිය බවට පරිවර්තනය වෙලා තියෙනවා.ඉතින් එදා තමන් කකුලෙන් ඇදපුව තමයි අද පස්සෙන් එන්නේ.ඉතින් දැන්වත් ඉතිහාසයට සාප කරාට කමක් නෑ තමන් ඉතිහාසය කරපු වැරදි අධ්‍යනය කරලවත් ආපහු ඒවා නොකර හිටියොත් හොඳයි.

බාල ගල්අඟුරු ගෙනාවා කියලා ආණ්ඩුවේ ඇමැතිවරු අද පිළිගන්නවා.හැබැයි පාඩුව ගෙවන්න වෙන්නේ ජනතාවට.ආණ්ඩුවම කියනවා බඩු බාලයි කියලා හැබැයි ගෙවන්න වෙන්නේ කාටද ජනතාවට දැන් ඒක සාධාරණද.ජවිපෙ බලයට එනකොට කිවුවෙ අපේ ලග චෝදනා තියෙන කවුරුත් නෑ කියලා.හැබැයි දැන් බලශක්ති ඇමතිට දැන් අධිචෝදනා ගොනු කරලා තියෙනවා. හරි නම් විපක්ෂය කියනකන් ඉන්න ඕනෙ නෑ ඉල්ලා අස් වෙන්න ඕනෙ.

ලැම්බෝගිනි දහඅට වගේ තමයි උගන්ඩවේ සල්ලි වගේ තමයි ඩොලර් බිලියන 18 වගේ තමයි එංගලන්තේ බකින්හැම් මාළිගාව වගේ තමයි අර සාක්කුවේ දාගෙන හිටපු චෙක් වගේ තමයි හැමදෙයක්ම තමන් මේ රටේ ජනතාව රවට්ටලා ජනතාව මුහුණ දීපු ආර්ථික සමාජය දේශපාලන අස්ථාරත්වය සහ අභියෝගය පාවිච්චි කළා.ඒවා පාවිච්චි කරලා ජනතාව නොමඟ යවලා තමන්ගේ දේශපාලන ව්‍යාපාරය කෙරුවා ඒක හරි වැරදි.දැන් ආණ්ඩුවටත් අවුරුදු එකහමාරක් දෙකක් වගේ වෙනවනේ තව අවුරුදු කීපයක් තියෙනවා දැන්වත් ආණ්ඩුව වැරදි හදා ගත්තොත් හොඳයි.

මේ අය කියපු බොරුවල හැටියට සැප වාහනයක යනවා කියන එක පොඩි දෙයක් හෙලිකොප්ටර් වල යන්නෙ නෑ කියලා ආපු අයනේ.ඊට වඩා ලොකු ප්‍රශ්න රටේ ජනතාවට තියෙනවා.එක පැත්තකින් බුද්ධි අංශ ප්‍රධානියා හිරේ. අද බුද්ධි අංශ දුර්වල වෙලා වෙලා තියෙනවා. මහා සංඝරත්නට කරන අසාධාරණය සංස්කෘතියට වෙන විනාශය මේ කාරණා තුළ රටට වෙන හානිය වැඩියි.ආණ්ඩුව සැප වාහනයක ගියාට කමක් නෑ රටේ බුද්ධි අංශ ශක්තිමත් කරලා මහා සංඝරත්නය ආගමික නායකයෝ ආරක්ෂා කරගැනීම තමයි කළ යුත්තේ.

කන්ටේනර් දෙක පන්නපු අයගේ ලියුම් එළියට එනකොට කවුද බලපෑම් කළේ ඇයි කියලා තහවුරු වෙයි.අපිටනේ ඇඟිල්ල දික් කරේ දැන් ඔය කන්ටේනර් දෙක පන්නපු එක කන්ටේනර් 323 පන්නපුවා සමාජයට ඇත්ත තේරුම් ගන්න කොට කවුද ඒවා පිටුපස්සේ ඉන්නේ කියලා තහවුරු වෙයි.එතකොට ඔය ප්‍රශ්නය මගෙන් අහන එකක් නෑ.උත්තරේ හම්බවෙනවා ඒකෙන්.

මහින්ද රාජපක්ෂ හදපු වරායවල් ගුවන්තොටුපල් මේ වෙලාවේ උපාය මාර්ගිකවවැදගත්කමක් ලෙස ගන්නේ නැත්තේ මේ අය මහින්ද රාජපක්ෂනේ හැදුවේ.මොකද එහෙම උනත් ඒ අයට පිළිගන්න වෙනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කරපු ආයෝජන හරියි කියලා.ඒ හින්ද ඒවා අත ඇරලා දාලා දාලා ජනතාව පිට බර පටවලා ඉන්නවා.ඒක හරි වැරදි එහෙම කරන්න හොඳ නැහැ."

සම්බන්ධිත පුවත් | Related News

නිකවැරටිය ප්‍රදේශයේදී පැවති ජනාධිපතිවරයාගේ ජනතා රැලිය ප්‍රදේශයේ මහා සංඝරත්නය විසින් වර්ජනය කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු සංසරණය වෙමින් පවතී.
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
කැරපොතු පක්ෂය හෙවත් ඉන්දියාවේ කොක්‍රෝච් ජනතා පක්ෂයේ නායක අභිජීත් දිප්කේ ඇතුළු නායකයින් තුන්දෙනෙකු නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
හැම පළාතකම අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවක් පිහිටුවීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
සිරගත වන භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ නිර්දේශය මත චීවරය සහිතව බැහැරට ගෙනයාමට කටයුතු සැලැස්වීම සඳහා නව රෙගුලාසි සහ නිත්‍ය නියෝග සකස් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයන් පිරිසක් විසින් 'අස්වැසුම' සුභසාධක ප්‍රතිලාභ මුදල් වංචනික ලෙස තමන්ගේ සහ ඥාතීන්ගේ නමින් ලබාගෙන ඇති බවට අනාවරණය වී තිබේ.
පෞද්ගලික ඉන්ධන සමාගම් ඉන්ධන සැපයුම සීමා කරමින් පාරිභෝගික ජනතාව අපහසුතාවට පත් කිරීමට කටයුතු කරන්නේ නම්, ඔවුන්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගැනීමට පසුබට නොවන බව බලශක්ති අමාත්‍ය අනුර කරැණාතිලක මහතා අවධාරණය කරයි.
බන්ධනාගාරගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ගලවා ඉවත් කර ගිහි ඇඳුමෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමේ සිද්ධියට විරෝධය පාමින් කැකිරාව නගරයේදී මහ සංඝරත්නය එක්ව විරෝධතා පාගමනක නිරත වී තිබේ.
මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

ප්‍රධාන පුවත්

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..

මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.

2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..

කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.