යළිත් විදුලි ගාස්තු සංශෝධනයක් යෝජනා කරන්න විදුලි බල මණ්ඩලයට පුළුවන් - මහජන උපයෝගිතා කොමිසම කියයි
මැදපෙරදිග යුද තත්ත්වය හා ඉන්ධන මිල වැඩිවීම මත යළි විදුලි ගාස්තු සංශෝධනයක් යෝජනා කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට අවස්ථාව පවතින බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
හෙට සිට සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගිතා කොමිසම ඊයේ (30) ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දෙන ලදී.
ඒ, අනුව සියයට 4.3 සිට සියයට 25.3 දක්වා පරාසය තුළ ඒ ඒ කාණ්ඩ සඳහා වෙන් වෙන් වශයෙන් විදුලි ගාස්තු ඉහළ නැංවීමටයි පියවර ගෙන ඇත්තේ.
ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 0 සිට 30 දක්වා රුපියල් 4 .50 ක්ව පැවති ඒකක ගාස්තුව සියයට 4.3කින් වැඩි කර තිබෙන අතර, ඒ අනුව එහි නව ගාස්තුව රුපියල් 5 කි. ඒ අනුව එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව ද ඇතුළුව උපරිම විදුලි ගාස්තුව වන්නේ රුපියල් 230කි.
ඒකක 31 සිට 60 දක්වා රුපියල් 8 ක්ව පැවති ඒකකයක ගාස්තුව සියයට 6.9කින් ඉහළ නංවා ඇති අතර, ඒ අනුව එහි ඒකකයක නව ගාස්තුව රුපියල් 9කි.
එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව ද ඇතුළුව උපරිම විදුලි ගාස්තුව වන්නේ රුපියල් 630ක් වේ.
ඒකක 61 සිට 90 දක්වා රුපියල් 18යි ශත 50ක්ව පැවති ඒකකයක ගාස්තුව ද සියයට 6.9කින් ඉහළ නංවා ඇති අතර, ඒ අනුව ඒකකයක නව ගාස්තුව රුපියල් 20ක් වේ.
එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව ද ඇතුළුව උපරිම විදුලි ගාස්තුව වන්නේ රුපියල් 1840කි.
ඒකක 91 සිට 120 දක්වා රුපියල් 24ක්ව පැවති ඒකකයක ගාස්තුව සියයට 7.2කින් ඉහළ නංවා ඇති අතර, ඒ අනුව ඒකකයක නව ගාස්තුව රුපියල් 28ක් වේ.
එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව ද ඇතුළුව උපරිම විදුලි ගාස්තුව වන්නේ රුපියල් 3,280කි.
ඒකක 121 සිට 180 දක්වා කාණ්ඩයේ රුපියල් 41ක්ව පැවති ඒකකයක ගාස්තුව ද සියයට 7.2කින් ඉහළ යන අතර, ඒ අනුව එහි ඒකකයක නව ගාස්තුව රුපියල් 44ක් වේ.
එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව ද ඇතුළුව උපරිම විදුලි ගාස්තුව වන්නේ රුපියල් 6,420කි.
ඒකක 180 ට වැඩි කාණ්ඩයේ රුපියල් 61ක්ව පැවති ඒකකයක ගාස්තුව සියයට 25.3 කින් ඉහළ නංවා ඇති අතර, ඒ අනුව එහි ඒකකයක නව ගාස්තුව රුපියල් 85ක් වේ.
කෙසේ වෙතත්, මෙම ගාස්තු සංශෝධනය යටතේ මාසික විදුලි පරිභෝජනය ඒකක 180ට වඩා අඩු ආගමික හා පුණ්‍ය ස්ථාන සඳහා විදුලි ගාස්තුව ඉහළ නොදැමීමට තීරණය කර තිබේ.
මාසික විදුලි පරිභෝජනය ඒකක 180ට වඩා වැඩි ආගමික හා පුණ්‍ය ස්ථාන සඳහා සියයට 9.6කින් ගාස්තු වැඩි කෙරෙනු ඇති.
එමෙන්ම, කර්මාන්ත අංශය සඳහා සියයට 8.7ක් ද, හෝටල් අංශය සඳහා සියයට 9.9ක්ද, රාජ්‍ය ආයතන සඳහා සියයට 14.4ක්ද වශයෙන් ගාස්තු ඉහළ නංවා ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..