චීන පර්යේෂණ නෞකාවකට මෙරට මුහුදු සීමාවට ඇතුළුවීමට අවසර නොදේ..
ශ්‍රී ලංකාවට අයත් සුවිශේෂී ආර්ථික කලාපය (EEZ) තුළ නැංගුරම් ලා තිබූ චීන පර්යේෂණ නෞකාවක සිටි රෝගී වූ නාවිකයෙකු ගොඩබිමට රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව පියවර ගෙන ඇත.
කෙසේ වෙතත්, අදාළ නෞකාවට මෙරට මුහුදු සීමාවට ඇතුළු වීමට අවසර ලබා නොදෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු තහවුරු කර ඇත.
'ෂී යැන් 6' (Shi Yan 6) නම් මෙම චීන පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකාවේ සිට නාවික සැතපුම් 700ක් පමණ දුරින් පිහිටි මුහුදු සීමාවේ රැඳී සිටින අතරතුර, එහි සිටි නාවිකයෙකු වකුගඩු ආබාධයකින් පීඩා විඳීම හේතුවෙන් නෞකාව විසින් හදිසි ආපදා සංඥාවක් නිකුත් කර තිබිණි.
ඊට ප්‍රතිචාර දක්වමින් ක්‍රියාත්මක වූ නාවික හමුදාව, මෙරට මුහුදු සීමාව ආසන්නයේදී රෝගියා තම භාරයට ගෙන ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත. පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති අතර මේ වන විට ඔහු එහි ප්‍රතිකාර ලබමින් පසුවේ.
පසුගිය 2023 වසරේදී 'ෂී යැන් 6' නෞකාව කොළඹ වරායට පැමිණි නමුත්, මෙවර එම නෞකාව කලාපය තුළ රැඳී සිටියද මෙරටට ඇතුළු වීම සඳහා කිසිදු ඉල්ලීමක් කර නොමැති බව රජයේ ආරංචි මාර්ග පවසයි.
විදේශීය පර්යේෂණ නෞකා මෙරටට පැමිණීම සම්බන්ධයෙන් 2024 දෙසැම්බර් මාසයේ සිට තාවකාලික තහනමක් පනවා තිබේ. එසේ වුවද, පසුගිය සතියේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) යටතේ ක්‍රියාත්මක වන 'ඩොක්ටර් ෆ්‍රිඩ්ජොෆ් නැන්සන්' පර්යේෂණ නෞකාවට ශ්‍රී ලංකාවට අයත් සුවිශේෂී ආර්ථික කලාපය තුළ මුහුදු පර්යේෂණ කටයුතු සිදු කිරීම සඳහා රජය විශේෂ අවසරයක් ලබා දී තිබිණි.
විදේශීය පර්යේෂණ නෞකා මෙරටට පැමිණීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) සකස් කිරීමේ කටයුතු ද මේ වන විට රජය විසින් අවසන් කරමින් පවතී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව පිළිබඳව නව වාර්තාව සම්බන්ධයෙන් ආචාර්ය සරත් වීරසේකරගෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත විවෘත ලිපියක්..
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන