මාසයක් තුළ ඉන්ධන මිල වැඩියෙන්ම වැඩි කල රටවල් අතරට ශ්‍රී ලංකාවත්..- AFP පුවත් සේවය
පසුගිය පෙබරවාරි සහ මාර්තු මාසය අතර කාලසීමාව තුළ ලොව පුරා ඉන්ධන මිල ඉහළ ගිය රටවල් අතර ඉහළම ප්‍රතිශතයක් වාර්තා කළ රටවල් කිහිපය අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් වී තිබේමැද පෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මෙලෙස ගෝලීය වශයෙන් ඉන්ධන මිල ඉහළ ගොස් ඇත.
ලොව පුරා රටවල් 150කට අධික සංඛ්‍යාවක ඉන්ධන මිල ගණන් නිරීක්ෂණය කරන GlobalPetrolPrices.com දත්ත ඇසුරෙන් AFP පුවත් සේවය නිකුත් කළ නවතම ප්‍රස්ථාරික දත්ත සටහනකට අනුව, 2026 පෙබරවාරි 23 සිට මාර්තු 23 දක්වා වූ දින 30ක කාලය තුළ ශ්‍රී ලංකාවේ පෙට්‍රල් මිල 34% කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත.
මාසයක් වැනි කෙටි කාලයක් තුළ පෙට්‍රල් මිල 34% කින් ඉහළ යාම හේතුවෙන්, ලොව වැඩිම බලපෑමට ලක්වූ රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසුවේ.
පිලිපීනය, කාම්බෝජය, නයිජීරියාව සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල් ද මෙම කාලසීමාව තුළ ඉහළ මිල වැඩිවීම් වාර්තා කර ඇත.
මාර්තු 23 වන විට ලොව ඉහළම පෙට්‍රල් මිල හොංකොං රාජ්‍යයෙන් (ලීටරයක් ඇමරිකානු ඩොලර් 3.0 ට වඩා වැඩි) වාර්තා වන අතර, වෙනිසියුලාව, ඉරානය සහ සෞදි අරාබිය වැනි රටවල මිල අවම මට්ටමක පවතී.
මේ වන විට ලොව රටවල් බොහොමයක පෙට්‍රල් ලීටරයක සාමාන්‍ය මිල ඇමරිකානු ඩොලර් 1.0 ත් 2.0 ත් අතර අගයක පවතින බව දත්ත පෙන්වා දෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා