බ්‍රික්ස් සමුළුවට ගියා නම් මීට පෙර රුසියාවෙන් තෙල් ගන්න තිබුණා - නාමල්
ජනාධිපතිවරයා බ්‍රික්ස් සමුළුවට ගියා නම් තෙල් සම්බන්ධයෙන් මීට වඩා හොඳ ප්‍රතිචාරයක් රුසියාවෙන් මීට පෙර ලබා ගැනීමට තිබුණු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
ඔහු මේ බව පැවසුවේ බත්තරමුල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී පැවැති රැස්වීමකින් අනතුරුවයි.
"බ්‍රික්ස් සමුළුවට ආරාධනා කරපු අවස්ථාවේදී එම සමුළුව මගහැරියා. බ්‍රික්ස් සමුළුවට ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා ගියානම් මීට වඩා හොඳ ප්‍රතිචාරයක් රුසියාවෙන් තෙල් පිළිබඳව මීට පෙර ලබා ගැනීමට තිබුණා. එහෙනම් රුසියාවේ බලශක්ති නියෝජ්‍ය ඇමතිවරයා ශ්‍රී ලංකාවට පැමිණෙනකන් ඉන්න ඕන වෙන්නෑ සාකච්ඡා කරන්න. ඒ අවස්ථාවේදීම බලශක්ති සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ඉඩ තිබුණා. කමක් නැහැ. පහුවෙලා හරි කරපු එක ගැන සතුටු වෙනවා."
දැනට අත්අඩංගුවේ පසු වන හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ ඔහු කියා සිටියේ මෙවැනි සිද්ධි නිසා ජාතික ආරක්ෂාව බරපතල ආකාරයෙන් අර්බුදයකට යන බවයි.
"බුද්ධි අංශ දුර්වල කරලා, හමුදාව දුර්වල කරලා ජාතික ආරක්ෂාව ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්ද? පහුගිය යහපාල ආණ්ඩුව කාලෙදිත් මේ වැරැද්දම කළා. බුද්ධි අංශ දුර්වල කරලා, ආරක්ෂක අංශ දුර්වල කරලා ජාතික ආරක්ෂාවේ ප්‍රශ්නයක් ඇති වුණා. අපේ ආණ්ඩුවලදී විතරයි ඒ ආකාරයට බුද්ධි අංශ හෝ ආරක්ෂක අංශ කිසිම ආකාරයකින් දුර්වල කිරීමට පියවර නොගත්තේ."
මුදල් වියදම් කරලා කුමන්ත්‍රණකාරී ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව පෙරළීමට ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් තම රජයක් යටතේ විශේෂ ජනාධිපති කොමිසමක් මගින් විමර්ශනයක් අනිවාර්යෙන්ම සිදු කරන බවද නාමල් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
"එම රජය මුදල් වියදම් කරලා පෙරළපු ආකාරය හොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන්න කියලා මං කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළා. නමුත් තවම ඊට ප්‍රතිචාරයක් ලැබිලා නෑ. ඒ වගේ දේවල් හොයන්න ඕන. නැත්නම් කිසිම කෙනෙකුට රටක් කරගෙන යන්න හම්බවෙන්නේ නැහැ. ඒක ඕනෑම ආණ්ඩුවකට වෙන්න පුළුවන්. මේ වර්තමාන ආණ්ඩුවටත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයට වෙච්ච දේ වෙන්න ඉඩ තියෙනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..