ගල් අඟුරු බාල බව තහවුරු වුනා.. අසීමාන්තිකව දඩ ගැහුවොත් සමාගම බංකොලොත් වී ගල්අඟුරු සැපයුම අඩාල වෙන්න පුළුවන්.. – ඇමති බිමල්
දැනට ගල් අඟුරු සපයන සමාගමට පනවා ඇති අසීමාන්තික දඩ මුදල් හේතුවෙන් එම සමාගම බංකොලොත් බව ප්‍රකාශ කළහොත් රටේ ගල් අඟුරු සැපයුම බරපතළ අනතුරකට ලක්විය හැකි බව අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරණය කරයි.
අදාළ සමාගමෙන් දඩ අය කර ගැනීමට වඩා එමඟින් සැපයුම් දාමයට එල්ල විය හැකි බලපෑම පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් ඔහු පැවසීය.
ගල් අඟුරු ටෙන්ඩර් පටිපාටිය නිවැරදිව සිදු කර ඇති බවත්, පරීක්ෂණාගාර වාර්තා මඟින් අදාළ ගල් අඟුරුවලින් නිපදවිය හැකි බලශක්ති ප්‍රමාණය (Energy output) අඩු බව තහවුරු වී ඇති බවත් අමාත්‍යවරයා පැවසීය. මේ හේතුව නිසා අදාළ සමාගමට ඩොලර් මිලියන දෙකක (රුපියල් දස ලක්ෂ 300 කට වැඩි) දැවැන්ත දඩයක් පනවා තිබේ. "මේ අසීමාන්තික දඩ නිසා හදිසියේවත් මේ සමාගම මම බංකොලොත්, මට කරන්න දෙයක් නැහැ කියලා කිව්වොත්, අපිට නඩු කියලා දඩ ගහගන්න පුළුවන් වෙයි, හැබැයි ඊට පස්සේ අපිට ගල් අඟුරු කෝ?" යනුවෙන් අමාත්‍යවරයා ප්‍රශ්න කර සිටියේය.
ගල් අඟුරු මිලදී ගැනීම සාමාන්‍ය කඩයකින් පාන් මිලදී ගැනීමක් වැනි සරල කටයුත්තක් නොවන බව පෙන්වා දුන් රත්නායක මහතා, වෙනත් විකල්පයකට යාමට නම් මාස ගණනාවකට පෙර ඇණවුම් කළ යුතු බව සඳහන් කළේය. මේ වන විට රට සතුව පවතින්නේ දින 30 කට පමණක් සෑහෙන තෙල් ගබඩා කිරීමේ හැකියාවක් පමණක් බවත්, ඊට වඩා වැඩි ප්‍රමාණයක් නොමිලේ ලැබුණද ඒවා ගබඩා කිරීමට පහසුකම් නොමැති බවත් ඔහු අනාවරණය කළේය.
රටේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගබඩා කර තබා ගැනීමේ සැලසුමක් පසුගිය රජයන් සතුව නොතිබීම අමාත්‍යවරයාගේ දැඩි විවේචනයට ලක් විය. "කූඹියා පවා වැසි කාලයේදී පරිභෝජනය කිරීමට වියළි කාලයේදී ආහාර එකතු කර ගන්නවා. අඩුම තරමේ කූඹියාට තිබෙන ඒ උපාය මාර්ගික ඥානයවත් අපේ පාලකයන්ට තිබිලා නැහැ" යැයි ඔහු පැවසීය. සහල්, තෙල්, ගල් අඟුරු සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අනාගතය සඳහා ගබඩා කර තබා ගැනීමේ ක්‍රමවේදයක් නොමැතිව රට පවත්වාගෙන ගොස් ඇත්තේ "එදා වේල" පිරිමසා ගන්නා ක්‍රමයකට බවත්, දැනට පවතින සැපයුම් දාමය සති දෙකක් වැනි කෙටි කාලයකට සීමා වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.
වසර 20 කින් පමණ ප්‍රතිසංස්කරණය කර නොමැති, කාන්දු වන තෙල් නල පද්ධති අලුත්වැඩියා කිරීමටත්, තෙල් ගබඩා කිරීමේ පහසුකම් පුළුල් කිරීමටත් වත්මන් රජය දැනටමත් ආයෝජන සැලසුම් සකස් කර ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ලෝක දේශපාලන තත්ත්වයන් සහ යුදමය වාතාවරණයන් හමුවේ වුවද, වංචාවෙන්, දූෂණයෙන් සහ නාස්තියෙන් තොරව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමේ ක්‍රමවත් සැලසුමක් ඇතිව රජය ඉදිරියට යන බව ඔහු අවධාරණය කළේය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..