තෙල්වලින් රු. බිලියන 15 කට වැඩි බදු ආදායමක් ආණ්ඩුවට ලැබෙනවා.. ඩීසල්වලට බදු සහනයක් දෙන්න - දුමින්ද නාගමුව
ඉන්ධනවලින් වාර්ෂිකව රජයට රුපියල් බිලියන 15කට වඩා බදු ආදායමක් හිමිවන බවත් ඒ අනුව මේ අවස්ථාවේදී ඩීසල් සඳහා බදු සහනයක් ලබාදීමට රජය ක්‍රියා නොකළහොත් ඉදිරියේදී රට තුළ දැවැන්ත ආර්ථික අර්බුදයක් ඇතිවීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව අවධාරණය කරයි.
'යුද්ධය උන්ගේ විනාශය අපේ! අධිරාජ්‍යවාදී යුද්ධය එපා!' තේමාව යටතේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරන ලද සංවාද කතිකාව කොළඹදී පැවැති අතර ඊට සහභාගි වෙමිනුයි ඔහු මේ බව පැවසුවේ.
එහිදී අදහස් දැක්වූ දුමින්ද නාගමුව මෙසේද පැවසීය
"ආර්ථික යුද්ධයේ තීරණාත්ම පරිච්ඡේදයක් තමයි අද මැදපෙරදිග කලාපයේ දිගහැරෙමින් තියෙන්නේ. තෙල් සහ ගෑස් වෙළඳාමේ වැඩි කොටස අත්පත් කරගන්න, ලෝකයේ ඛනිජ සම්පත් මංකොල්ල කන්න ඕනෑම පහත් ක්‍රියාවක් කරන්න මේ රටවල් සූදානම්. ඒ දිහා නිහඬව බලාගෙන ඉන්නවා කියන්නෙම එක පැත්තකින් අපිත් මේ යුද්ධයේ කොටස් කරුවන් වෙනවා කියන එක.
අනිත් කාරණය තමයි මේ යුද්ධයත් එක්ක ලෝකයේ ආර්ථික සහ දේශපානලන කැළඹීම් ඇතිවෙන්න පුලුවන්. ඒ දේශපානලන ආර්ථික කැළඹීම් නිවැරදිව හඳුනාගෙන ඊට අදාල ක්‍රියාමාරග නොගත්තොත් අපිට රටක් විදිහට විශාල අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා අපි හිතනවා මේ වෙලාවේ ආණ්ඩුවට යම් යෝජනා ප්‍රමාණයක් ඉදිරිපත් කළ යුතුයි කියලා.
එකක් තමයි අපි මේ වෙනකොටත් විවිධ රටවල් එක්ක යුද ගිවිසුම් අත්සන් කරලා තියනවා. ගෝඨාභය රාජපක්ෂලා අත්සන් කරලා යහපාලන ආණ්ඩුව කාලේ දින නියමයක් නැතුව දීර්ඝ කරපු ඇක්සා ගිවිසුම එයින් එකක්. ඊට පස්සෙ වර්තාමන ආණ්ඩුව පසුගිය අප්‍රේල් 5 වෙනිදා ඉන්දියාව එක්ක ආරක්ෂක ගිවිසුමක් අත්සන් කළා.
ඊට පස්සෙ ජපානය එක්ක තව ආරක්ෂක ගිවිසුමක් අත්සන් කළා. මේ ගිවිසුම් අත්සන් කළේ ජනතාවට හොරෙන්. මේ වගේ තියෙන්නේ මොනවද කියලා තාම රටට හෙළිදරව් කරලා නැහැ. අපි ආණ්ඩුවට කියනවා රට අනතුරේ හෙළන මේ යුධ ගිවිසුම් වහාම අහෝසි කරන්න කියලා.
අන්ති එක තමයි ජත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක අත්සන් කරපු ඉතාම අවාසිසහගත ණය ගිවිසුමෙන් ගැලවෙන්න මේක අවස්ථාවක් කරගන්න පුලුවන්. මොකද මේ ණය ගිවිසුම නිසා අපි රටක් විදිහට ඉදිරියේදී විශාල ආර්ථික අර්බුදයකට ඇද වැටෙන්න නියමිතයි. ඒ නිසා මේ ගිවිසුම සමාලෝචනය කිරීම වහාම කළ යුතුයි.
ඊළඟට ආහාර ද්‍රව්‍ය, අධ්‍යාපන සහ සෞඛ්‍ය උපකරණ ඇතුළු අත්‍යාවශ්‍යය ද්‍රවය මත පනවල තියෙන බදු ඉවත් කරලා සාමාන්‍ය ජනතාවට සහනයක් දෙන්න ඕන. මොකද මේ රටේ ජනතාවගේ ජීවන තත්වය මේ වෙනකොට තියෙන්නේ ඉතාම පහත් අඩියක. දැන් ආණ්ඩුව තෙල් මිල වැඩි කරමින් යනවා. අපි දන්නවා තෙල් සංස්ථාව සතු රුපියල් බිලියන 900ක ණයක් රනිල්ගේ කාලේ මහා භාණ්ඩාගාරයට පවර ගත්තා. ඒ ණය බදු මගින් කපාහරින විදිහට තමයි සකස් කරලා තියෙන්නේ. ඒ අනුව ඉන්ධනවලින් වාර්ෂිකව රුපියල් බිලියන 15කට වැඩි බද්ධක් රජයට ලැබෙනවා. හැබැයි මේ වෙලාවේ අපි හිතනවා ඩීසල් සඳහා බදු සහනයක් ලබා දිය යුතුයි කියලා. මොකද ඩීසල් මිල ඉහළ යාම පොදුවේ අනෙක් සියලු ක්ෂේත්‍රවල මිල ඉහළ යාමට බලපානවා. පොදු ප්‍රවාහණය, භාණ්ඩ ප්‍රවාහනය, කෘෂි යන්ත්‍රෝපකරණ, ධීවර කටයුතු, මේ හැම එකකම මිල ඉහළ යාම පාලනය කරන්න පුලුවන් ඩීසල් සඳහා බදු සහනයක් දුන්නොත්.
එහෙම බදු සහනයක් දීමෙන් රජයට අහිමි වෙන්නේ වාර්ෂිකව රුපියල් බිලියන 7ක් වගේ සුළු ප්‍රමාණයක් විතරයි. ඒ පාඩුව දරාගෙන ඩීසල්වලට සහනයක් නොදුන්නොත් ඉදිරි කාලය ඇතුළේ රට විශාල ආර්ථික අර්බුදයකට ගොදුරු වෙන එක නවත්වන්න පුලුවන් කමක් නෑ.
අපිට ආරංචි විදිහට දැන් ආණ්ඩුව සූදානම් වෙමින් ඉන්නවා බලශක්ති හිඟයත් එක්ක පාසල් වහන්න. අපි කියනවා එහම වුනොත් ඒක දරුවන්ගේ අධ්‍යාපනය පෞරුෂත්වය කඩා වැටෙන්න හේතුවෙන ක්‍රියාවක්. ඒ නිසා ඉදිරියේදී පසල් පවත්වාගෙන යන්න බැරි තත්වයක් උද්ගත වුණොත් ළඟම පාසලට දරුවන්ව ඇතුළත් කරන්න පුලුවන් ක්‍රමවේදයක් දැන්මම සකස් කරන්න කියලා අපි මේ වෙලාවේ ආණ්ඩුවට යෝජනා කරන්න කැමතියි.
ඒ සඳහා සියලු ග්‍රාමීය පසල්වල පහසුකම් වැඩි දියුණු කිරීමට වහාම ප්‍රතිපාදන වෙන් කරන්න ඕන. මේවා තමයි මේ වෙලාවේ ආණ්ඩුවක් විදිහට ගන්න ඔන රැඩිකල් ක්‍රියාමාරග.
අද මෙතන මේ සාකාච්ඡා සභාවට වෘත්තීය සමිති දේශපානලන පක්ෂ සහ සමාජ ක්‍රියාකාරීන් රැසක් එකතුවෙලා ඉන්නවා. ඉදිරියේදී ලෝක මට්ටමින් ඇතිවෙන්න නියමිත මේ දැවැන්ත ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග ගැන තවදුරටත් රට ඇතුළේ සංවාදයක් ඇති කරන්න අපි සියලුදෙනා එකතුවෙලා ඉදිරියටත් කටයුතු කරන්න සූදානම්. ඒ සඳහා එකතුවෙන්න කියලා අපි රටේ සියලු ප්‍රගතිශීලී ජනතාවට ආරාධනා කරනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..