News Category
From Date
To Date
Maximum Number of Result

ඉරානය: එක්සත් ජනපදයට අසාර්ථක වීමට ඉඩ දිය නොහැකි පරීක්ෂණය.

Mar 26, 2026 at 04:10 PM
|

ඉරානය සමඟ අමෙරිකා එක්සත් ජනපදය කරගෙන යන යුද්ධයේ ප්‍රතිඵලය ඉදිරි වසර ගණනාව තුළ ලෝක වේදිකාවේ ඇමරිකාවේ හැකියාවන් තීරණය කරනු ඇත. බටහිර ආසියාවේ සිදුවන වත්මන් ගැටුම කලාපයෙන් ඔබ්බට ඉතා භයානක ප්‍රතිවිපාක ගෙන දෙන්නක් වීම නියතියකි.

කෙසේ වුවද මේ වන විට ඉරානය සම්බන්ධයෙන් එක්සත් ජනපද ප්‍රතිපත්තිය වඩ වඩාත් අක්‍රමවත් වී ඇත. අමෙරිකානු ජනාධිපතිවරයාගේ වෙනස්වන වාග්ලංකාර කෙරෙහි අවධානය යොමු කරනවාට වඩා, ගැටුමට පාදක වන තර්කනය පරීක්ෂා කිරීම ලෝක ජනයාට වඩාත් ප්‍රයෝජනවත් වේ. ඉරානයේ දුර්වලතාවය ලෙස තමන් දකින දෙයින් ප්‍රයෝජන ගනිමින්, ඉරානයට එරෙහිව දැඩි ලෙස ක්‍රියා කිරීමට දැන් සුදුසුම කාලය බව එක්සත් ජනපදය සිතන බව පෙනෙන්නට තිබේ.

හුදකලාව බැලූ විට, ඉහත කී අරමුණට යම් සීතල තාර්කිකත්වයක් ඇත. හොඳින් ක්‍රියාත්මක කරන ලද තනි, ප්‍රහාරයකට, න්‍යායාත්මකව, දිගුකාලීන ඉලක්ක කිහිපයක් එකවර සාක්ෂාත් කරගත හැකිය. එනම්, 1979 ඉරානයේ අමෙරිකා තානාපති කාර්යාල අර්බුදයේ ඓතිහාසික දුක්ගැනවිලි විසඳා ගැනීම, ඊශ්‍රායලයට සතුරු යැයි සැලකෙන පාලන තන්ත්‍රයක් ඉවත් කිරීම, ප්‍රධාන බලශක්ති සම්පත් සහ ප්‍රවාහන මාර්ග කෙරෙහි ලීවරයක් ලබා ගැනීම සහ නැගී එන යුරේසියානු ඒකාබද්ධතා ව්‍යාපෘති දුර්වල කිරීම  වැනි තීරණාත්මක ව්‍යාපෘති සාක්ෂාත් කර ගත හැකිය. උපදේශකයින් මෙය දුර්ලභ අවස්ථාවක් ලෙස ඉදිරිපත් කර ඇති බව පෙනේ. අමෙරිකානු ජනාධිපතිවරයා  නොපැකිළිව තර්කය පිළිගත්තේය.

නමුත් එවැනි අභිලාෂයන් මූලික වැරදි ගණනය කිරීම් මත රඳා පවතී. ඉරානය 2003 දී පැවැති ඉරාකය නොවනවාක් මෙන්ම 2001 දී පැවැති ඇෆ්ගනිස්ථානයද නොවේ. මෑත වසරවලදී එක්සත් ජනපදය සෘජුවම මුහුණ දුන් ඕනෑම විරුද්ධවාදියෙකුට වඩා ඉරානයේ හමුදාව බෙහෙවින් ශක්තිමත්ය. එලෙසම ඉරානය ගැඹුරු උපායමාර්ගික ගැඹුරක් සහ ගෝලීය වෙළඳ හා බලශක්ති ප්‍රවාහයන්ට බරපතල බාධාවන් ඇති කිරීමේ හැකියාව ඇති විශාල ඔරොත්තු දීමේ හැකියාවක් ඇති රාජ්‍යයකි.

මා ඉහත අවසානයට සඳහන් කළ කරුණ තීරණාත්මක ය. ඉරානයේ භූගෝලීය පිහිටීම රටවල් කිහිපයක් පමණක් සතුව ඇති ලීවරයක් ලබා දෙයි. සීමිත ගැටුමක් පවා මැද පෙරදිගින් ඔබ්බට නැව් මාර්ග සහ ආර්ථික ස්ථාවරත්වයට තර්ජනයක් විය හැකි අතර එය එක්සත් ජනපදයේ සහ එහි සහචරයින්ගේ අවශ්‍යතාවලට සෘජුවම බලපානු ලබයි. එම යථාර්ථය පමණක් ඉක්මන්, පිරිසිදු ජයග්‍රහණයක් සඳහා වන ඕනෑම උත්සාහයක් සංකීර්ණ එකක් බවට පත් කරයි.

එපමණක් නොව, දේශපාලන සන්දර්භය අතීත එක්සත් ජනපද මැදිහත්වීම්වලට වඩා බෙහෙවින් වෙනස් තත්වයක පවතී.අතීත ක්‍රියාමාර්ගවලදී දක්වා ඇති පැහැදිලි හේතු නොමැතිව මෙම බලහත්කාරය පෙන්වීම එක්සත් ජනපද හවුල්කරුවන් නොසන්සුන් කර ඇත. මීට පෙර එක්සත් ජනපදයට සහාය දැක්වූ මිත්‍ර පාක්ෂිකයින් දැන් වඩාත් ප්‍රවේශම් සහගත වන අතර අවදානම් සහ අවිනිශ්චිත ප්‍රතිඵල ගැන සිතමින් සිටිති.

අමෙරිකා එක්සත් ජනපදයේ මූලික උපකල්පනය වූයේ ඉරානය ඉක්මනින් යටත් වනු ඇති බවයි. එම යටත් වීම කෙබඳු වනු ඇත්ද යන්න කිසි විටෙකත් සම්පූර්ණයෙන්ම පැහැදිලි නොවීය. එනම් පාලන තන්ත්‍ර බිඳවැටීම, වෙනිසියුලාවේ සිදුවූවාක් මෙන් බලහත්කාරයෙන් අනුකූල වීම හෝ ටෙහෙරානයේ බලය තියුනු ලෙස සීමා කරන සාකච්ඡාමය විසඳුමක් යන විසඳුම් වලින් ඔබ්බට නොවන තත්වයක් බලාපොරොත්තු  විය. කෙසේ වෙතත්, දිගුකාලීන ගැටුමක් අමෙරිකානු සැලැස්මේ කොටසක් නොවීය.

කෙසේ වුවද මේ වන විට ගැටුම ඇදී ගොස් ඇති බැවින්, වඩාත් මූලික ප්‍රශ්නයක් මතු වී ඇත. එනම් සාර්ථකත්වය යනු කුමක්ද? යන පැනයයි. මෙම උභතෝකෝටිකය ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ පුළුල් වෙනසක් පිළිබිඹු කරමින් පවතියි. "ඇමරිකා ෆස්ට්" හෙවත් ඇමෙරිකාව පළමුව යන සටන් පාඨය බොහෝ විට හුදකලාව හෝ සංයමය ලෙස අර්ථ දැක්වේ. එහෙත් ප්‍රායෝගිකව, එහි අර්ථය සම්පූර්ණයෙන්ම වෙනත් ප්‍රපංචයක් බවට වර නංවා ඇත.එනම් එය වගකීමකින් තොරව සහ ඉතා මැනවින්, පිරිවැයකින් තොරව එක්සත් ජනපද අරමුණු හඹා යාම බව තහවුරු කර ඇත. ඒ අනුව සටන් පාඨයේ ගැඹුරු මූලධර්මය සරලයි. එනම් කැපවීම් අවම කරන අතරතුර උපරිම ප්‍රතිලාභ ලබා ගැනීම වේ.

කලක්, ඔහුගේ මෙම ප්‍රවේශය ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට තිබුණි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු වසර තුළ,බොහෝ විට අතිමහත් ආර්ථික බලය උපයෝගී කර ගනිමින් ඔහු ඇමරිකානු නියමයන් පිළිගැනීමට හවුල්කරුවන්ට බලපෑම් කිරීමට සමත් විය. නමුත් එම උපායමාර්ගය අර්ථවත් ප්‍රතිරෝධයක් නොමැතිකම මත රඳා පවතී. පාලනය කළ නොහැකි තත්වයකට එය උපයෝගී කරගන්නා   විට එය වඩාත් භයානක වේ.

ප්‍රධාන භූ දේශපාලනික අර්බුදයක් නිර්මාණය කිරීම සහ වොෂින්ටනය වාසි ලබා ගන්නා අතරතුර අනෙක් අය ප්‍රතිවිපාක අවශෝෂණය කර ගනු ඇතැයි අපේක්ෂා කිරීම සම්පූර්ණයෙන්ම වෙනස් යෝජනාවකි. එය විරුද්ධවාදීන් පමණක් නොව, එක්සත් ජනපදය තුලම ක්‍රියාත්මක වන සමස්ත පද්ධතියම අස්ථාවර කිරීමේ අවදානමක් ඇත.

මුල් දශක කිහිපය තුළ, එක්සත් ජනපද නායකත්වය "ලිබරල් හෙවත් නිදහස් ලෝක පිළිවෙලක්" අනුව සකස් කරන ලද අතර, එහිදී ඇමරිකානු අවශ්‍යතා ඉදිරියට ගෙන යාම සැමට ප්‍රයෝජනවත්ය යන්න ඒත්තු ගැන්වෙන ලෙස ඉදිරිපත් කරන ලදී. "කාරුණික ආධිපත්‍යයක්" පිළිබඳ සංකල්පය මෙම කාල පරිච්ඡේදයෙදී මතු විය. කෙසේ වුවද ට්‍රම්ප්ගේ ලෝක දැක්ම එම පූර්ව නිගමනය ප්‍රතික්ෂේප කරනු ලබන්නේය. ඒ වෙනුවට, එක්සත් ජනපද සමෘද්ධිය අන් අයගේ වියදමින් පැමිණිය යුතු බවත්, පැරණි සමතුලිතතාවය ආපසු හැරවීමට කාලය පැමිණ ඇති බවත් එය උපකල්පනය කරයි.

මෙම සීරු මාරුව ගැඹුරු ඇඟවුම් දරයි. තවදුරටත් ස්ථාවරත්වයක් ලබා දීමට උත්සාහ නොකරන ආධිපත්‍යයක් බලහත්කාරය මත වඩාත් දැඩි ලෙස රඳා පැවතිය යුතුය. නමුත් බලහත්කාරය ඵලදායී වීමට නම්, විශ්වසනීයත්වය අවශ්‍ය වේ. අවශ්‍ය විටෙක තම කැමැත්ත පැනවිය හැකි බව ආධිපත්‍ය බලය පැහැදිලිව පෙන්නුම් කළ යුතුය. ඉරානය අමෙරිකාවේ පැවැත්මේ පරීක්ෂණාගාරය බවට පත්ව ඇත.

ඇත්ත වශයෙන්ම, එක්සත් ජනපදය මෙම අභියෝගය තමාටම තෝරාගෙන ඇත. එබැවින් අවදානම අතිශයින් ඉහළ ය. තීරණාත්මක ප්‍රතිඵලයක් අත්කර ගැනීමට අපොහොසත් වීම තවත් පසුබෑමක් පමණක් නොව, එය ස්ථාපිත කිරීමට උත්සාහ කරන නව නීති යටතේ ගෝලීය බලවතෙකු ලෙස ක්‍රියා කිරීමට වොෂින්ටනයට ඇති හැකියාව ප්‍රශ්න කරනු ඇත.

පෙර පැවති සංග්‍රාම සමූහයන්ගෙන් වත්මන් ගැටුම වෙන්කර හඳුනා ගන්නේ මෙයයි. ඉරාකය සහ ඇෆ්ගනිස්ථානය පැහැදිලි ජයග්‍රහණ නොමැතිව අවසන් වූ නමුත් ඒවා වෙනස් උපායමාර්ගික ආදර්ශයක් යටතේ සටන් කරන ලද සටන් වේ. අද ගැටුම වඩාත් විවෘතව ගනුදෙනුකාරී වන අතර, වඩාත් පැහැදිලිව බල ප්‍රක්ෂේපණය පිළිබඳ වන අතර නීතිමය හෝ දෘෂ්ටිවාදාත්මක සලකා බැලීම්වලින් අඩු සීමාවකට කොටු වේ.

එමඟින් ජයග්‍රහණය නිර්වචනය කිරීම වඩාත් හදිසි වනවා මෙන්ම වඩාත් දුෂ්කර කරයි. අවශ්‍ය නම් මඟහැරිය හැකිව තිබූ යුද්ධයකදී, සාර්ථකත්වය සඳහා වන නිර්ණායක කල්තියා නියම කර නොමැත. එහෙත් ඇතැම් ප්‍රතිඵල පැහැදිලිවම අඩු වනු ඇත. උදාහරණයක් ලෙස, ගෝලීය වැදගත්කමක් ඇති හෝමූස් සමුද්‍ර සන්ධිය මත ඉරානය ඵලදායී පාලනයක් රඳවා ගන්නේ නම් ඕනෑම මෙහෙයුමක් සාර්ථක යැයි සැලකිය හැකි යැයි සිතීම දුෂ්කර ය.

පැහැදිලි විසඳුමක් නොමැතිව ගැටුම දිගු වන තරමට, වොෂින්ටනය මත ඇතිවන පීඩනය වැඩි වනු ඇත. ජාත්‍යන්තර පද්ධතිය තුළ අමෙරිකානු භූමිකාව නැවත අර්ථ දැක්වීමට උත්සාහ කරන බලවතෙකුට අපැහැදිලි බව විකල්පයක් නොවේ.  ඒ අනුව නිගමනය තියුණු ය. එක්සත් ජනපදයට දැන් තීරණාත්මක ජයග්‍රහණයක් අවශ්‍යයි. විකල්පය ලෙස පැහැදිලි ප්‍රතිඵලයක් නොමැති දිග්ගැස්සුනු ගැටුමක්, මැද පෙරදිග පමණක් නොව, ගෝලීය වශයෙන් අමෙරිකාවේ ස්ථාවරය අඩපණ කරනු ඇත.

ඒ සමඟම, සාකච්ඡාමය විසඳුමකට එළඹීමට ඇති සම්භාවිතාව අඩු බව පෙනේ. දෙපාර්ශ්වයේම ඉල්ලීම් විස්ඳුමට එළඹීමට ඇති හැකියාවට ඉතා දුරින් පවතී. ඒ අනුව ඉදිරියේදී වඩාත්ම සිදුවිය හැකි  තත්වය ලෙස පවතින්නේයුද්ධය උත්සන්න වීම පමණි.

සිදු විය හැකි අවදානම් පැහැදිලිය. නමුත් වොෂින්ටනයට, අසාර්ථක වීමේ පිරිවැය වඩා විශාල විය හැකිය.


ෆියෝඩර් ලුක්යානොව් විසින් රචිත Iran: The test the US cannot afford to fail    ලිපියේ සිංහල පරිවර්තනයයි. පරිවර්තනය ජීවන්ත ජයතිස්ස


ෆියෝඩර් ලුක්යානොව් යනු ජාත්‍යන්තර සබඳතා සහ විදේශ ප්‍රතිපත්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම රුසියානු විශේෂඥයෙකි. ඔහු 1990 සිට පුවත්පත් කලාවේ යෙදී ඇති අතර නූතන ජාත්‍යන්තර සබඳතා සහ රුසියානු විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රකාශන රාශියක කතුවරයාද වේ.

2002 සිට, ඔහු විදේශීය සහ රුසියානු විශේෂඥයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් අතර සංවාද සහ විවාද සඳහා වේදිකාවක් ලෙස කටයුතු කරන ලද සඟරාවක් වන Russia in Global Affairs සඟරාවේ ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කර ඇත.

2012 දී, ඔහු පැරණිතම රුසියානු රාජ්‍ය නොවන සංවිධානවලින් එකක් වන රුසියාවේ විදේශ සහ ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ කවුන්සිලයේ සභාපති ධුරයට තේරී පත් විය. 2015 සිට, ඔහු වැල්ඩයි ජාත්‍යන්තර සාකච්ඡා සමාජයේ සංවර්ධනය සහ සහාය සඳහා වූ පදනමේ විද්‍යාත්මක කටයුතු සඳහා අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත.

ඔහු ජාතික පර්යේෂණ විශ්ව විද්‍යාලයේ උසස් ආර්ථික විද්‍යා පාසලේ ලෝක ආර්ථික හා ගෝලීය දේශපාලන පීඨයේ පර්යේෂණ මහාචාර්යවරයෙකු ලෙස සේවය කරයි.

සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.