මෙරට ඇගළුම් කර්මාන්තය විශාල අවදානමක..
මෑතකාලීන ගෝලීය තත්ත්වයන් හමුවේ මෙරට ඇඟලුම් කර්මාන්තය තවදුරටත් ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානියේ වෙළෙඳපොළවල් මත යැපීම විශාල අවදානමක් බව ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ සභාපති ෆීලික්ස් ඒ. ප්‍රනාන්දු සඳහන් කරන්නේය.
ඇඟලුම් අපනයනයෙන් ශ්‍රී ලංකාව දැනට සිටින ස්ථානය සහ ඉලක්ක කරන ස්ථානය අතර තවමත් සැලකියයුතු පරතරයක් පවතින බවත්, එම පරතරය පියවීම සඳහා සුලු සහ තාවකාලික විසඳුම්වලට වඩා සැලසුම් සහගත ප්‍රතිපත්තිමය වෙනස්කම් අවශ්‍ය වන බවත් ඔහු පවසන්නේය.
එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ඩොලර් බිලියන 8ක ඇඟලුම් අපනයන ඉලක්කයක් වෙත ළඟා වීමට නම්, ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය නව මුහුණුවරක් ගත යුතු බවය.
වසර ගණනාවක් පුරා ශ්‍රී ලාංකීය ඇඟලුම් ක්ෂේත්‍රය විසින් ගුණාත්මකභාවය සහ අනුකූලත්වය යන අංශවල ප්‍රමුඛ වෙළෙඳ නාමයන්ට වටිනා සේවාවක් සැපයිය හැකි බව පෙන්වා දී ඇති බවත්, මෙම කර්මාන්තයේ අනාගතය මෙම කීර්තිනාමය මත පමණක් පිහිටා ගොඩනැගිය නොහැකි බවත් එම නිවේදනයේ දැක්වේ.
“ඩොලර් බිලියන 08ක ඉලක්කය වෙත යාම ඉතා වැදගත් වන්නේ එය ඇඟලුම් කර්මාන්තයට පොදු දිශානතියක් ලබා දෙන බැවිනි. කෙසේ වෙතත් මෙම අරමුණ හුදෙක් පුවත් පත් ශීර්ෂයකට පමණක් සීමා නොවී වඩාත් ප්‍රායෝගික ලෙස ජාතික න්‍යාය පත්‍රයක කොටසක් බවට පත් විය යුතුව ඇත. ශ්‍රී ලංකා ඇඟලුම් කර්මාන්තයේ ප්‍රකාශිත අපනයන දත්ත අනුව, 2025 වසර සඳහා රෙදිපිලි සහ ඇඟලුම් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5 කට මඳක් ඉක්මවා තිබේ. ගෝලීය වශයෙන් අභියෝගාත්මක පරිසරයක් තුළ මෙය සාර්ථක ප්‍රතිඵලයක් වුවද, අප දැනට සිටින ස්ථානය සහ අප ඉලක්ක කරන ස්ථානය අතර තවමත් සැලකිය යුතු පරතරයක් පවතින බව ද පෙන්වා දිය හැක.’’ යැයිද නිවේදනයේ සඳහන්ය.
ඇඟලුම් කර්මාන්තය සාම්ප්‍රදායිකව ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය මත විශාල ලෙස රඳා පවතින බවත්, මෙම වෙළෙඳපොළ තුන එක්ව ගත් විට ලංකාවේ ඇඟලුම් අපනයන ආදායමෙන් සියයට 85 ක් පමණ කොටසක් නියෝජනය කරන බවත්, එම වෙළෙඳපොළවල්වල පාරිභෝගික ඉල්ලුම දුර්වල වූ විට, තීරුබදු ප්‍රතිපත්ති වෙනස් වූ විට, නීතිමය සහ අනුකූලතා නියාමනයන් දැඩි වූ විට හෝ වෙෙළඳ නාමයන් තම සැපයුම් රටාවන් වෙනස් කළ විට, එම බලපෑම් අපගේ මුළු කර්මාන්තයම පුරා පැතිර යන බවත් එම නිවේදනයේ දැක්වේ.
ඩොලර් බිලියන 8ක ඇඟලුම් අපනයන ඉලක්කය සපුරා ගැනීමට නම් පවතින වෙළෙඳපොළ තත්ත්වය මත යැපීම ප්‍රමාණවත් නොවන බව අප වටහා ගත යුතු බවත්, මෙතෙක් ලංකාව විසින් ප්‍රවේශ නොවූ වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීම සඳහා ශක්තිමත් අපනයන පදනමක් මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය විසින් ගොඩනැංවිය යුතුව ඇති බවත් සභාපතිවරයා සඳහන් කරයි.
ආසියානු කලාපය, මැදපෙරදිග, අප්‍රිකාව, ආසියාවේ නැගෙනහිර වෙළෙඳපොළ සහ BRICS කලාපීය වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වෙමින් ඇඟලුම් අපනයන ආදායම පුළුල් කිරීම සඳහා තිරසාර වැඩපිළිවෙළක අවශ්‍යතාව දැඩිව දැනී තිබෙන බවද නිවේදනයේ දැක්වේ.
Aruna
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..