'IRIS Dena' නෞකාවේ මියගිය නාවිකයින්ගෙන් බහුතරයක් සංගීතඥයින්.. - මෙරට ඉරාන තානාපති කියයි
ශ්‍රී ලංකා මුහුදු තීරයට ඔබ්බෙන් වූ විශේෂ ආර්ථික කලාපයේදී අමෙරිකානු සබ්මැරීනයක් එල්ල කළ ප්‍රහාරයකින් 'IRIS Dena' ඉරාන සබ්මැරීනය ගිලී යාමෙන් ජීවිතක්ෂයට පත් වූ නාවිකයින් 104 දෙනාගෙන් බහුතරයක් සංගීත කණ්ඩායමක සාමාජිකයින් බව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලිරේසා දෙල්කොෂ් (Alireza Delkhosh) පවසයි.
ඉරාන තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලයේ අද (23) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.
එම ප්‍රහාරයට ලක්වූවන් නිරායුධව සිටි බවත්, ඔවුන් අතර වයලීන සහ සැක්සෆෝන් වාදකයින් රැසක් සිටි බවත් තානාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
ඉන්දියාවේ පැවති උත්සවයකට සහභාගී වී ආපසු එමින් සිටි මෙම පිරිස, ඒකාබද්ධ අභ්‍යාසයක් අතරතුර කරන ලද ආරාධනයකට අනුව මිත්‍රශීලී සංචාරයක් සඳහා ශ්‍රී ලංකාව බලා ගමන් කරමින් සිටියදී මෙම ප්‍රහාරයට මුහුණ දී තිබූ බවයි තානාපතිවරයා සඳහන් කළේ.
ප්‍රහාරයට පෙර අදාල යාත්‍රාවට පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කළ බවට අමෙරිකාව කරන ප්‍රකාශ තානාපතිවරයා මෙහිදී තරයේ ප්‍රතික්ෂේප කළේය.
"ප්‍රහාරයට පෙර අමෙරිකාවෙන් කිසිදු පූර්ව අනතුරු ඇඟවීමක් ලැබුණේ නැහැ," යනුවෙන් පැවසූ ඔහු, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අමෙරිකානු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු කර ඇති ප්‍රකාශ කණගාටුදායක බව ද සඳහන් කළේය.
නෞකාව ගිලී යාමට පැය 11කට පෙර හදිසි ආධාර ඉල්ලා තිබුණේ ද යන්න පිළිබඳව තවමත් කරුණු තහවුරු කරමින් පවතින බව ද හෙතෙම කියා සිටියේය.
ඉන්දියාවේ සිටි නාවිකයින් 100කට අධික පිරිසක් ආපසු ඉරානයට යැවීම සඳහා ඉන්දීය රජය පහසුකම් සලසා ඇති බවත්, ඒ හා සමාන සහයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සමඟ මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බවත් තානාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ කරන ප්‍රකාශ පිළිබඳව ද තානාපතිවරයා මෙහිදී විවේචනාත්මකව අදහස් දැක්වූවේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..