News Category
From Date
To Date
Maximum Number of Result

වාමාංශික ලේබලය ගහගත් ආණ්ඩුවක් රුසියාව වැනි සමාජවාදී රටක් ප්‍රතික්ෂේප කර ඇමරිකානු ගැති ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම..

Mar 21, 2026 at 08:36 AM
|

ඊයෙ පාර්ලිමේන්තුවේදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කරපු කතාවෙදි අපිට එච්චර සීරියස් නොවුන ඒත් රුසියාව සහ ඇමරිකාව අනිවාර්යයෙන්ම පික් කරන බරපතල කතා දෙකක් කිව්වා..

එකක් තමයි මේ කතාව..

" අපේ අපනයන වලින් 25% ක් යන්නෙ එක්සත් ජනපදයට.. ඔබට මතක ඇති අපේ අසල්වැසි රාජ්‍යයන්ට පවා මේ ටැරිෆ් ප්‍රශ්ණය නිසා රුසියාව සමග තියෙන ගනුදෙනු අඩාල කරන්න සිද්ධ උනා.."

ජනාධිපතිවරයා මේ නොකිය කිව්වෙ මොකක්ද...? 

' හූ කෙයාර්ස් රුසියාව.. අපිට මේ වෙලාවෙ වැදගත් ඇමරිකාව කියලා... " 

ඔව් ආර්ථික දත්ත එක්ක අරගෙන බලනකොට මේ කතාව 100% ක් හරි වෙන්න පුළුවන්. ඒත් කටට ආ පලියට මේ වගේ කතාවක් රටක ජනාධිපතිවරයෙක් කිව යුතුද...?

රුසියාව කියන්නෙ අපිට එදා ඉඳන්ම හිටපු මිතුරෙක්.. විශේෂයෙන්ම අපි ත්‍රස්තවාදී යුද්ධය ඉවර කරාට පස්සෙ UN එකේදි අපිට විරුද්ධව යෝජනා එනකොට කොන්ද කෙලින් තියාගෙන අපිත් එක්ක කෙලින් හිටගත්ත රටක්.. රුසියාව, චීනය වගේ රටවල් එදා අපිත් එක්ක එකට හිටගත්තෙ නැත්නම් අපිට සම්බාධක පවා වැටෙන්න තිබ්බා.

ඉතිහාසයේ පලවෙනි වතාවට අපේ රටේ ජනාධිපතිවරයා 2025 BRICS සමුළුවට කරපු ආරධනාව ප්‍රතික්ෂේප කරනවා. (BRICS කියන්නෙ Brazil, Russia, India, China, සහ South Africa කියන රටවල මුල් අකුරුවලින් හදාගත්ත නමක්). එය ප්‍රධාන නැගී එන ආර්ථිකයන් අතර දේශපාලන, ආර්ථික සහ ආරක්ෂක සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා ඉහළම මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික රැස්වීමක්

මේ ආරාධනාව ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව රුසියානු තානාපති එල්. ධාගරියන් ( S. Dzhagaryan ) වරක් මාධ්‍ය හමුවකදි ප්‍රකාශ කරේ..

" අපි ඔහුට ආරාධනා කරා එය ඔහුට තේරුනාද දන්නෙ නෑ " කියලා ජනාධිපතිතුමාගෙ භාෂාමය දැණුම පිළිබඳව සමච්චල් කරමින්. ඒ සමච්චලය ඇතුළෙ තිබ්බෙ රුසියාවෙ නොරිස්සුම.

ඊටපස්සේ මේ මැතකදි නැවතත් රුසියානු තානාපතිවරයා ප්‍රකාශයක් කරනවා..

" ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන කිසිදු සෘජු රුසියානු ආයෝජන ව්‍යාපෘතියක් නෑ. අපි ආයෝජනයට සූදානම්. ඒත් කොහේද ආයෝජනය කරන්නේ. කිසිම ව්‍යාපෘතියක් වෙන්නෙ නෑනෙ?. සමහර තානාපතිවරු ශ්‍රී ලංකාවේ ආයෝජන වටපිටාව ගැන කනස්සල්ලෙන් ඉන්නෙ.. " 

මේවා රාජ්‍යතාන්ත්‍රිකව අපේ රට පිළිබඳව එල්ල වෙන බරපතල ප්‍රකාශ..

විශේෂයෙන්ම වාමාංශික ලේබලය ගහගත් ආණ්ඩුවක් රුසියාව වගේ සමාජවාදී රටක් ප්‍රතික්ෂේප කරලා ඇමරිකානු ගැති ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම පුදුමයක්. ( ජවිපෙ සමාජවාදය සහ සමානාත්මතාවය තියෙන්නෙ බෝඩ් ලෑලි වල විතරයි කියන්ක මේ හොඳම නිදර්ශනයක්)

උග්‍ර ඇමරිකානු ගැත්තෙක් ලෙස ජනප්‍රියව සිටි ඒ නිසාම " යැංකි ඩිංකි" ( Yankee Dinky)  ලෙස නමක් පවා පටබැඳුණු ජේ ආර් ජයවර්ධන පවා රුසියාව සමග ගනුදෙනු කරේ පරිණත රාජ්‍යතාන්ත්‍රිකයෙකු ලෙසයි.

රුසියාව කියන්නෙ ශ්‍රී ලංකාවේ එදා ඉදන්ම හිටපු අතිශය කලණ මිතුරෙක් 

📕 ආපදා සහ මානුෂීය සහන : ඉතිහාසයේ පටන්ම ශ්‍රී ලංකාවේ හදිසි ආපදා තත්ත්වයන්හිදී රුසියානු රජය මානුෂීය ආධාර සපයා ඇත. 

📕 ආර්ථික ආධාර සහ ඉන්ධන: රුසියානු-යුක්රේන අර්බුදය මධ්‍යයේ වුවද, රුසියාව ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීම වැනි ආර්ථික සහයෝගයන් ලබා දී ඇති අතර, රුසියානු ධජය යටතේ යාත්‍රා කරන ඉන්ධන ප්‍රවාහන නෞකා මගින් ඉන්ධන සැපයුම් ලැබී ඇත.

📕 වෙළෙඳ : රුසියාව ශ්‍රී ලංකාවේ තේ සඳහා විශාලම වෙළඳපොළකි.

📕 අධ්‍යාපන සහ තාක්ෂණික ආධාර: රුසියාව ශ්‍රී ලාංකික සිසුන් සඳහා ශිෂ්‍යත්ව ලබා දීම සහ තාක්ෂණික අංශයේ පුහුණුවීම් ලබා දීම හරහා මානව සම්පත් සංවර්ධනයට ආධාර කරයි.

මතකද එකපාරක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා රුසියාවෙන් ගේන ඇස්බැස්ටස් වාරණය කරලා අපේ තේ වලට කුරුමිණියෙක් දාලා සමස්ත තේ අපනයනයම තහනම් කරපු හැටි. අන්තිමට අපිට ඇස්බැස්ටස් තීරණය රිවර්ස් කරන්න උනා.

අප නොබැඳි විදේශ පිලිවෙතක් අනුගමනය කරන රටක්. එවැනි අවස්ථාවකදි එක් බල කඳවුරක් වෙනුවෙන් වක්‍රාකාරව හෝ පෙනී සිටීම නොකල යුතුය.

ජනාධිපතිවරයාගෙ කතාවෙදි එක් අතකින් රුසියාව සමග ගැටුමකට අත්පොත තැබූ අතර අනිත් පසින් ඇමරිකාව සමග විරසකයකටද මග පාද ගත්තේය..

" එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියා. ට්‍රිබියුටි රාජ්‍ය ආසන්නයේ තියෙන නාවික හමුදාවට අයත් ප්‍රහාරක ගුවන් යානා දෙකක් ශ්‍රී ලංකාවේ මත්තල ගුවන්තොටුපළට පැමිණෙන්න අවසර දෙන්න කියලා. අපි අවසර දුන්නෙ නෑ " 

ප්‍රතිපත්තිමය වශයෙන් එය ඉතා හොඳ තීරණයක්. ඒත් කෝපි කඩේ එංසිනා වගේ ඕවා අගුපිල් ගාන්නෙ කියව කියව යන්න ඕන ඒවා නෙවේ.

ඇමරිකානුවන්ගෙ අංක එක තමයි අභිමානය. ඒ වෙනුවෙන් ඔවුන් ඕනෑම කැපකිරීමක් කරනවා. ඒ වගෙ රටක් සමග මේ වගෙ යුධ වාතාවරණයකදි, ඩොනල්ඩ් ට්‍රම්ප් වගෙ හිතට එන එන දේ කරන පිස්සු කෙලින නායකයෙක් එක්ක ගනුදෙනු කරනකොට මීට වඩා ගොඩක් ප්‍රවේශමෙන් වචන පාවිච්චි කරන්න ඕන.

ශ්‍රී ලංකාව වගේ රටක් ඒ මොහොතේ ඇමරිකානු ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම ඔවුන් සාධාරණ දෙයක් කියලා පිලිගත්තත් මං පොර වෙන්න අනුර ප්‍රසිද්ධියෙ එවැනි ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කිරීම ( හරිම වචනෙ පාරම්බෑම ) ඔවුන් කෙසේ පිළිගනී දැයි සැක සහිතය.

" හොඳට නරකට දෙකට කටමය " කියලා පැරැන්නො කියලා තියෙන්නෙ නිකං නෙවෙයි.

රාජ්‍ය නායකයෙක්ගෙ වචන නිදි යහනෙ කපල් එකකගෙ වචන වගෙ වෙන්න ඕන. කරන හැමදේම එළිපිට කියන්නෙ නෑ. අපේ ජනාධිපතිතුමා අර හෙඩ් ප්‍රිෆෙක්ට් වගේ කියනවා විතරක් නෙවේ වීඩියොත් ලීක් කරනවා.

භූදේශපාලනය ( Geopolitics) ගැන මෙලෝ අවබෝධයක් නැතුව කටට එන්නන් වාලෙ වචන කියවීම මගින් හානියක් සිද්ධ වෙන්නෙ පෞද්ගලිකව අනුරට නොව සමස්ත රටටමය.

මේ කතා කරන්නේ තඹුත්තේගම තනි සිග්නල් කණුව යට රන් බංඩාගෙ පුතා නොව ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක රටේ උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුවේදීය.

රාජ්‍ය නායකයෙක්ගෙ වචන හැසිරවීම පිළිබඳව මම එක් සුන්දර උදාහරණයක් දෙන්නම්..

1963 දී සිරිමාවෝ මැතිණිය රුසියාවට යනවා...

එවකට ඈ ලෝකයෙ පලමු වෙනි කාන්තා අගමැතිනිය.

ඇය රුසියාවට යන විට රුසියාවෙ ශීත සෘතුව පැමිණිලා. රුසියාවේ සීතල කොපමණ දැඩිද කියලා කියන්න මම එක් උදාහරණයක් පමණක් කියන්නම්.

දෙවන ලෝක යුද්ධයෙහිදී ජර්මනිය රුසියාවට පහර දෙනවා. රුසියාව තමන්ගෙම නගර විනාශ කරමින් පසුබසිනවා. ඒක උපක්‍රමික පසුබැසීමක්. 

ඔවුන් පසු බැස්සෙ ශීත සෘතුව පැමිණෙන තුරු. ශීත ඍතුව පැමිණි වහාම රුසියානු රතු හමුදාව ජර්මනියේ නාසි හමුදාවට පහර දී පරාජය කරනවා. රුසියාවේ ඒ ජයග්‍රහණයට හේතුව වූයේ ශීත සෘතුව.

මැතිණිය රුසියාවට සම්ප්‍රාප්ත වූ වහාම රුසියානු අගමැති නිකීතා කෲෂප් මැතිණියට මෙහෙම කියනවා 

" සරත් සෘතුවේ හිතුවක්කාර ශිතල ඔබතුමියට කරදර කරනවා "

මැතිණිය මෙහෙම උත්තර දෙනවා.. 

" ලංකාවේ ජනතාවට ඔබේ ජනතාව දක්වන මිත්‍රත්වයේ උනුසුම නිසා මට ඒ ශීතල බිදක්වත් දැනෙන්නෙ නැහැ"

බලන්න ඒ වචනවල තියෙන ලෙංගතු බව. තැනට සුදුසු බව... ලෝකය දිනන්නෙ එහෙමයි..

- නිලන්ත සත්සර ගමගේ ගේ මුහුණු පොතෙන්

සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.