මෙරට ජනතාවගේ සතුට තවත් අඩුවෙලා.. ගැම්බියාව, මැඩගස්කර්, ටෝගෝ ශ්‍රී ලංකාවට ඉදිරියෙන්..
ලෝකයේ සතුට අවම ජනතාවක් වෙසෙන රටවල් අතරට ශ්‍රී ලංකාව ඇතුළත්ව තිබේ.
ඒ, ලෝක සතුටු දර්ශකයේ (World Happiness Report) 134 වන ස්ථානයට පත්වෙමිනි.
ලෝකයේ එක් එක් රටවල වෙසෙන ජනතාව සතුටින් සිටීම වර්ගීකරණයට ලක් කරන ලෝක සතුටු දර්ශකයේ පසුගිය වසරට වඩා එක් අගයකින් මෙවර ශ්‍රී ලංකාව පහත වැටී තිබේ.
එම දර්ශකයට අනුව රටවල් 147ක් අතරින් 2025 වසරේදී ශ්‍රී ලංකාවට 134 වන ස්ථානය හිමිව ඇති අතර, 2024 වසරේ මෙරටට හිමිව තිබුණේ, 133 වන ස්ථානය යි.
ගැම්බියාව, මැඩගස්කර්, ටෝගෝ රාජ්‍යයන් පවා ශ්‍රී ලංකාවට ඉදිරියෙන්
මෙහි විශේෂත්වය වන්නේ, අර්බුද සහිත රටවල් රැසක් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් පසුවීම ය.
ඒ අනුව, ගැම්බියාව (128), මියන්මාරය (129), ලයිබීරියාව (130), ටෝගෝ (131), මැඩගස්කර් (132) සහ සැම්බියාව (133) යන රටවල් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටී.
ශ්‍රී ලංකාවට වඩා පසුපසින් සිටින්නේ, රටවල් 13ක් පමණි.
ඉතියෝපියාව (135), කොමරෝස් (136), එස්වාටිනි (137), ටැන්සානියාව (138), ඊජිප්තුව (139), කොංගෝ (140), ලෙබනනය (141), යේමනය (142), බොට්ස්වානා (143), සිම්බාබ්වේ (144), මලාවි (145), සියෙරා ලියොන් (146) සහ ඇෆ්ඝනිස්ථානය (147) එම රටවල් වේ.
එම දර්ශකයට අනුව අසල්වැසි ඉන්දියාව 116 වන ස්ථානයට පත්ව ඇති අතර, එය 2024 වසරේ වාර්තා කළ 118 වන ස්ථානයට වඩා අගයයන් දෙකක ඉහළ යාමකි.
2024 වසරේදී ලෝක සතුටු දර්ශකයේ 109 වන ස්ථානය හිමිව තිබූ පකිස්ථානය මෙවර එහි 104 වන ස්ථානයට පැමිණ තිබේ.
නේපාලය 2025 වසරේදී 99 වන ස්ථානයට පත්ව ඇති අතර එය 2024 වසරේදී හිමිව තිබූ 92 වන ස්ථානයේ සිට පහත වැටීමකි.
පසුගිය වසරේ අරගලයක් පැවති බංගලාදේශය 2024 වසරේ හිමි කරගෙන තිබූ 134 වන ස්ථානයේ සිට 2025 වසර වන විට 127 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබීම විශේෂත්වයකි.
ලෝක සතුටු දර්ශකයේ පළමු වන ස්ථානය මෙවරත් ෆින්ලන්තය හිමි කරගෙන ඇති අතර ඒ අනුව ලෝකයේ සතුටින් ම සිටින රට ලෙස ෆින්ලන්තය පළමු ස්ථානය හිමි කර ගත් 9 වන අවස්ථාව මෙය බව දර්ශකය පිරික්සීමේදී පෙනී යයි.
2024 වසරේ 3 වන ස්ථානයට හිමිකම් කී අයිස්ලන්තය මෙවර 2 වන ස්ථානය හිමි කර ගැනීමට සමත්ව ඇත.
සතුටු දර්ශකයේ 2025 වසරේ 3 වන ස්ථානය හිමි කර ගත් ඩෙන්මාර්කය 2024 වසරේදී පසුවූයේ 2 වන ස්ථානයේ ය.
පසුගිය දශකය දෙස සලකා බැලීමේදී ශ්‍රී ලංකාව දැනට වාර්තා කර ඇති ඉහළ ම ස්ථානය වන 117 වන ස්ථානය වාර්තා කර ඇත්තේ, 2015 වසරේ දී බව එම දර්ශකයේ දැක්වේ.
2016 වසරේදී 120 වන ස්ථානයත්, 2017 වසරේදී 116 වන ස්ථානය මෙන්ම වසර 2018 දී යළිත් 120 වන ස්ථානයත් මෙරටට හිමිව ඇත.
ඉන් ස්ථානය දහයක්ම පහත වැටී 2019 වසරේ දී 130 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර 2020 වසරේ 129 වන ස්ථානය සහ 2021 වසරේදී 127 ස්ථානය හිමිකරගෙන ඇත.
අර්ථික අර්බුදය හා දේශපාලන අර්බුදය මෙන් ම ගෝල්ෆේස් අරගලය පැවති 2022 වසරේදී 112 වන ස්ථානය හිමිව තිබී අතර, 2023 වසර වන විට එය 128 දක්වා පහත වැටී ඇතැයි ලෝක සතුටු දර්ශකයේ දැක්වේ.
ගෝලීය මත විමසුමක දත්ත මත පදනම්ව ඇති ලෝක සතුටු වාර්තාව යනු, ගෝලීය මට්ටමින් සතුට පිළිබඳව සොයා බලන ලොව ප්‍රමුඛතම ප්‍රකාශනයක් වන අතර, එය 2012 වසරේ සිට වාර්ෂිකව නිකුත් කෙරේ.
ආර්ථික විද්‍යාව, මනෝවිද්‍යාව සහ තවත් ක්ෂේත්‍ර ගණනාවක විශේෂඥයින් මේ වාර්තාවේ 2026 ප්‍රකාශනයට දායක වන අතර, එය, එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සතුටු දිනය වෙනුවෙන් 2026 මාර්තු 20 වන දින නිකුත් කෙරිණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..