මැතිවරණයට පෙර විදුලි බිල තුනෙන් එකකින් අඩු කරන බව කියූ අය දැන් නැවත වරක් විදුලි ගාස්තු 13.5% කින් ඉහළ නැංවීමට යෝජනා කරනවා - පාඨලී චම්පික රණවක
සැප්තැම්බර් 21 වැනිදාට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදුකළ ප්‍රකාශ සහ වර්තමාන ක්‍රියාකලාපය අතර දැඩි පරස්පරතාවයක් පවතින බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
විශේෂයෙන්ම පරන්තන්හි සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කරන බවට ජනාධිපතිවරයා මීට පෙර කළ ප්‍රකාශය පිළිබඳව රණවක මහතා කියා සිටියේ ජනාධිපතිවරයා පැවසූ පරිදි පරන්තන්හි සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කරනවා වෙනුවට, මේ වන විට බාල ගල්අඟුරු දහනය කිරීම මගින් අහසේ සල්ෆියුරික් අම්ලය නිපදවා ඇති බවයි.
මෙහි අහිතකර ප්‍රතිඵල අනාගතයේදී වැසි වසින විට ජනතාවට බලාගත හැකි වනු ඇතැයි ද හෙතෙම අනතුරු ඇඟවීය.
තවද, විදුලි මීටර් යාවත්කාලීන කිරීම සහ විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පවසා ඇති කරුණු ද රණවක මහතාගේ විවේචනයට ලක් විය. ඩිජිටල් මීටර් මෙරටට හඳුන්වා දුන්නේ 2010 වසරේදී බවත්, ඒවා නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් බණ්ඩාරගම දැනටමත් පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය.
මැතිවරණයට පෙර විදුලි බිල තුනෙන් එකකින් අඩු කරන බව පැවසූ පිරිස්, දැන් නැවත වරක් විදුලි ගාස්තු 13.5% කින් ඉහළ නැංවීමට යෝජනා කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ජනාධිපතිවරයා දත්ත සහ සංඛ්‍යාලේඛන නිවැරදිව සොයා බලා කතා කළ යුතු බවත්, සමාජ මාධ්‍ය හරහා සිදුකරන ප්‍රකාශවලින් ජනතාව මුලාවට පත් නොකළ යුතු බවත් හිටපු අමාත්‍යවරයා අවධාරණය කළේය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..