ඉරානයේ දැවැන්තම ගෑස් නිධියට පහර දෙයි..
ලොව විශාල ස්වාභාවික ගෑස් නිදිය ලෙසින් සැලකෙන 'South Pars/North Dome Gas-Condensate field' සංකීර්ණයේ ඉරානයේ විසින් පාලනය කරන 'South Pars' ප්‍රදේශයට ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායට (IRGC) අනුබද්ධ ප්‍රවෘත්ති ඒජන්සිය අදාළ ප්‍රහාරය තහවුරු කරමින් පවසා ඇත්තේ, ප්‍රහාරයත් සමග එම ප්‍රදේශය ගිනිගැනීමකට ලක්ව ඇති බවය.
පර්සියානු බොක්කෙහි පිහිටා ඇති මෙම කලාපය ලොව විශාලතම ස්වාභාවික ගෑස් නිධිය වන අතර, එය කටාර් සහ ඉරානය ඒකාබද්ධව පාලනය කරනු ලබයි.
සමස්ත භූමි ප්‍රදේශය වර්ග කිලෝමීටර් 9,700 (වර්ග සැතපුම් 3,700)ක් වන අතර, ඉන් South Pars අයත් වර්ග කිලෝමීටර් 3,700 (වර්ග සැතපුම් 1,400)ක ප්‍රමාණය ඉරානයට අයත්ය.
කටාරය වර්ග කිලෝමීටර් 6,000 (වර්ග සැතපුම් 2,300)ක් පුරා සිය මෙහෙයුම් කටයුතු සිදුකරයි.
කටාර් රාජ්‍යයේ ආදායමෙන් 80%ක් හිමිකරගන්නේ මෙම ගෑස් ප්‍රභවයෙන් වන අතර, මෙම වසර මුලදී පමණක් ඔවුන් මෙම ප්‍රදේශයෙන් දිනකට ඝන අඩි බිලියන 18.5ක පමණ ගෑස් නිෂ්පාදනය කර ඇත.
එමෙන්ම ඉරානයද දෛනිකව ඝන අඩි බිලියන 2ක ගෑස් නිපදවා තිබේ.
බටහිර සම්බාධක මත ඉරානය හුදකලා කිරීමත්, වැරදි කළමනාකරණය හේතුවෙන් ඉරාන රජයට ඔවුන්ගේ උපරිම නිෂ්පාදන ධාරිතාවට පැමිණීමට නොහැකි වී ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා