News Category
From Date
To Date
Maximum Number of Result

අමෙරිකාවට මිත්‍ර පාක්ෂිකයෝ තවත් නැත: ඉරානයට එරෙහි ට්‍රම්ප්ගේ යුද්ධයේදී ඇමරිකානු මිතුරන් දුරස් වූ ආකාරය-ආචාර්ය ජගත් චන්ද්‍රවංශ

Mar 17, 2026 at 11:28 PM
|

2026 පෙබරවාරි 28 වන දින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට නියෝග කරන අවස්ථාවේදී මිසයිල, මිලිටරි ඉලක්කවලට පහර දෙනවාට වඩා වැඩි යමක් කළේය. එනම් විශ්වාසය, උපදේශනය සහ බෙදාගත් කැපකිරීම් මත දශක ගණනාවක් තිස්සේ ගොඩනගාගත් ඇමරිකානු සන්ධානය මෙම මිසයිල් ප්‍රහාර විසින්   බිඳ දමනු ලැබුවේය.

ගල්ෆ් කලාපය, යුරෝපය සහ වොෂින්ටනය ආශ්‍රිතව ලැබෙන විවිධ මූලාශ්‍ර ඇසුරු කිරීමෙන් වැටහී යන්නේ තමන්ගේ සමීතම හවුල්කරුවන්ගේ උපදෙස්වලට එරෙහිව අමෙරිකාව ඉරානය සමඟ යුද්ධයට අවතීර්ණ වීම හේතුවෙන්, අමෙරිකාව තමන්ගේ කඳවුර තුළ හුදකලා වී ඇති බවයි.

ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය හෙවත් අමෙරිකානු සහචරයින් සඳහා මෙම යුද්ධය  මගින් ලබාදෙන පණිවිඩය ඔවුනට අපැහැදිලි විය නොහැක. එනම් කිසිදු ආයෝජනයකින් ඔබගේ මේසයට අවශ්‍ය පුටුවක් වත් මිලදී ගත නොහැකි වනවා පමණක් නොව පක්ෂපාතිත්වය කොතරම් තිබුණත් ඔබට ආරක්ෂාව සහතික වන්නේ නැත.

ගල්ෆ් සූදුව

පසුගිය දශකය තුළ, ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය රටවල් හය වන සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර් රාජ්‍ය, කුවේටය, බහරේන් සහ ඕමානය නූතන රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල විශාලතම ඔට්ටුව තබා ඇත.එනම් ඔවුන් ඔවුන්ගේ මුළු ජාතික ආරක්ෂාවම එක්සත් ජනපදය සමඟ තනි කේවල් කිරීමක් වටා ව්‍යුහගත කර ඇත. එනම් "අපි ඔබේ කඳවුරු වෙනුවෙන් සත්කාරකත්වය සපයන්නෙමු, ඔබේ ආයුධ මිලදී ගන්නෙමු, එලෙසම ඔබේ ආර්ථිකය තුළ ආයෝජනය කරන්නෙමු. ඒ වෙනුවට, ඔබ අපව ආරක්ෂිතව තබා ගනු ඇතැයි දැඩි විශ්වාසය පල කරමු."

මෙම ප්‍රපංචයේ අංක ගනිතමය විශ්ලේෂනය මගින් විශ්මයජනක අගයක් ලැබේ. එක්සත් ජනපදයට සම්බන්ධ මුළු ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයම අමෙරිකා එක්සත් ජනපදය වෙනුවෙන් කරනු ලබන මූල්‍ය කැපවීමේ ඇස්තමේන්තුගත අගය ඩොලර් ට්‍රිලියන 3–4 ක් වේ. ඒවා ස්වෛරී  අරමුදල්, ආරක්ෂක කොන්ත්‍රාත්තු සහ යටිතල පහසුකම් හවුල්කාරිත්වයන් වැනි විවිධ ක්ෂේත්‍ර පුරා පැතිර පවතී. ඉදිරි දශකය තුළ එක්සත් ජනපදයේ ඩොලර් ට්‍රිලියන 1.4 ක් ආයෝජන කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පමණක් පොරොන්දු වී ඇත. සෞදි අරාබිය ඩොලර් බිලියන 600 ක් අමෙරිකා එක්සත් ජනපදය වෙනුවෙන් කැප කළේය. කටාර් ඩොලර් ට්‍රිලියන 1.2 ක් අමෙරිකානු ආයෝජන මේසය මත තැබීය.

සෑම වසරකම, ගල්ෆ් රටවල් "ආරක්ෂක සහයෝගීතාව" ලෙස අමෙරිකානු නිලධාරීන් විසින් හඳුන්වන ආයෝජන කාණ්ඩයක් සඳහා ආසන්න වශයෙන් ඩොලර් බිලියන 70 ක් එක්සත් ජනපදයට යවනු ලබයි. එම මුදල් මිසයිල ආරක්ෂණ පද්ධතිවල සිට ගුවන් යානා නඩත්තු කිරීම දක්වා සහ ඇමරිකානු හමුදා පෝෂණය කිරීම සහ ඔවුන්ට නවාතැන් ලබා දීම සඳහා වන දෛනික පිරිවැය දක්වා වන සියල්ල ඇතුළත් වේ.

අමෙරිකානු හමුදා භට පිරිස් සෑම තැනකම සිටිති. කටාර්හි අල්-උදෙයිඩ් ගුවන් කඳවුර තුළ ඇමරිකානු භටයින් 10,000 ක් සත්කාරකත්වය දරන අතර එම කඳවුර එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියාගේ මූලික මූලස්ථානයක් ලෙස සේවය කරයි.එලෙසම බහරේනය එක්සත් ජනපදයේ පස්වන බලඇණියට නිවහන ලෙස කටයුතු කරයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය අල් දෆ්රා ගුවන් කඳවුරට සත්කාරකත්වය සපයයි. සෞදි අරාබිය, 2,300 කට අධික භට පිරිසක් සමඟ ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරට සත්කාරකත්වය සපයයි. කුවේට් රාජ්‍යය අරිෆ්ජන් කඳවුරේ සත්කාරකත්වය දරයි. මෙම කඳවුරු වල අවුරුදු හැත්තෑපහක් තිස්සේ,අමෙරිකානු හමුදා විධානය ක්‍රියාත්මක විය. නොවැලැක්විය ලෙස 2026 පෙබරවාරි 28 වන දින පැමිණියේය.

කිසිවක් සිදු නොවූ අනතුරු ඇඟවීම්

පෙබරවාරි 28 ප්‍රහාරයට  පෙර උදාවූ මාසයේ දී,ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයට අයත් සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානය යන රටවල විදේශ අමාත්‍යවරුන් දෙදෙනෙකු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දුසිම් භාගයක් පමණ ඉරානයට පහර නොදෙන්න යන තනි පණිවිඩයක් රැගෙන වොෂින්ටනයේ දූත මෙහෙවරක යෙදුනහ.

ඔවුන් ධවල මන්දිර නිලධාරීන්, රාජ්‍ය දෙපාර්තමේන්තු නියෝජිතයන් සහ කොංග්‍රස් සාමාජිකයින් හමුවිය. ඕනෑම ඉරාන පළිගැනීමක බර තම රටවල් දරා ගන්නා බව ඔවුන් ඉවසිලිවන්තව සහ නැවත නැවතත් පැහැදිලි කළහ. ඕනෑම තීරණයක් ගැනීමට පෙර ඔවුන්ගෙන් උපදෙස් ලබා ගන්නා ලෙස ඔවුන් අවධාරණය කර සිටියහ. එහෙත් ඔවුන්ගේ හඬ අමෙරිකා එක්සත් ජනපදය නොසලකා හරින ලදී.

ඕමානයේ විදේශ අමාත්‍ය බද්ර් අල්බුසයිඩි අවසන් උත්සාහයද  ගනු ලැබීය. ප්‍රහාරවලට පැය කිහිපයකට පෙර, ඔහු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් හමුවූ අතර, පසුව විවිධ මූලාශ්‍ර "හමුදා මෙහෙයුම් වළක්වා ගැනීමේ අවසාන උත්සාහයක්" ලෙස පැවසීය. රැස්වීමෙ අපේක්ෂිත කිසිවක් සිදු වූයේ නැත. ප්‍රහාරය කාලසටහනට අනුව සිදු විය.

ඉරාන මිසයිල සහ ඩ්‍රෝන යානා ගල්ෆ් රටවල නගර දෙසට පියාසර කිරීමට පටන් ගත් විට, කලාපයේ නායකයින් තවත් කටුක සත්‍යයකට මුහුණ පෑහ. එනම්, ඔවුන්ට සූදානම් වීමට කාලය ලබා දී නොතිබුණි. ගල්ෆ් රටවල් දෙකක නිලධාරීන් වාර්තාකරුවන්ට පැවසුවේ "ඇමරිකා එක්සත් ජනපදය යුද්ධය දියත් කර ඇති ආකාරය, විශේෂයෙන් ආරම්භක ප්‍රහාරය" සම්බන්ධයෙන් ඔවුන් කලකිරීමට පත්ව ඇති බවයි. ඔවුන්ට කිසිදු පූර්ව දැනුම්දීමක් ලැබී නොතිබුණි.

යුද්ධය ආරම්භ වූ දා සිට ඉරානය ගල්ෆ් රටවලට අවම වශයෙන් මිසයිල 380ක් සහ ඩ්‍රෝන ප්‍රහාර 1,480කට වැඩි ප්‍රමාණයක් එල්ල කර තිබේ. ප්‍රහාර වලින් අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් ඇත. නම සඳන් කිරීමට  අකමැති වූ ගල්ෆ් කලාපයේ රටක නිලධාරියෙකු පැවසුවේ තම රටේ අන්තර්ග්‍රහක මිසයිල තොගය "වේගයෙන් ක්ෂය වෙමින් පවතින" බවත් එක්සත් ජනපදය ඒවා නැවත සැපයීමට ඉක්මන් නොවන බවත්ය.

"මෙය නෙතන්යාහුගේ යුද්ධයයි,"සෞදියේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියෙකු වන තුර්කි අල්-ෆයිසාල් කුමරු සීඑන්එන් වෙත පැවසුවේය. එලෙසම මෙම අදහස එක්සත් ජනපදය සමඟ කලාතුරකින් සිදුවන මහජන එකඟ නොවීමක් බවත්ය. කෙසේ වුවද ජනාධිපතිවරයාට ඔහු සමඟ එකඟ වන ලෙස ඒත්තු ගැන්වීමට ඔහු සමත් විය.

ෆයිනෑන්ෂල් ටයිම්ස් උපුටා දක්වන වාර්තාවලට අනුව, ගල්ෆ් රාජ්‍යයන් දැන් එක්සත් ජනපදය වෙනුවෙන් ඔවුන් කළ මූල්‍ය කැපවීම් නිහඬව සමාලෝචනය කරමින් සිටී. එම රටවල් වොෂින්ටනයට පොරොන්දු වූ ඩොලර් බිලියන සිය ගණනක් එක රැයකින් අතුරුදහන් නොවිය හැකි නමුත්, ඔවුන්ගේ දායකත්වයට පාදක වූ විශ්වාසය දැනටමත් බිඳී ගොස් තිබේ.

නේටෝව දැස් දල්වා බලා සිටියි

කනස්සල්ලට පත්ව සිටින්නේ ගල්ෆ් රටවල් පමණක් නොවේ. යුරෝපයේ, නේටෝ සංවිධානයේ ඇමරිකානු සහචරයින් ද, එක්සත් ජනපදය අන් අයගෙන් උපදෙස් නොගෙන තනිවම ක්‍රියා කිරීම සම්බන්ධයෙන් වැඩි වැඩියෙන් කනස්සල්ලට පත්ව සිටිති. බොහෝ නේටෝ සාමාජිකයින්, විශේෂයෙන් ඉරානය සමඟ ආර්ථික සබඳතා ගොඩනගාගෙන ඇති දකුණු යුරෝපයේ රටවල්, ප්‍රහාරවලට පෙර තමන්ගෙන් උපදෙස් ලබා නොගැනීම හෝ දැනුවත් නොකිරීම සම්බන්ධයෙන්  පෞද්ගලිකව කලකිරීම ප්‍රකාශ කර ඇත. එක්සත් ජනපදය ප්‍රහාර එල්ල කිරීමේ තීරණය තනිවම ගත් විට, එක්සත් ජනපදය විශ්වාසදායක සහකරුවෙකු නොවිය හැකි බවට වන කනස්සල්ල නැවත ඇති කළේය. මෙම කනස්සල්ල මුලින්ම ඇති වූයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළ වන අතර ඔහු නැවත බලයට පත්වීමෙන් පසු එම අදහස ශක්තිමත් වී ඇත.

බ්‍රසල්ස් හි නේටෝ මූලස්ථානයේදී,නේටෝවට සම්බන්ධ රාජ්‍යවල රාජ්‍ය තාන්ත්‍රිකයින් පවසනු ලැබුවේ අසරණභාව වර්ධනය වන හැඟීමක්  බවට පත්ව තිබෙන බවයි. සමහර මිත්‍ර රටවල් කලාපයේ ගුවන් ආරක්ෂාව සඳහා උදව් කර ඇතත්, ඔවුන් තවදුරටත් සම්බන්ධ වීමට ඉතා පසුබට වෙති. බොහෝ යුරෝපීය නායකයින් මෙය ප්‍රධාන වශයෙන් එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සම්බන්ධ ගැටුමක් මිස නේටෝව සඳහා යුද්ධයක් නොවන ලෙස සලකති. එබැවින් ඔවුන් තවදුරටත් මෙම යුද්ධයට මැදිහත් වීමට අභිලාශයක් නැත.

මේ තත්ත්වය ඉතාමත් නරක කාලයක් උදා වීමට හේතු වී තිබේ. එක්සත් ජනපද රජය යුරෝපීය සහචරයින්ට ආරක්ෂාව සඳහා වැඩි මුදලක් වැය කිරීමට බල කරමින් සිටින අතර, දැන් යුරෝපය ආරම්භ කිරීමට උදව් නොකළ ගැටුමකට සහාය දෙන ලෙසද ඉල්ලා සිටී.

ඇතුළත යුද්ධය

අනෙකුත් රටවල් සමඟ පවතින සබඳතා නොසන්සුන් නම්, ඇතුළත තත්වය ඊටත් වඩා නරක අතට පත් වීම අනිවාර්ය වේ. එනම් එය විවෘත ගැටුමක් වැනි ය. ඉරානයට පහර දීමට කළ තේරීම ට්‍රම්ප් පරිපාලනය තුළම බරපතල මතභේද ඇති කර ඇත. ජනාධිපතිවරයා පෞද්ගලිකව ඔවුන්ගේ නායකයා ලෙස තෝරාගත් පුද්ගලයින් අතර පවා එම මතභේද ඉතා විශාල බැවින් "අමෙරිකාව නැවතත් උත්කර්ෂයට ඔසවා තබමු" ව්‍යාපාරය  එනම්, උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් සහ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ අතර කරලියට පැමිණ තිබෙන සීතල ගැටුම මගින් මෙය හඳුනාගත හැක.

ඉරාකයේ සේවය කළ නාවික හමුදා ප්‍රවීණයෙකු වන වැන්ස්, පක්ෂයේ හුදකලා අංශය නියෝජනය කරයි. ඔහුගේ අතීත විදේශ ප්‍රතිපත්තියේ   ලේඛන"මහා සංයමයක්" සහ "මැද පෙරදිග ලෝක ඓතිහාසික ව්‍යසන" වළක්වා ගැනීමේ ආශාව අවධාරණය කරයි. ප්‍රහාර සැලසුම් කළ විට, ඔහු කාමරයේ සිටි අනෙක් අයට වඩා "අඩු උද්යෝගිමත්"පුද්ගලයෙකු වූ බව වාර්තා වේ. ජාතික බුද්ධි අධ්‍යක්ෂ තුල්සි ගැබාර්ඩ් සමඟ, ජනාධිපතිවරයා මාර්-ඒ-ලාගෝ හි රුබියෝ සමඟ ගුලි වී සිටියදී ඔහු ධවල මන්දිර කාමරයේ සිට මෙහෙයුම නිරීක්ෂණය කළේය.

රුබියෝ ඔහුට ප්‍රතිවිරුද්ධ ස්ථාවරය ගත්තේය. ඔහු සෘජු මිලිටරි ක්‍රියාමාර්ගයට කැමති වූ අතර  "අමෙරිකාව නැවතත් උත්කර්ෂයට ඔසවා තබමු" ව්‍යාපාරයට පක්ෂපාතීවූ පිරිස් හෙළා දකින "නව සංස්ථාපිතයට" සමීප වන දැඩි වාග්ලංකාරයක් අනුගමනය කර ඇති බවද වාර්තා වේ.

විශ්ලේෂකයින් වැන්ස්-රුබියෝ ගැටුම 2028 සඳහා ප්‍රොක්සි සටනක් ලෙස සලකති. දෙදෙනාම ට්‍රම්ප්ගේ දේශපාලන පදනමේ  උරුමක්කාරයන් ලෙස සැලකේ. රිපබ්ලිකන් ආධාරකරුවන් අතර, රුබියෝ වර්තමානයේ ප්‍රියතම අනුප්‍රාප්තිකයා වේ - මෙය වැන්ස් කොන් කරනු ලබන බවට මතයක් ඇති කර ඇති කරුණකි.

ට්‍රම්ප්ගේ වඩාත්ම පක්ෂපාතී ආරක්ෂකයෙකු වූ හිටපු කොංග්‍රස් සභික කාන්තාවක් වන මාජෝරි ටේලර් ග්‍රීන්, 2026 මුල් භාගයේදී කොංග්‍රසයෙන් ඉල්ලා අස්වූයේ පක්ෂය, "යුද්ධය වැනි ප්‍රධාන කාරණා සම්බන්ධයෙන් වැරදි දිශාවකට ගමන් කරන" බව පවසමිනි. ටකර් කාල්සන්,  ගැටුම "නපුරු" ලෙස හැඳින්විය. ජෝ රෝගන් ප්‍රහාර "අනවශ්‍ය ආක්‍රමණ" ලෙස හැඳින් වීය.

මේ වන විට අභ්‍යන්තර ගැටුම් පුද්ගලික ගැටුම් බවට පත්ව ඇත. ද ඩේලි වයර් හි නිර්මාතෘ බෙන් ෂැපිරෝ, කාල්සන්ව "පිස්සු" ලෙසත්,  කෙලී "බියගුල්ලෙකු" ලෙසත් හැඳින්වූ අතර ඔහුගේ හිටපු සහචරයින් කිහිප දෙනෙකු "යුදෙව් විරෝධීවාදය පෝෂණය කරන" බවටත් චෝදනා කර ඇති බව වාර්තා වේ. එලෙසම කාල්සන් ෂපිරෝගේ විදේශ ප්‍රතිපත්ති දැනුම සමච්චලයට ලක් කර ඇත.

අමෙරිකානු පරිපාලනයේ දේශීය න්‍යාය පත්‍රය පවා ඉතිරි කර නැත. අධිකරණ දෙපාර්තමේන්තුවේදී, ට්‍රම්ප්ගේ හිටපු පුද්ගලික නීතිඥයෙකු වූ නියෝජ්‍ය නීතිපති ටොඩ් බ්ලැන්ච් සහ "අමෙරිකාව නැවතත් උත්කර්ෂයට ඔසවා තබමු" ව්‍යාපාරයේ ප්‍රභලයකු වන එක්සත් ජනපද නීතිඥයෙකු වන එඩ් මාටින් අතරද විරසකයක් ඇති වී තිබේ. විෂමාචාර පිළිබඳ වාර්තාවලින් පසුව, ජනාධිපතිවරයාගේ දේශපාලන සතුරන් විමර්ශනය කරන ප්‍රධාන තනතුරකින් බ්ලැන්ච් විසින් මාටින්ව ඉවත් කළ අතර, එය සාම්ප්‍රදායික "නීතියේ ආධිපත්‍යය" ගතානුගතිකයින් සහ වඩාත් ආක්‍රමණශීලී, දේශපාලනිකව මෙහෙයවනු ලබන නඩු පැවරීම් සඳහා තල්ලු කරන අය අතර අරගලය නිරූපණය කළ පියවරකි.

ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේදී, අවුල් සහගත තත්ත්වය "නිරන්තර" බව විවිධ වාර්තා වලින් පෙනී යයි. ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයම් සහ "දේශසීමා සාර්" ලෙස හඳුන්වන ටොම් හෝමන් ප්‍රසිද්ධියේ ගැටුම් ඇති කර ගෙන ඇති අතර, නොයම් ආක්‍රමණශීලී උපක්‍රම ආරක්ෂා කරන අතර හෝමන් උත්සන්න වීම අඩු කිරීමට සහ නිසි විමර්ශන සඳහා උත්සාහ කරයි.

ඉතිරිව ඇති දේ

ඇමරිකානු නායකත්වයේ වසර හැත්තෑපහක් සරල පොරොන්දුවක් මත ගොඩනගා ඇත. එනම් "ඔබ අප සමඟ සිටින්නේ නම්, අපි ඔබ සමඟ සිටිමු" යන්නයි. එම පොරොන්දුව කටාර්හි කඳවුරු, සෞදි ආයෝජන බිලියන ගණනක්, බහරේනයේ පස්වන බලඇණිය, කුවේටයේ හමුදා සඳහා ආදි වශයෙන් වූ විවිධ පොරොන්දු වලට අවනතව යටත් විය. අද, එම පොරොන්දුව කඩ වී ඇත.

ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය ඇමරිකානු හවුල්කාරිත්වයේ ඩොලර් ට්‍රිලියන 4 ක් දක්වා ආයෝජනය කළේය. ඔවුන් ඇමරිකානු කඳවුරු සඳහා සත්කාරකත්වය ලබා දුන්හ. ඔවුන් ඇමරිකානු ආයුධ මිලදී ගත්හ. ඔවුන් යුද්ධයට එරෙහිව අනතුරු ඇඟවීය. කෙසේ වෙතත් යුද්ධය පැමිණි විට, ඔවුන්ට තනිවම ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවිය.

බ්‍රසල්ස්හිදි, රියාද්හිදි, අබුඩාබියේදි, දෝහාහිදි, අසනු ලබන ප්‍රශ්නය එකම ය. එනම් පක්ෂපාතීත්වය මිලදී ගන්නේ මෙය නම්, එහි වටිනාකම කුමක්ද?

පවතින සාක්ෂි මත පදනම් වූ පිළිතුර දිරිගන්වන සුළු නොවේ. ලෝකයේ එකම සුපිරි බලවතා දශක ගණනාවකින් පසු එහි භයානකම අර්බුදයට මුහුණ දෙමින් සිටින්නේ පරිපාලනයත් තමාටම එරෙහිව බෙදී ඇති, එහි විශ්වසනීයත්වය ප්‍රශ්න කරන සහචරයින් සහ විවෘත කැරැල්ලක දේශීය දේශපාලන ව්‍යාපාරයක් සමඟිනි.

ඉරානයට පතිත වූ මිසයිල මනිනු ලබන්නේ හානි තක්සේරු කිරීම් සහ තුවාල ගණන අනුව ය. නමුත් මෙම යුද්ධයේ සැබෑ පිරිවැය, පරම්පරා තුනක් ඇමරිකානු නායකත්වය පවත්වා ගෙන ගිය හවුල්කාරිත්වයේ ඛාදනය නිවැරදි ලෙස ගණනය කිරීමට වසර ගණනාවක් ගතවනු ඇත.

වරක් ඇමරිකාව සමඟ සිටි සහචරයින් වික්ෂිප්තව බලා සිටිති. ඔවුන් සියල්ල නැවත සිතා බලමින් සිටිති.

සම්බන්ධිත පුවත් | Related News

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදම් පිල්ලේ 2026 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් අද (9) පිදුම් ලැබීය.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ප්‍රධාන පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.