එදා කිව්ව කොමිස් එකයි බද්දයි අඩු කරලා ඉන්ධන ලාබෙට දෙන්න.. - නාමල්
‘ආණ්ඩුව QR එක ගැන මීට කලින් කල්පනා කරන්න තිබ්බා පහුගිය කාලේ අපි දැක්කනේ මේ ජනාධිපතිවරයාම පහුගිය ආණ්ඩුවෙන් QR එක දානකොට කියපු කතා ටික. දැන් ඒ වගේම තමයි ලෝකේ බොහෝ රටවල් මීට පෙර මේ සම්බන්ධයෙන් සූදානම් වුණා. පරක්කු වෙලා හරි අපි ඒ සම්බන්ධයෙන් සූදානම් වීම ගැන අපි සතුටු වෙනවා’ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,
"ගල් අඟුරු වංචාව වෙච්ච පාඩුව වහගන්න අද පළවෙනියටම තෙල් මිල වැඩි කරන්න සිද්ධ වුණා. ඉතින් ගල් අඟුරු වංචාවෙන් පාඩුව අන්තිමට සමස්ථ ජනතාවටම විදදරා ගන්න සිද්ධ වෙනවා. ඒ විදදරා ගැනීම ලෝක යුද්ධයකට සීමා කරලා බේරගන්න උත්සාහ කරනවා. ලෝක වෙළඳපොළේ තෙල් මිල ගැන අවබෝධයක් ලබා ගත්තේ ආණ්ඩුව බලයට ඇවිල්ලා පස්සේ වෙන්න පුළුවන්.හැබැයි ගල් අඟුරු වංචාවෙන් වෙච්ච පාඩුව ලෝක වෙළඳපලේ වෙච්ච හින්දා පාඩුවක් නෙවෙයි.මේ ආණ්ඩුවේ ක්‍රියා කලාපය හා වංචාව නිසා වෙච්ච පාඩුවක්.ඒක වහගන්න ලෝක වෙළඳපලට ඇඟිල්ල දික් කරලා හරියන්නේ නැහැ.
තවත් පැත්තකින් ඒ කාලේ කිව්වානේ ඇමතිවරයාට එකසිය පනහක් හම්බවෙනවා කියලා.ඉතින් ඒ එකසිය පනහ තෙල් මිලෙන් අඩු කරලා ජනතාවට සහනයක් දෙන්න.එදා ආණ්ඩුවේ හිටපු ඇමතිවරු හොරකම් කරා නං නම් 150 ක් දැන් ඒක හොරකම් කරන්නෙ නැත්තං ඒ එකසිය පනහ අඩු කරන්න.අඩුකරලා ජනතාවට සහනයක් දෙන්න.දැන් ජනාධිපතිතුමා ඇවිල්ලා කියන්න එපා තෙල් ලිඳවල් නැති නිසා තෙල් මිල වැඩි කරන්නේ එතුමාගේ වාසියට නෙවෙයි කියලා. ජනාධිපතිවරයා පරිගණක ක්ෂේත්‍රයේ ඉහළ කෙනෙක් නෙවේ නිසා QR එක ගැනත් අහන්න එපා කියලා කියාවිද දන්නේ නැහැ.
හැබැයි ඒ කෙසේ වෙතත් කරුණාකරලා අත්‍යවශ්‍ය සේවාවන් වලට වෛද්‍යවරුන්ට ත්‍රීවිල් වලට මොකද ඔය කියන තෙල් ගානෙන් හයර් දුවන්න නම් හම්බවෙන්නේ නැහැ විශේෂයෙන්ම නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවලින් දුවන්න වෙන්නේ දුර දුවන හයර්නේ ඒ හින්දා මේ දේවල් ගැන ආණ්ඩුව ප්‍රායෝගිකව බලන්න ඕනේ.ඒ වගේම වෙළඳ ව්‍යාපාර සංචාරක ව්‍යාපාරය වැඩි ක්ෂේත්‍රයන් වලට ආණ්ඩුව අවධාරණය යොමුකරලා යම් වැඩපිළිවෙලක් හදන්න ඕනේ.
මේ වෙනකොට නිවසේ සිට රාජකාරී කිරීම වැනි තීන්දු ගතයුතුයි.මන් දැක්ක ජනාධිපතිවරයා අධ්‍යයනය කරන්න ඕනේ කියලා කියලා තියෙනවා. ඉතින් අධ්‍යනය කරන්න දෙයක් නෑ කොවිඩ් 19 වසංගතය වෙලාවේ මුළු ලෝකයම වහපු වෙලාවෙත් work from home නැත්නම් නිවසේ සිට කටයුතු කරන්න රාජ්‍යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න කටයුතු කෙරුවා.ඉතින් අධ්‍යනය කරලා තීන්දුවක් ගන්න දෙයක් නෙවෙයි.හැබැයි මේ කාලසීමාවේ ලෝකයේ සිදුවන දේ අනුව අපි අනුගත වෙන්න ඕනේ.හැබැයි කලින් නම් කිව්වනේ අපිට ඕන තරම් තෙල් තියනවා බයවෙන දෙයක් නෑ කියලා.තමන්ගේ ආණ්ඩුව පිළිබඳව නොදැනුවත්කම තමන්ගේ තිබෙන තෙල් සංචිත පිළිබඳව සහ මේක කොතරම් කාලයකට ඇතිද කියන කාරණය ගැන එක්කෝ නොදැනුවත්කම නැත්තං දැන දැන තමන්ගේ මහන්තත්තකම මත ආණ්ඩුව කරන්න කටයුතු කරා. අපි දැක්ක පහුගිය ආණ්ඩුවල මෙවැනි තීන්දු ගන්න පරක්කු වෙච්ච නිසා අවසානය අරගලයක් ඇවිල්ලා ආණ්ඩුවට යන්න වුණා. ඉතින් මේ ආණ්ඩුවත් පහු නොකර නියමිත වේලාවට තීන්තු තීරණ ගනියි කියල අපි හිතනවා.
මේ වෙලාවෙත් පොහොර හිඟයක් තියෙනවා. පහුගිය කන්නේ පොහොර වල මුදල් ආණ්ඩුවෙන් දුන්නෙත් නැහැ පොහොරවල මිල ගොවියට දරාගන්නත් බැහැ. ඉතින් මේ තත්ත්වය අනුව පොහොරවල හිඟයක් වගේම පොහොරවල මිල අසීමිත තැනකට යන්න පුළුවන්.ආණ්ඩුව ගොවියා ගැන තඹ සතේකට ගණන් ගන්නේ නෑ. ආණ්ඩුව හිතනවා පිටරටින් හාල් ගෙනල්ලා දෙන්න පුළුවන් කියලා.ඉතින් මේ කාල සීමාවේ මොන රටින්ද අපිට හාල් දෙන්නේ කියන ප්‍රශ්නෙත් අහන්න වෙනවා.අපේ ගොවියා ශක්තිමත් කරලා වවා ගත්තේ නැත්නම් අපේ ගොවිතැන් ටික හේන් ටික වගා කරේ නැත්නම් අපේ මත්ස්‍ය අස්වැන්නෙන් ස්වයංපෝෂිත කරගන්න හැකි තාක් දුරට උත්සාහ කරේ නැත්නම් අපිට තව රටකට වැඳ වැඳ ඉන්න වෙනවා මිනිස්සුන්ට කන්න ටික දෙන්නත්. ඉතිං ඒ බව දැන දැනත් ආණ්ඩුව ගොවිජනතාවගේ ආර්ථිකය වට්ටන්න කටයුතු කරනවා.
දැන් ඉතින් ඒ වෙනස පේනවනේ ගොවියට තියෙන තත්වයත් මෝල්හිමියට තියෙන තත්ත්වයක් බැලුවම මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය හොඳටම පේනවා.ඉතින් පැහැදිලිවම අපිට ඉදිරි කාල සීමාව තුළ ගොවි ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදු වෙච්ච හානිවලට වන්දි ගෙවා ගන්නත් ආණ්ඩුවට තවම බැරිවෙලා තියෙනවා.ඉතින් මෙවැනි පරිසරයක ගොවි ජනතාව විශාල අසීරුතාවයකට පත්වෙලා තියෙනවා ඉතින් මේ කාරණය ඇතුළෙදි ඉදිරියේදී පාරිභෝගිකයටත් මේකට මුහුණ දෙන්න සිද්ධ වේවි.එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව වෙලාවේ අපි පුනර්ජනනීය ශක්තියට ආයෝජනය කරන්න සුළං විදුලි බලාගාරවලට ආයෝජකයෝ ගෙනල්ලා සූර්ය බලයෙන් විදුලිය උත්පාදනයකරන්න හැකිතාක් උත්සාහ කෙරුවේ මේ ලෝකයේ ඉදිරියේ ඇතිවෙන්න පුළුවන් අභියෝග පිළිබඳව යම් අවබෝධයක් ඇතිව.ඉතින් මේ ආණ්ඩුව බලයට ආවම ඒ පිළිබඳ අවබෝධයක් නැතුව ඒ ව්‍යාපෘති නවත්තලා ආයෝජකයෝ එළවලා දැම්මා.දැන් ඩීසල් වලින් ඩීසල් මාෆියාව එක්ක ආණ්ඩුව කටයුතු කරනවා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..