News Category
From Date
To Date
Maximum Number of Result

කුසට සාගිනි හදට සෝගිනි නිවන්න පොරොන්දු දීල ආපු ආණ්ඩුව අද මුළු මහත් ජාතියම තෙල් පෝලිමට තල්ලු කරලා.. ඇමරිකානු පදයට පාද තියලා නටපු “හුණ්ඩු ආණ්ඩුව”ට දැන් රුසියාව පස්සෙන් තෙල් ඉල්ලගෙන යන්න වෙලා - විමල් වීරවංශ

Mar 16, 2026 at 05:05 PM
|

කයිවාරු වලින්, පුරාජේරු කතා වලින් හා උද්දච්චකම්වලින් හිස උඩුම්මවාගෙන ඇමරිකානු හඬට හා අයි එම් එෆ් තාලවලට පාද තිය තියා නටමින් සිටි “හුණ්ඩු ආණ්ඩුව” අද මැද පෙරදිග හදිසි ලෝක තත්ත්වයන් මත නිර්මාණය වූ ඉන්ධන අර්බුදවලට මුහුණ දී ගත නොහැකිව ඉන්ධන ඉල්ලමින් රුසියාව පසුපස යන්නට පටන් ගෙන ඇතැයි විමල් වීරවංශ පවසයි.

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා බත්තරමුල්ලේ පක්ෂ කාර්යාලයේ අද (16) උදේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් පෙන්වා දුන්නේ නිවැරදි කළමනාකරණයකින් යුතුව පුරාජේරු කතා වලින් හා උද්දච්චකමින් මිදී සබුද්ධිකව කටයුතු කළේ නම් මේ දැන් ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය ඉතා පහසුවෙන් කළමනාකරණය කර ගැනීමට ආණ්ඩුවට ඉඩ තිබුන බවයි... 

මැදපෙරදිග යුදමය තත්ත්වය දිගැස්සෙන බවට ජාත්‍යන්තර විශේෂඥයන් අනතුරු අඟවා තිබියදී, මෙරට පාලකයන් පූර්ව පියවර ගැනීම වෙනුවට පුරසාරම් දොඩමින් සිටි බව ඔහු පෙන්වා දුන්නේය.

1970 දශකයේ අගභාගයේදී එවකට මුදල් ඇමති “රොනී ද මැල් මහතා”, යුක්‍රේනයේ නියඟයක් ඇති වන බවට වූ එක් සඟරා ලිපියක් ඇසුරෙන් තිරිඟු පිටි හිඟයක් සහ ඩොලරයේ අගය ඉහළ යාමක් පුරෝකථනය කර, රන් සංචිත ඩොලර් බවට පත් කරමින් රට ආරක්ෂා කළ ආකාරය වීරවංශ මහතා මෙහිදී සිහිපත් කළේය. එහෙත් වත්මන් “හුණ්ඩු පාල” පාලකයන්ට එවැනි කිසිදු දැක්මක් නොමැති බව ඔහු චෝදනා කළේය.

රුසියාව විසින් මෙරටට පිරිනැමූ “කුඩා පරිමාණයේ න්‍යෂ්ටික බලාගාර ව්‍යාපෘතිය” ඇමෙරිකාවට ඇති බය නිසා ප්‍රතික්ෂේප කළ ආණ්ඩුව, දැන් තෙල් සහ පොහොර ඉල්ලා රුසියාව හමුවේ වැඳ වැටෙමින් සිටින බව ඔහු හෙළි කළේය. රුසියාවෙන් තෙල් ලබා ගැනීමට නම් රූබල් හෝ යුවාන්වලින් මුදල් ගෙවිය යුතු බවත්, ඩොලරයේ ආධිපත්‍යය ලෝකය තුළ බිඳ වැටෙමින් පවතින බවත් ඔහු අවධාරණය කළේය.

එසේම, ආණ්ඩුව මිත්‍ර රටවල් සමඟ පවතින සබඳතා බිඳ දමාගෙන ඇති අතර, ඇමෙරිකානු එක්සත් ජනපදයේ යුද නාවික යාත්‍රා සහ ප්‍රහාරක ගුවන් යානා මෙරට ගුවන් තොටුපළ හා වරායවල් වෙත ගෙන්වා ගැනීමට ඉඩ සැලසෙන පරිදි ඒවා සංවර්ධනය කිරීමට සාකච්ඡා පවත්වමින් සිටින බවද වීරවංශ මහතා අනාවරණය කළේය. දූෂිත ගල්අඟුරු සහ ගෑස් ටෙන්ඩර් හරහා ආණ්ඩුවම අර්බුද නිර්මාණය කරමින් ජනතාව පීඩාවට පත් කරන බවත්, පාලනය කරගත නොහැකි නම් මෙම "අවුරුදු එකහමාරේ සාපය" වහා අවසන් කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

“කොවිඩ් වසංගතය වගේ එකක් නොවේ මේක. මැදපෙරදිග යුද්ධය දිගු යුද්ධයක් බවට පත්වන බව බටහිර යුද විශේෂඥයින් සහ සී.අයි.ඒ. ප්‍රධානීන් කලක සිටම අනාවැකි කළා. ඉරානයට ඔරොත්තු දෙන්න පුළුවන් ශක්තිය තියෙනවා. නමුත් අපේ ජනාධිපතිවරයා, මහ බැංකු අධිපතිවරයා සහ අනෙකුත් ඇමතිවරුන් කියන්නේ ‘අපට තියෙනවා ශක්තිය ඔරොත්තු දෙන්න’ කියන පුරසාරම් කතාවලින් පමණයි. මේ පුරසාරම් කතාවලින් අර්බුදය කළමනාකරණය කරන්න පුළුවන්ද?” යනුවෙන් වීරවංශ මහත්තුමා ප්‍රශ්න කළේය.

වීරවංශ මහත්තුමා තවදුරටත් පෙන්වා දුන්නේ, “ලංකාවේ කිසිම ව්‍යාපෘතියකට ඉඩක් නැහැ” කියා, රුසියානු තානාපතිවරයා ප්‍රසිද්ධියේ කියා තිබිය දී දැන් ආණ්ඩුව රුසියාවේ සරණ පතා තෙල් නැව් ඉල්ලන බවයි. 

“රුසියාව කියනවා මුදල් කලින් ගෙවන්න, රූබල්වලින් හෝ යුවාන්වලින් ගෙවන්න, ඩොලර්වලින් බැහැ,  ඒ ගෙව්වත් මාසයක් යනවා තෙල් දෙන්න” කියලා. ඒත් මේ ආණ්ඩුවේ උද්දච්ච මහ බැංකු අධිපති කලින් කිව්වේ ‘රූබල්වත් යුවාන්වත් බැහැ’ කියලා. දැන් යුවාන් එකට ලෝකෙ ඉල්ලුම වැඩි වෙනවා. හෝමුස් සමුද්‍ර සන්ධියෙන් තෙල් ගේන්න පුලුවන් යුවාන්වලින් විතරයි. ඩොලර් ආධිපත්‍යය බිඳ වැටෙනවා. ඒ නිසා ඩොලර් සංචිත නොව යුවාන් වගේ මුදල් සංචිත තියාගන්න ඕනේ. ඒකවත් මේගොල්ලන්ට තේරෙන්නේ නැහැ.” යයි විමල් වීරංශ පවසයි.

“ඇමෙරිකාව අපේ ගුවන්තොටුපල සහ වරායන් තමන්ගේ මිලිටරි තිප්පොල බවට පත් කරගන්න බලනවා. මිත්‍ර රටක් එකක්වත් ඉතුරු වෙලා නැහැ. රුසියාවෙන් තෙල් ගන්නවා නම් දැන් රුබල් හෝ යුවාන් ගන්න ඕනේ. ඒකවත් තේරුම් ගන්නේ නැහැ.”

වීරවංශ මහත්තුමා තවදුරටත් ප්‍රකාශ කළේ, “කිව්.ආර් කේතයක් හදාන්න බැරි, මාළු ඉන්න තැන් SMS එකකින් කියන්න කියලා” වැනි අසාර්ථක ක්‍රියාකාරකම් මගින් ආණ්ඩුව තමන්ම අර්බුද නිර්මාණය කරන බවත්, නොරොච්චෝලේ බාල ගල්අඟුරු සහ ගෑස් ටෙන්ඩර් හොරකම් වැනි ස්වයං නිර්මිත අර්බුද ගැනත් චෝදනා කළේය.

“මේක ලෝක තත්ත්වයක් විතරක් නෙවෙයි. තමන්ම හදපු අර්බුදවලට පිළියම් දෙන්න බැරි ආණ්ඩුවක්. පුරාජේරු කතා, සුපර්මෑන් කතා කියාගෙන රට හුණ්ඩු පාලනයක මට්ටමට වට්ටලා දාලා තියෙනවා. 76 අවුරුදු සාපයටත් වඩා මේක භයානකයි. දැන් ඕනේ ප්‍රඥාවන්ත, දැනුමැති, දැනුම්වත් දේශපාලන නායකත්වයක්. කවටකතාකාරයින්ගෙන්, හුණ්ඩුවන්ගෙන් රට බේරාගන්න බැහැ” යනුවෙන් වීරවංශ මහත්මා සාකච්ඡාව අවසන් කළේය.

විමල් වීරවංශ මහතාගේ සම්පූර්ණ දේශනය (පිටපත)

"සුභ උදෑසනක් මාධ්‍යවේදී ඔබ සියලු දෙනාට. මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට අප කල්පනා කළේ රටේ උද්ගත වෙලා තිබෙන, විශේෂයෙන්ම බලශක්ති අරබුදය පිළිබඳව, එ් හා බැඳුණු කරුණු පිළිබඳව මේ රටේ පොදු ජනතාව දැනුවත් කිරීම සඳහා. 

අපි තේරුම් ගන්න ඕනා සාමාන්‍යයෙන් “කොවිඩ්” වසංගතය වගේ එකක් පූර්ව අනතුරු අඟවලා එන එකක් නෙවෙයි. කොවිඩ් වසංගතය වගේ එකක් ලෝකයේ එක තැනකින් පටන් අරගෙන මුළු ලෝකෙටම ව්‍යාප්ත වෙනවා, කෙටි කාලයක් ඇතුළත. එතකොට ඒ සම්බන්ධයෙන් පූර්ව සැලැස්මකට යනවයි කියන එක එතරම් සුවිසාල ඉඩක් ඒකට ලැබෙන්නේ නෑ. යම්කිසි ඉඩක් ලැබෙනවා. නමුත් සුවිසාල ඉඩක් ලැබෙන්නේ නැහැ. 

හැබැයි මේ මැද පෙරදිග ගැටුම්කාරී තත්ත්වය, යුධමය තත්ත්වය දිගැස්සුනු තත්ත්වයක් බවට වර්ධනය වේවිය කියන “පුරෝකතනය” බොහෝ බටහිර යුධ විශේෂඥයන්... සමහරු හිටපු සී. අසි. ඒ. ප්‍රධානීන්, සමහරු ජාත්‍යන්තර යුධ විශේෂඥයන්, ඒ බොහෝ දෙනෙක් අනාවැකි ඵල කළා... මෙය ට්‍රම්ප් ජනාධිපතිවරයා හිතන විදිහට කෙටි කාලයකින් අවසන් වන එකක් නෙවෙයි. දිගැස්සුනු යුද්ධයක් බවට පත් වෙනවා. ඒකට ඔරොත්තු දීමේ ශක්තිය ඉරානය සතුව තිබෙනවා කියලා.

එතකොට ඒ ඒ අනාවැකී එලෙස ඵල කරලා තියෙද්දී මේ රටෙන් අපට අහන්න හම්බවුනේ අපේ රටේ ජනාධිපතිවරයාගෙන්, ඒ වගේම මහ බැංකු අධිපති වරයාගෙන් සෙසු ඇමතිවරුන්ගෙන් අහන්න ලැබුණේ අපට තියෙනවා ශක්තිය ඔරොත්තු දෙන්න. කලින්ට වඩා ශක්තිය අපට තියෙනවා ඔරොත්තු දෙන්න. මේ වගේ “පුරසාරම් කතා” පමණයි අහන්න ලැබුණේ. දැන් ඒ පුරසාරම් කතාවලට මේ වගේ අර්බුදයක් කළමනාකරණය කරන්න පුළුවන්ද? ඒ පුරසාරම් කතාවලින් මේ රට මුහුණ දීලා තිබෙන මේ දැවැන්ත අරබුදකාරී තත්ත්වය, ඒකට අවශ්‍ය කරන පූර්ව පියවර ගන්න හැකියාවල් ලැබුණද? මොනවද පූර්ව වශයෙන් ගත්තු පියවර? 

අපි කල්පනා කරලා බලමු... දැන් මේගොල්ලෝ කියනවනේ මොකක්ද මේ 76 අවසරක සාපයක් ගැනනේ කියන්නේ. දැන් 76 අවසරක සාප කාලේ මම එක උදාහරණයක් කියන්නද? අපි එකඟ වුණත් නැතත් ඒ අතීතයෙන් පස්සේ ගොඩනැගිච්ච ආණ්ඩුවේ ඔබ දන්නවා මුදල් ඇමතිවරයා හැටියට හිටියා රොණී ද මැල් මහත්මයා. රොණී ද මැල් මහත්මයා එක අවස්ථාවක ඉකොනමික් රිවීව් (Economic Review) සඟරාව කියවනකොට, එහි එක ලිපියක තිබුණා.... තව මාස හතර පහකින් දැවැන්ත නියඟයක් එනවා “යුක්‍රේනයට” කියලා. දැවැන්ත නියඟයක් ඇති වෙනවා තව මාස හතර පහකින් කියලා. ඔච්චරයි තියෙන්නේ ඔය ලිපියේ.

ඒ අනුව රොණී ද මැල් මහත්මයා මුදල් ඇමති හැටියට ඔහු මේක විග්‍රහයකට ලක් කරනවා. මාස හතරකින් පහකින් යුක්‍රේනයට නියඟයක් එනවා නම්, රුසියාව පවතින්නේ යුක්‍රේනයේ අස්වනු මත නම්, තිරිඟු පිටි අස්වැන්න මත නම්, එතකොට රුසියාවට අවශ්‍ය තිරිඟු පිටි ටික යුක්‍රේනයෙන් ලැබෙන්නේ නැති වෙනවා. ඒ නිසා රුසියාවට සිද්ධ වෙනවා තිරිඟු පිටි ඇමෙරිකාවෙන් මිලදී ගන්න. එතකොට තිරිඟු පිටි වලට “අධි ඉල්ලුමක්” එනවා. අධි ඉල්ලුම ආවම තිරිඟු පිටි මිල ඉහළ යනවා. ඒ නිසා එවෙලේම රොණී ද මැල් මහත්මයා මුදල් ඇමති හැටියට මහ බැංකු අධිපතිට කතා කරලා කියනවා, ඒ වෙලාවේ හිටපු මහ බැංකු අධිපති “වර්ණසේන රාසපුත්‍ර” මහත්මයා. 

මහ බැංකු අධිපතිට කතා කරලා කියනවා. මේ තත්ත්වය පැහැදිලි කරලා, වෙළඳ ඇමතිටත් කියලා, අපි ගබඩා ටික පිරික්සලා පිරිසිදු කරගෙන ඉක්මනට තිරිඟු පිටි වැඩිපුර තොගයක් ගෙනල්ලා මේ රට ඇතුලේ ගොඩ ගහගමු කියලා. ඒ අනුව ක්‍රියාත්මක වෙනවා. ඒ අතර තවත් දෙයක් රොණී ද මැල් මහත්මයා විග්‍රහ කරනවා. රුසියාවට සිද්ධ වෙනවා “සොවියට් සංගමයට” සිද්ධ වෙනවා නම් ඇමෙරිකානු මාකට් එකකෙන් තිරිඟු පිටි මිලදී ගන්න ඒගොල්ලොන්ට ඩොලර් ඒ තරම් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම මොකද කරන්නේ රත්තරන් ඩොලර් බවට පරිවර්තනය කරනවා.

එතකොට රත්තරන් මිල අඩු වෙනවා. ඩොලර් වල ඉල්ලුම වැඩි වෙනවා. ඒ අනුව ඩොලර් අගය එක වැඩි වෙනවා. ඒ අනුව ඔහු වර්ණසේන රාසපුත්‍ර මහ බැංකු අධිපතිතුමත් එක්ක කතා කරලා තීරණය කරනවා අපේ රත්තරන් සංචිතයෙන් කොටසක් ඩොලර් වලට මාරු කරලා ඩොලර් සංචිතය වැඩි කරගන්න. හිතුවා වගේම රුසියාව තමන්ට යුක්‍රේනයෙන් නොලැබිච්ච තිරිඟු පිටි ඇමෙරිකාවෙන් මිලදී ගන්න ගියාම ඒකට ඕන කරන ඩොලර් අවශ්‍ය වෙන හින්දා රුසියාව කළේ තමන්ගේ රත්තරන් ඩොලර් බවට පරිවර්තනය කරලා ඒ ඩොලර් වලින් තමයි ඇමෙරිකාවෙන් තිරිඟු පිටි ගත්තේ. 

එතකොට ඩොලර් එකට තියෙන ඉල්ලුම වැඩි වුණා. රත්තරන් මිල පහත වැටුනා. අන්න දුර දක්නා නුවණින් දැකපු නිසා මොකද වුනේ? අපේ රත්තරන් සංචිත ඩොලර් බවට පත් කරලා අපි ඩොලර් සංචිතය වැඩි කරගත්තා. රත්තරන් සංචිතයෙන් කොටසක් ඩොලර් බවට පත් කරලා ඒ මගින් රුපියල අස්ථාවර වෙන එක වළක්වා ගත්තා. මෙන්න මේවා තමයි මේ රටක් පාලනය කරනවය කියන එකේ අදහස. මේ “හුණ්ඩු පාලලට” මේවා තේරෙන්නේ නැහැ. ඒ මුදල් ඇමතිවරයා “ඉකොනමික් රිවීව්” එකේ එක ලිපියක් කියවලා ගත්තු ක්‍රියාමාර්ගය, එක ලිපියක් කියවලා. 

මේ ඉන්න විදේශ ඇමතිවත් මේ ඉන්න හුණ්ඩු පාලකලවත් කොහෙද මොනවද කියවන්නේ? මොනවද හදාරන්නේ? ලෝකේ ඇතිවෙන විපර්යාසයන් ගැන මොනවද තේරුමක් තියෙන්නේ මේගොල්ලොන්ට? අර මුදල් ඇමතිවරයාට හැකියාව තිබ්බා නම් ඒ ලිපියක තිබිච්ච එක අදහසක් මත පදනම් වෙලා ඒක විග්‍රහ කරගෙන පූර්ව ක්‍රියාමාර්ග ගන්න, ඒක තමයි රාජ්‍ය පාලනය කියන්නේ. රට පාලනය කරනවයි කියන්නේ ඒක. එන එන පන්දුවට ඔහේ ගගහා ඉන්න එක නෙමෙයි. වැල යන අතට මැස්ස ගහන එක නෙවෙයි. ඇමෙරිකාව කියන විදිහට හිටගන්න කියනකොට හිටගෙන ඉන්නයි, වාඩිවෙන්න කියනකොට වාඩි වෙන එක නෙවෙයි. 

මේගොල්ලෝ අද මේ රට අසරණ කරලා තියෙනවා. පුරාජේරු කතා, පම්පෝරි කතා, සුපර්මෑන් කතා කියාගෙන ඇවිල්ලා, අද නිකන් “හුණ්ඩු පාලගේ” තත්ත්වයට මේ රට වට්ටලා දාලා තියෙනවා. හුණ්ඩු පාලට ගැලපෙන මට්ටමට මේ රට වට්ටලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. මේගොල්ලෝ ඔබ දන්නවා ශ්‍රී ලංකා රුෂියානු තානාපතිවරයා ප්‍රසිද්ධියේ කිව්වා “කිසිම ව්‍යාපෘතියකට ලංකාවේ ඉඩක් නැහැ” කියලා කිව්වා. එහෙම එකක්, කිසිම එකක් නැහැ කියලා කිව්වා. දැන් මේගොල්ලෝ ඔන්න දැන්.... ඔක්කොම අනාගෙන ඉන්නකොට දැන් ඔන්න යනවා රුසියාව වැඳ පුදාගන්න. රුසියාව වැඳ පුදාගන්න ගිහිල්ලා මොනවද කියන්නේ? ඉල්ලනවා තෙල් නැව්.

අපිට ආරංචි විදිහට රුසියාවේ බලධාරීන් කියලා තියෙනවා තෙල් දෙන්නම්... හැබැයි මුදල් කලින් ගෙවන්න, එක්කෝ “රූබල්” වලින් නැත්නම් “යුවාන්” වලින්, ඒ දෙකෙන් එකකින් ගෙවන්න. ඩොලර් වලින් බැහැ. ඒ වගේම මුදල් ගෙවලා මාසයක් යනවා අපිට තෙල් ටික දෙන්න. 

දැන් රුසියානු තානාපතිවරයා ප්‍රසිද්ධියේ කිව්වා “අපි කුඩා පරිමාණයේ න්‍යෂ්ටික බලාගාරයක්”, විදුලි බලාගාරයක් ලංකාවට ඔෆර් (offer) කළා කියලා. ඒක අපි දෙන්න යෝජනා කරලා, ඒකට යෝජනා ක්‍රමයකුත් අපි කිව්වා කියලා. ඒත් ගණන් ගත්තේ නැහැ. දැන් බාල ගල්අඟුරු ගෙනල්ලා දකුණු අප්‍රිකාවේ ගල්අඟුරු ඉන්දියන් සමාගමකින් ගෙනල්ලා මේ බාල ගල්අඟුරු දාලා නියමිත විදුලි ප්‍රමාණයවත් උත්පාදනය කරගන්න බැරි තත්ත්වයකට දොරටුවක් ඇරිලා තියෙනවා. 

කාලෙකට කලින් ඉදන් රුසියාව යෝජනා කරා කුඩා පරිමාණයේ න්‍යෂ්ටික විදුලි බලාගාරයක් මේ රටේ පටන් ගන්න. ඒවා නොසලකා හැරියා ඇමෙරිකාවට උයියා වෙයි කියලා බයට. දැන් එහෙන් “පාණ්ඩු හුණ්ඩුවෝ” දැන් යනවා රුසියාවේ සරණ පතාගෙන අනේ අපිට තෙල් දෙන්න අනේ අපිට ගෑස් දෙන්න අනේ අපිට පොහොර දෙන්න කියාගෙන. කිසිම මිත්‍ර රටක් අද මේගොල්ලෝ තියාගෙන නැහැ මේ වෙලාවේ මේ රටට සහයෝගයක් ගන්න පුළුවන් මට්ටමට. ඇමෙරිකාවෙන් ලැබෙන සහයෝගයක් නැහැ.

ඇමෙරිකා එක්සත් ජනපදය දැන් බලනවා අපේ එයාපෝට් (Airport) ටිකයි ගුවන් තොටුපළවල් ටිකයි, වරායවල් ටිකයි ඒගොල්ලොන්ගේ මිලිටරි තිප්පොලවල් බවට පත් කරගන්න පුළුවන් විදිහට වැඩි දියුණු කරගන්න, ඒගොල්ලොන්ගේ යුධ නාවික යාත්‍රා ගේන්න පුළුවන් වෙන විදියට, ඒගොල්ලොන්ගේ ප්‍රහාරක ගුවන් යානා ගේන්න පුළුවන් වෙන විදියට. ඒ විදිහට අපේ මේ වරායවල් සහ ගුවන් තොටුපළවල් වැඩි දියුණු කරගන්න බලනවා. ඒ සඳහා සාකච්ඡා තිබ්බා ඊයේ පෙරේදා  වරාය හා නාවික කටයුතු ඇමති එක්ක. 

එතකොට අපිට පැහැදිලිව පේනවා මෙතන මිත්‍ර රටවල් එක්ක තිබිච්ච යහපත් සම්බන්ධය බිඳවට්ටගෙන තියෙනවා. මේ වගේ වෙලාවකට සහයෝගය ගන්න එන රටවල් ගොඩක් ලෝකේ නැහැ. ඒ හැම රටක් එක්කම සම්බන්ධය බිඳවට්ටගෙන තියෙනවා. දැන් රුසියාව පස්සෙන් යනවා. දැන් රුෂියාවේ තෙල් වලට අපි නැති වුනාට ඕන තරම් ඉල්ලුම තියෙනවා. ඒ හින්දා දැන් අර නියම වෙලාවේදී ඒ සහයෝගය ගත්තේ නැති හුණ්ඩු පාලලට අපි විශ්වාස කරන්නේ නැහැ මේ වෙලාවේ ප්‍රශ්නය ඔලුව මත කඩා පහත් වෙලා තියෙන වෙලාවේ ඒ සහයෝගය ගන්න නියමිත ආකාරයට පුළුවන් වෙයි කියලා. 

ඔය උද්දච්ච මහ බැංකු අධිපති තමයි රුසියානු තෙල් ගන්න අරබුධකාරී වෙලාවේ අපි යෝජනා අරගෙන ගියාම “රූබල්වත් යුවාන්වත්” බැහැ අපිට ඒවා නැහැ කියලා කිව්වේ. ඒ විදිහට ගනුදෙනු කරන්න බැහැ කියලා කිව්වේ. අයි.එම්.එෆ් එකේ රූකඩ මහ බැංකු අධිපති. ඒ මහ බැංකු අධිපති දැන් අද රුසියාවෙන් තෙල් ගන්නවා නම් එක්කෝ දෙන්න ඕන රුසියාවේ මුදල් ඒකකය, නැත්නම් යුවාන්. අනිත් එක දැන් තේරුම් ගන්න එපැයි දැන් තව ටික දවසක් යනකොට ඩොලර් එකේ වටිනාකම අඩු වෙනවා. යුවාන් එකට තමයි ලෝකේ දැන් ඉල්ලුම වැඩි වෙන්නේ. ඇයි? “හෝමුස් සමුද්‍ර සන්ධියෙන්” තෙල් ගෙනියන්න පුළුවන් “යුවාන් වලින්” මිලදී ගත්තොත් විතරයි. 

රුසියාවෙන් තෙල් මිලදී ගන්න පුළුවන් යුවාන් වලින්. ඩොලර් එකට තියෙන ආධිපත්‍යය බිඳ වැටෙනවා. ඇමෙරිකානු දේශපාලන ආධිපත්‍යය බිඳ වැටෙනවා විතරක් නෙවෙයි, මූල්‍ය ආධිපත්‍යයත් බිඳ වැටෙනවා. එතකොට දැන් මොළේ කළදක් හරි තියෙනවා නම් මේ ආණ්ඩුව මොකක්ද කරන්න ඕනේ? ඩොලර් වලින් ගොඩ ගහගෙන තියාගෙන හරියන්නේ නැහැ. ඩොලර් එකේ වටිනකම ඉස්සරහට අඩු වෙනවා. ඒ නිසා අද ඩොලර් වලින් නෙවෙයි සංචිතය තියාගන්න ඕනේ වැඩි වශයෙන්, යුවාන් වගේ මුදල් ඒකකවලින්. ඒවා ගැනවත් කිසිම අවධානයක් යොමු කරන්න දන්නේ නැති, එහෙම කිසිම ශක්තියක්, කැපෑසිටි (capacity) එකක් නැති මේ හුණ්ඩු පාලලා ටික මේ රටත් එක්ක කරන මේ සෙල්ලමෙන් බැටකන්න වෙන්නේ වෙන කාටවත් නෙවෙයි, මේ රටේ අහිංසක පොදු ජනතාවට. 

උන්දලාට ඡන්දය දීපු, මේ හුණ්ඩු පාලලාට ඡන්දය දීපු මිනිස්සුන්ටම තමයි මේකෙන් බැට කන්න වෙන්නේ. “කිව්.ආර් (QR) කේතයවත්” හරියට හදාගන්න බැරි වුණානේ. නියමිත වෙලාවට තෙල් ගෙනාවෙත් නැහැ, උද්දච්ච කතා කිය කියා හිටියා. අපි ගාව තෙල් තියෙනවා මොකටද කිව්.ආර් කේතය කියලා... මෙන්න මහා රෑ 12ට කිව්.ආර් කේතයක් ගැන කිව්වා. ඒක වැඩ කරන්නෙත් නැහැ. මාළු ඉන්න තැන් හොයන්න එස්.එම්.එස් (SMS) එකක් එවන්නම් කියලා කිව්වේ. මගුල තමයි හුණ්ඩු පාලලා. මාළු ඉන්න තැන් කියලා එවන්නම් කියලා කිව්වේ. දැන් කිව්.ආර් එකවත් අටෝගන්න බැරි මේ හුණ්ඩු පාලගේ ආණ්ඩුවක් බවට පත්වෙලා ඉවරයි. 

ඒ නිසා අපි කියන්නේ දැන් කුසට සාගිනි, හදට සෝගිනි කියාගෙන ඇවිල්ලා මුළු රටම දැම්මා එක මිටට එක පෝලිමට දාලා තියෙන තත්ත්වයක් තියෙන්නේ. මේක මේ ආණ්ඩුවේ සේදුම් බලකාය කියන්න එපා මේක මේ ලෝක තත්ත්වයක් කියලා. ලෝක තත්ත්වයක් තමයි “කොවිඩ් වසංගතයත්”. ඒක මොකෝ ඒක ගෝලීය වසංගත තත්ත්වයක් නෙමෙයිද? එතකොට මේක විතරද ගෝලීය ප්‍රශ්නයක් වෙන්නේ?

මේ ප්‍රශ්න වලදී හරි ස්ථාවර වල හිටියා නම් මේ වගේ වෙලාවලට තමයි අපිට නියම යාළුවන්ගෙන් නියම උදව් ගන්න වෙන්නේ. හැබැයි ඇමෙරිකානු පදයට තමයි තාලය ඇල්ලුවේ, කකුල තිබ්බේ, දෙපා තිබ්බේ. දැන් එතනින් හම්බවෙන පිහිටකුත් නැහැ. ඒ නිසා පිහිට ලබාගන්න පුළුවන් රට වලින් ගන්න පුළුවන් පිහිටකුත් නැහැ. මේ තත්ත්වය ඇතිවෙන්නේ නැහැ කලින් මේ දිහා දැකලා පුරෝකථනය කරගෙන අන්න රොණී ද මැල් ඉකොනමික් රිවීව් එකේ තිබිච්ච ලිපියක තිබිච්ච පුංචි කාරණයක් මත පදනම් වෙලා ගත්තු පූර්ව ක්‍රියාමාර්ග ගත්තා සේ, මේ යුද්ධය දිග්ගැස්සෙන යුද්ධයක් බවට පත්වෙන බව ඉතාම මැනවින් කලින් තේරුම් ගත හැකිව තිබුණා. ඒ අනුව පූර්ව ක්‍රියා මාර්ග ගත හැකිව තිබුණා. 

මෙතන කලේ නොරොච්චෝලට බාල ගල්අඟුරු ගෙනැල්ලා නැති අර්බුදෙයක් හැදුවා. ඊළඟට අර නැව් දෙකක් විතරක් තියෙන සමාගමකට ගෑස් ටෙන්ඩරේ දීලා ඒ හොරකම කරගන්න ගෑස් අරබුදයක් හැදුවා. ඒ එක එක අරබුද තමන්ම නිර්මාණය කරනවා. ලෝක අර්බුදයට උත්තරයක් හොයන්න තියා තමන් හදන අර්බුදවලටවත් උත්තරයක් දීගන්න විදියක් නැතුව දෙකොන පත්තු කරගෙන ඔහේ ලතෝනි  ‍‍දෙනවා. ඒ නිසා අපි මේ හුණ්ඩු ආණ්ඩුවෙන් ඉල්ලනවා මේ රටේ පොදු ජනතාව තවත් දුකට පත් කරන්න අපි ඉඩ දිය යුතු නැහැ. වහාම ඕගොල්ලොන්ට මේ රට පාලනය කරන්න බැරිනම්, 76 අවුරුදු සාප ගැන කියාගෙන ආවේ මේ අවුරුදු එකහමාරේ සාපය ඒ ඔක්කොටම වඩා වැඩියි. 

ඒ නිසා කයිරුවලින්, පුරාජේරු කතාවලින් නිකන් වචන විතරක් තියන සුපර්මෑන්ලගෙන් වැඩක් වෙන්නේ නැහැ. අද මේ රටට ඕනේ ප්‍රඥාවන්ත, දැනුමැති, දැනුම්වත් සමාජ දේශපාලන නායකත්වයක්. එහෙම නැතුව කවටකතාකාරයින්ගෙන්, අරබුදයකට මුහුණ දීගන්න බැරි නිකන්ම නිකන් පුස් මිනිසුන්ගෙන්, හුණ්ඩුවන්ගෙන් මේ රටට, මේ අභියෝග ජයගන්න පුළුවන් කමක් කිසිසේත්ම ලැබෙන්නේ නැහැ.”

සම්බන්ධිත පුවත් | Related News

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදම් පිල්ලේ 2026 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් අද (9) පිදුම් ලැබීය.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ප්‍රධාන පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.