
අධිකරණයට අපහාස කිරීම යටතේ යුධ හමුදාපතිට නඩු?
වර්තමාන යුධ හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතාට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නඩු පැවැරිමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බව නීතිඥ සංගමයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
එයට ආසන්නතම හේතුව ලෙස සදහන් වන්නේ පසුගියදා අභියාචනාධිකරණය මගින් නඩු තීන්දුවක් ලබා දෙමින්, බ්‍රිගේඩියර් චන්දන රණවීර මහතාට නිසි ලෙස උසස්වීම් ලබා නොදීමත්, ඔහුට හිමිවිය යුතු නිසි ස්තානය වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුර ලබා නොදීමත් යන හේතුව මතය.
අපගේ නීතිමය විග්‍රහය සහ සමාජමය විග්‍රහය
බ්‍රිගේඩියර් චන්දන රණවීර මහතාට යුද්ධ හමුදා ප්‍රධානීන් අහිමිකර තිබූ උසස්වීම් හිමිවිය යුතු දිනය ලෙස සදහන් වන 2021 ජනවාරි පළමුවනදා සිට මේජර් ජනරාල් තනතුරට උසස් කරන ලෙසත්, ඒ සදහා නිර්දේශ කරන ලෙසත් අභීයාචනාධිකරණ විසින් යුද්ධ හමුදාපති විකුම් ලියනගේ මහතා වෙත නියෝග කර තිබේ. එය ක්‍රියාත්මක කිරීමට ඔහු මේ වන තෙක්ම කටයුතු කර නොමැති අතර, ඒ වෙනුවට ජේෂ්ඨත්වයෙන් පහල නිළධාරියෙකු යුද්ධ හමුදාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරියා ලෙස පත්කරන ලදී. ජනාධිපතිවරයා විසින් පත්වීම් ලබා දීම සිදුකර තිබුණත්, යුද්ධ හමුදා පනතට අනුව නිසි පුද්ගලයා වන්නේ ජේෂ්ඨතම පුද්ගලයා වන අතර එය නිර්දේශ කල යුත්තේ යුද්ධ හමුදාපතිවරයා විසිනි. නව මාණ්ඩලික ප්‍රධානියා පත්වන්නේ අධිකරණ නියෝගයෙන් පසුවය. ඒ අනුව බ්‍රිගේඩියර් චන්දන රණවීර මහතාට උසස්වීම් ලබා නොදීම ගරු අභියාචනාධිකරණයට එරෙහිව සිදුකර තිබෙන අපහාසයකි. අතීත නඩු තීන්දු සහ ඒවායේ විග්‍රහයන් වලට අනුව එය අපහාසයක් බව පැහැදිලි වුවත් නිශ්චිතවම එය තීරණය කරන්නේද අධිකරණය විසිනි.
එසේම බ්‍රිගේඩියර් චන්දන රණවීර මහතාට එරෙහිව සිදුකරන මෙම නීතිවිරොදී ක්‍රියාවලට එරෙහිව වර්තමාන යුද්ධ හමුදාපති විකුම් ලියනගේ මහතාගෙන් වන්දි ඉල්ලා ඔහුට සෘජුවම නඩු පැවරිය හැකිය. එහිදී ඔහු වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනී නොසිටී. පෞද්ගලික නඩු වෙනුවෙන් නීතිපති පෙනී නොසිටින බව ආයතන සංග්‍රහය පෙන්වා දී තිබේ.
වර්තමාන යුද හමුදාපතිවරයා ජනවාරියේදී විශ්‍රාම ගියවිට නියම යුද හමුදාපති විය යුත්තේ බ්‍රිගේඩියර් චන්දන රණවීර මහතා වූවත්, අභීයාචනාධිකරණ තීන්දුව ක්‍රියාත්මක නොකිරීමෙන්, ඔහුට අහිමිවීමට නියමිත යුද්ධ හමුදාපති තනතුර සහ ඉන් එහාට ඔහුට සිදුවන අලාභය විකුම් ලියනගේ මහතාගෙන් පුද්ගලිකව ලබා ගැනීම වෙනුවෙන් එම වන්දි නඩුව පැවරිය හැකිය. එහිදී චන්දන රණවීර මහතාගේ ආයුකාලය අවුරුදු 80 ක් ලෙස ගණනය කලහොත්, යුද හමුදාපති තනතුර අහිමිවීමෙන් සිදුවන සියලුම වරප්‍රසාදවලට , වැටුප් ආදිය සියලුම වෙනුවෙන් ගෙවීමට යුද හමුදාපති විකුම් ලියනගේ මහතාට සිදු වේ. නඩු තීන්දුව ලැබෙන විට ඔහු විශ්‍රාම සුවයෙන් සිටිනු ඇති අතර, චන්දන රණවීර මහතාට මිලියන ගනණාවක වන්දියක් ගෙවීමට ස්ථිරවම ඔහුට සිදුවනු ඇත. එය ඉතාම පැහැදිලිව නීතියේ සදහන් වේ. කෙසේ නමුත් එයද එසේ වන්නේ අධිකරණයට ඉදිරිපත්වන සාක්ෂි මතය. මෙම සිදු වීමෙිදී සාක්ෂි තිබෙන බව අපට දක්නට තිබේ.
එසේම මේ වනවිට තමන්ට නියමිත තනතුරු අහිමිකර තිබෙන සියලුම හමුදා නිලධාරීන් කල යුත්තේද, රීට් නඩු හෝ මූලික අයිතිවාසිකම් නඩු පවරන අතරතුරම ඒවාට එරෙහිව අලාභ නඩු පැවරීමත්, අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමත් ය. අපරාධ නඩු මෙන්ම සිවිල් අලාභ නඩුවලදී වගකිව යුතු පුද්ගලයාගේ නමට නඩු පැවරිය යුතුය. එවිට ඔහුටද සෘජුවම පෙනී සිටීමට සිදුවන තමන්ට පුද්ගලිකව නීති සහාය ලබා ගැනීමට සිදු වේ. නීතියේ සදහන් නොවන දේවල් යම් බලධාරියෙක් සිදුකරන්නේ නම් , ඒවාට අයත් වගන්තීන් ලංකා දණ්ඩ නීති සංග්‍රහය තුල පෙන්වා දී තිබේ.
යුද්ධ හමුදාවේ මේ වන විට තිබෙන එම නීතිවිරෝධී ක්‍රියා නැවැත්වීමට නම්, අසාධාරණයන්ට ලක්ව සිටින සියලුම දෙනා තමන්ගේ යුකතිය ඉල්ලා කල යුතුමය. එය තමන්ට නීතියෙන් ලබා දී තිබෙන අයිතිවාසිකමකි.
නීතියට අනුව සෑම පුද්ගලයෙකටම හිමි තැන ලැබෙන විට කිසිම දිනක ආරවුල් ඇති නොවේ. අප සියලුම දෙනා කල යුත්තේද, එයයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාව වැනි විශේෂ ආයතනත් මේ ආකාරයෙන් නීතිවිරෝදී ලෙස ක්‍රියාත්මක වීම ගැන ලැජ්ජා විය යුත්තේ හමුදා නිළධාරීන් නොවේ. මෙරට චන්ද දායකයන් ය.
නීතිවේදියා
උපුටා ගැනීම
- රාවණා ලංකා පුවත් -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
