පොහොර දෙන්නෙත් QR ක්‍රමයට.. - ලාල් කාන්ත
පොහොර බෙදාහැරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා QR කේත ක්‍රමය හඳුන්වා දීමට පියවර ගන්නා බව රටේ පොහොර සැපයුම සහ ඉදිරි සැලසුම් පිළිබඳව කොළඹදී මාධ්‍ය දැනුවත් කරමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
පොහොර නිකුත් කිරීම සඳහා QR කේතයක් භාවිත කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවත්, ඒ වෙනුවෙන් දැනටමත් ඉදිරිපත්ව ඇති යෝජනාවකට අනුව නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
මේ වන විට දිවයින තුළ ප්‍රමාණවත් පොහොර සංචිත පවතින බැවින් කිසිදු හිඟයක් ඇති නොවන බව තහවුරු කළ අමාත්‍යවරයා, ඇතැම් පෞද්ගලික අංශ සහ අතරමැදියන් විසින් රුපියල් 12,000 – 13,000 වැනි අධික මිල ගණන්වලට පොහොර අලෙවි කරමින් පාරිභෝගිකයා සූරාකෑමට ලක් කරන බව පෙන්වා දුන්නේය.
අසාධාරණ ලෙස මිල ඉහළ දැමීමෙන් වළකින ලෙස අදාළ ආයතනවලට දැනුම් දී ඇති අතර, මේ සඳහා පාරිභෝගික සේවා අධිකාරියේ සක්‍රීය මැදිහත්වීම අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කළේය.
පවතින වගා කන්නය තුළ පොහොර සම්බන්ධ ගැටලුවක් මතු නොවනු ඇතැයි සහතික කළ අමාත්‍යවරයා, එළඹෙන මැයි මාසය වන විට චීනයෙන් අතිරේක පොහොර තොගයක් ලබා ගැනීමට කටයුතු සූදානම් කර ඇති බවද වැඩිදුරටත් පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර