ලැබෙන ඉන්ධන ප්‍රමාණවත් නෑ.. පාර්ශ්ව රැසකගෙන් චෝදනා
එක් එක් වාහන කාණ්ඩ සඳහා සතියකට ලබා දෙන ඉන්ධන කෝටාව දැනුම් දීමත් සමග ප්‍රවාහන ක්ෂේත්‍රය ඇතුලු ක්ෂේත්‍ර ගණනාවකම පිරිස් එම ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බවට චෝදනා කරයි.
එලෙස ප්‍රධාන වශයෙන් පීඩාවට පත්ව ඇත්තේ මගී ප්‍රවාහන, කෘෂිකර්මාන්ත, ධීවර, සංචාරක ඇතුළු ක්ෂේත්‍රවල නිරත ජනතාව වන අතර, කෘෂිකර්මාන්ත ක්ෂෙත්‍රයේ භාවිත කරන යන්ත්‍ර සූත්‍ර ඇතුළත් ඉඩම් වාහන සඳහා කිව් ආර් ක්‍රමවේදය යටතේ සතියකට හිමිවන්නේ ඉන්ධන ලීටර් 25 ක් පමණි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ දිනවල මහ කන්නයේ වී අස්වනු නෙළමින් පවතින සමයක එම ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බව ගොවීන් චෝදනා කරයි.
මේ අතර ධීවර කර්මාන්තයේ බහුදින ධීවර යාත්‍රා, එක්දින ධීවර යාත්‍රා, මා දැල් යාත්‍රා ඇතුලු ධීවර යාත්‍රා සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව සම්බන්ධයෙන් මෙතෙක් තීරණය කර නොමැත.
එවන් පසුබිමක ඒ සම්බන්ධයෙන් කඩිනමින් දැනුම් දීමට නියමිත බවයි ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පැවසුවේ.
සංචාරක කර්මාන්තයේ නියැලෙන පිරිස් සඳහා සතියකට හිමි ඉන්ධන කෝටාව ලබා ගත හැක්කේ මෝටර් රථ, වෑන් සහ විශේෂ කාර්ය වාහන කාණ්ඩ යටතේ වන අතර, නමුත් සංචාරක කර්මාන්තය පවත්වාගෙන යාමට එම කෝටාව ප්‍රමාණවත් නොවන බවයි එම පිරිස් පෙන්වා දෙන්නේ.
එමෙන්ම, කිව් ආර් ක්‍රමවේදය යටතේ ලබාදීමට යෝජිත ඉන්ධන සලාකය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයද පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..