දේශපාලන ව්‍යාපෘතියක් නිසා ප්‍රාථමික සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමේ අවධානමක්.. - රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් අනාවරණයක්..
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
මාධ්‍ය නිවේදනය
ආරෝග්‍යා දේශපාලන ව්‍යාපෘතිය නිසා ශ්‍රී ලාංකීය ප්‍රාථමික සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමේ අවධානමක්.
ශ්‍රී ලංකාව තුල අන්තර්ජාතිකව ඇගයීමට ලක් වූ ශක්තිමත් සෞඛ්‍ය සේවාවක් පවත්නා බව රටේ ජනතාව මෙන්ම ජාත්‍යන්තරය ද හොඳින් දන්නා කාරණාවකි. කණගාටුවට කරුණවන්නේ පවතින රජය මෙම සෞඛ්‍ය සේවාවේ ඇති සත්‍ය ගැටලු හදුනා ගැනීමට අපොහොසත් වී තිබිමයි.
සත්‍ය ගැටලු හඳුනාගෙන ඒවාට විසඳුම් ලබා දීම වෙනුවට පවතින රජය සහ සෞඛ්‍ය අමාත්‍යංශය සිදු කරමින් සිටින්නේ මහජන බදු මුදල් භාවිතා කරමින් ගඟට ඉණි කපනවා වැනි ප්‍රතිඵල රහිත අසාර්ථක ව්‍යාපෘති සිදු කිරීමයි. ඊට හොඳම උදාහරණය ආරෝග්‍යා ව්‍යාපෘතියයි.
රෝග නිවාරණය සහ පාලනය යන අංශ ද්විත්වයම අයත් වන පරිදි දිවයිනේ සෑම ගමක්ම ඉතා හොඳින් ආවරණය වන පරිදි සැකසුණු ශක්තිමත් ප්‍රජා සෞඛ්‍ය සේවා ඒකක (සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල) සහ ග්‍රාමිය රෝහල්/ ප්‍රාථමික සත්කාර ඒකක වලින් යුතු ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවා පද්ධතියක් ශ්‍රී ලංකාව තුල පවති.
එම නිසා ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවාව තුල දැනට පවතින ගැටලුව වී ඇත්තේ සෞඛ්‍ය සේවා සැපයීම් පද්ධතියේ ගැටලු නොවේ. ගැටලු ලෙස ඇත්තේ වෛද්‍යවරුන් ප්‍රධාන මානව සම්පත් හිඟය, ඖෂධ හා උපකරණ හිඟය සහ රෝගී සත්කාර සේවා සදහා අවශ්‍ය වන යටිතල පහසුකම් හිඟය ආදි කරුණු වේ. නමුත් ඉතා අවාසනාවන්ත ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සහ රජය මෙම ගැටලු තිරයකින් වසා දමමින් ගැටලු සඳහා විසදුම් ලබා නොදෙමින් ශ්‍රී ලංකාව තුල දැනටමත් ස්ථාපිත ප්‍රාථමික සත්කාර සේවා පද්ධතිය තවත් දියුණු කිරීම වෙනුවට දේශපාලනික වුවමනා ඉටු කර ගැනීම සඳහා නව ව්‍යාපෘති ආරම්භ කරමින් කටයුතු කරන බව අප නිරීක්ෂණය කර ඇත.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස මෙම කාරණා අප දකින්නේ ජනතාවගේ සහ රටේ මුදල් නිකරුනේ අපතේ යැවීමක් ලෙස වේ. එමෙන්ම මෙම ආරෝග්‍යා ව්‍යාපෘතිය සිදු කරමින් යන්නේ සෞඛ්‍ය සේවාවේ අවශ්‍යතාවයකට වඩා දේශපාලනිකව විවිධ පාර්ශවයන්ට ලකුණු දමා ගැනීමේ අවශ්‍යතාවයකට බව මනාව පෙනියයි.
කිසිදු පාර්ශවකරුවෙක් හා සාකච්ඡා නොකරමින් ශක්‍යතා අධ්‍යනයක් සහ සත්‍ය අවශ්‍යතාවයක් තිබේද යන්න පිළිබඳව මහජනතාව හෝ පාර්ශවකරුවන් දැනුවත් නොකරමින් සිදුකෙරෙන හුදු දේශපාලනික සංදර්ශනයක් සේ පෙනෙන්නට ඇති ආරෝග්‍යා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඇති ගැටලු ගණනාවක් පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුවත් කර ඇත.
ඒ අනුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස ආරෝග්‍යා ව්‍යාපෘතියේ සෞඛ්‍ය කදවුරු සායන ඇතුලු සියලු කටයුතු සඳහා සහභාගි නොවී සිටිමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.
මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ සැබෑ ගැටලු හඳුනා ගනිමින් මෙම පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා කිසිදු සාධනීය ක්‍රියාමාර්ගයක් බලධාරීන් සිදු කර නැත.
ඒ අනුව ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ ඇති නිවැරදි ගැටලු හඳුනාගැනීම සඳහා පත් කරන ලද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කමිටුව විසින් අදාල කමිටුව වාර්තාව 2026.03.17 වැනි දින පැවැත්වෙන හදිසි මධ්‍යමකාරක සභා රැස්වීම සඳහා ඉදිරිපත් කිරීමට මේ වන විටත් සියලුම කටයුතු සුදානම් කෙරෙමින් ඇත. පවතින සියලු ගැටලු ඉතා පුළුල්ව සහ ගැඹුරින් අධ්‍යයනය කිරිමෙන් අනතුරුව ප්‍රාථමික සෞඛ්‍ය පද්ධතියේ ඉදිරි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් තීරණාත්මක තීන්දු රැසකට මධ්‍යම කාරක සභා රැස්වීමේදි එළඹිමට නියමිතය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..