
කුඩු ජාවාරමුන් 50 ක් සහ මත්කුඩු හා ගිනි අවි සමග 100 ක් ‘යුක්තිය’ විශේෂ මෙහෙයුමේදී කොටුවෙති
දිවයින පුරා ඊයේ (17 වැනිදා) අලුයම 4.00 සිට ආරම්භ කරන ලද ‘යුක්තිය’ විශේෂ මෙහෙයුමේදී මත්කුඩු මෙරටට ගෙන්වා ඒවා ගම් ප්‍රදේශවලට බෙදාහරින මහා පරිමාණ ජාවාරම්කරුවන් 50 දෙනෙකු සහ මත්කුඩු, අයිස්, ගංජා, ගිනිඅවි ඇතුළු ආයුධ සමඟ සැකකරුවන් 100 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.
මෙම මෙහෙයුම දිවයින පුරා ඇති පොලිස් කොට්ඨාස 45 ක් ආවරණය වන පරිදි ආරම්භ කළ බවත්, ‘යුක්තිය’ විශේෂ මෙහෙයුම නියෝජ්‍ය පොලිස්පත්වරුන් 9 දෙනකුගේ අධීක්‍ෂණය යටතේ දෙසැම්බර් 23 වැනිදා දක්වා ක්‍රියාත්මක බවත් හෙතෙම කීය.
රුපියල් කෝටි අටක වටිනාකමින් යුත් හෑෂ් විෂ මත්ද්‍රව්‍ය කිලෝ තිස්පහක්, හෙරොයින් ග්‍රෑම් හයයි මිලි ග්‍රෑම් අසූවක්, අයිස් ග්‍රෑම් දහයක් රාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදා නිලධාරීන් එක්ව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන ඇත.
රාගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. අසේල පෙරේරා මහතා ඇතුළු නිලධාරීන්, වත්තල පොලිසියේ ස්ථානාධිපති අනුර ගුණවර්ධන මහතා හා යුද හමුදාවේ හා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදුකර ඇත.
ජාඇල පොලිස් බල ප්‍රදේශයේදී ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් හොර රහසේ මෙරටට ගෙන්වන ලද කෝටි දෙකකට වැඩි වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ ග්‍රෑම් 100 කට ආසන්න ප්‍රමාණයක් පොලිස් විශේෂ කාර්ය බළකායේ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ නියෝග මත එහි බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. නදීක සිල්වා ඇතුළු නිලධාරීන් මෙම වැටලීම කර තිබේ.
ඊයේ ආරම්භ කළ මෙම විශේෂ මෙහෙයුම සඳහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා ත්‍රිවිධ හමුදාවේ නිලධාරීහු දහසකට අධික පිරිසක් සහභාගි වූහ.
රට තුළ දිනෙන් දින හිස ඔසවන අපරාධ රැල්ල මර්දනය කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම හා පාතාලය සහමුලින් ම මර්දනය කිරීමේ අරමුණින් මෙම මෙහෙයුම ආරම්භ කළ බව වැඩබලන පොලිස්පතිවරයා කීය.
මත්කුඩු මෙරටට ගෙන්වා ගම් ප්‍රදේශවලට බෙදා හරින ජාලයේ ප්‍රධානතම ජාවාරම්කරුවන් 173 දෙනෙකුගේ නම් සහ ඡායාරූප සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත යවා ඇති බවත් ඒ අනුව එම සියලු ජාවාරම්කරුවන් කොටුකර ගන්නා බවත්, රටේ හිස ඔසවා ඇති මත් උවදුර මැඬලීම සිය එකම අරමුණ බවත් වැඩබලන පොලිස්පතිවරයා කියා සිටියේය.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
