කබ්රාල්ට ආයෙත් නඩු පවරන්න අල්ලස් කොමිසම සැරසේ..
හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව නඩු පැවරීමට පෙර, නිල වශයෙන් තොරතුරු ලබාගැනීම සදහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මහබැංකුව වෙත ලිපියක් යොමුකර ඇතැයි වාර්තා වේ.
එම ලිපියට ප්‍රතිචාර ලද විගස අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව නැවත මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සූදානම් වේ.
එම කොමිෂන් සභාව විසින් පසුගිය දෙසැම්බර් මාසයේදී තාක්ෂණීක හේතු කිහිපයක් මත මීට පෙර ගොනුකර තිබුණු අධිචෝදනා ඉල්ලා අස්කරගෙන නැවත ගොනු කිරීමට අපේක්ෂා කර තිබිණි.
කෙසේවෙතත් එම අවස්ථාවේදී කබ්රාල් නිදොස් කොට නිදහස් කළ බවට ව්‍යාජ ප්‍රචාරයක් කිරීමට පිරිසක් සැලසුම් කර තිබුණු නිසා, එයට ප්‍රතිචාර ලෙස දූෂණ විරෝධී පනතේ 67 වගන්තිය යටතේ කොන්දේසි දමා නඩුව ඉල්ලා අස්කර ගැනීමට අල්ලස් කොමිසම තීන්දු කර තිබිණි.
එම කොන්දේසි කඩකළහොත් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව අනිවාර්යයෙන් යළි නඩු පැවරිය යුතු බව දූෂණ විරෝධී පනතේ පැහැදිලිව සටහන් කර තිබේ.
මේ අතර මතභේදාත්මක ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළව තමන් රුපියල් බිලියන 1.84ක මුදලක් ගෙවූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් මහබැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රතික්ෂේප කර තිබේ.
රුපියල් 1,843,267,595.65ක මුදලක් තැන්පත් කළ යුතු බවට ඉදිරිපත් වූ කොන්දේසියට තමන් එකඟ නොවූ බවත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් දිගින් දිගටම නිර්දෝෂීභාවය ප්‍රකාශ කරන බවත් ඔහු කියා තිබේ.
අල්ලස් කොමිසම විසින් යෝජනා කරන ලද එම එකඟතාවයට අනුව, ඉහත සඳහන් කළ රුපියල් 1,843,267,595.65 ක මුදල මාස තුනක කාලයක් ඇතුළත මහබැංකුවේ විශේෂ ගිණුමකට ප්‍රේෂණය කළ යුතුව තිබේ.
මෙම මුදල ප්‍රේෂණය කර ඇතිදැයි නිල වශයෙන් විමසා ඇති අතර, එයට ශ්‍රී ලංකා මහබැංකුව ලබාදෙන නිල ප්‍රතිචාරයෙන් පසු අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිෂන් සභාව නැවත අධිචෝදනා ගොනුකිරිමට තින්දු කර තිබේ.
(උපුටාගැනීම – whatnews.lk)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..