භාණ්ඩාගාරයේ ඉතිරි ට්‍රිලියනය අරන් තියෙන්නේ 11.5% පොලියට.. අවුරුද්දට කෝටි දෙදහසක් ගෙවනවා.. - පාඨලී චම්පික රණවක
වත්මන් රජය මේ වන විට බිය තුනකින් හෙවත් ‘තුම්බියකින්’ පෙළෙමින් සිටින බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ ඇත්ත හෙළිදරව් වීමේ බිය, නොහැකියාවේ බිය සහ අන් අයගේ හැකියාව පිළිබඳ බිය රජය දැඩි ලෙස ග්‍රහණය කරගෙන ඇති බවයි.
රජය බලයට පත්වීමට පෙර කළ ප්‍රකාශ සහ වර්තමාන ක්‍රියාකලාපය අතර ඇති පරස්පරතාවය හේතුවෙන් ඔවුන් දැඩි ලැජ්ජාවකට පත්ව ඇති බව රණවක මහතා සඳහන් කළේය. 2025 ජනවාරි මස අගභාගයේදී මතුවූ කන්ටේනර් 323ක ගැටලුව සහ ඉන් දෙකක තිබී හමු වූ ‘අයිස්’ මත්ද්‍රව්‍ය පිළිබඳ පරීක්ෂණවලට සිදුවූ දෙයක් නැති බවත්, ඒ පිළිබඳ මුදල් අමාත්‍යාංශ වාර්තාව මෙතෙක් පිළිගෙන නැති බවත් ඔහු අනාවරණය කළේය.
එසේම, 2025 පෙබරවාරි 9 වනදා පානදුර උපපොළට වඳුරෙකු පැනීමෙන් විදුලිය බිඳ වැටුණු බව පැවසුවද, සත්‍ය වශයෙන්ම එය වික්ටෝරියා ජලාශයේ විදුලිය විසන්ධි වීමක් (Trip) බවත්, එමගින් රුපියල් කෝටි 660ක පාඩුවක් සිදුවූ බවත් ඒ මහතා පැවසීය. මීට අමතරව, ‘දිට්ඨවා’ සුළි කුණාටුව පිළිබඳව මහවැලි දත්ත මධ්‍යස්ථානය කලින්ම අනතුරු අඟවා තිබියදීත්, බලධාරීන් නිසි පියවර නොගෙන රාත්‍රී කාලයේ පොල්ගොල්ල හා කොත්මලේ ජලාශවල ගේට්ටු විවෘත කිරීම නිසා විශාල ජීවිත හා දේපළ හානියක් සිදුවූ බවට ඔහු චෝදනා කළේය.
රජය ආර්ථිකය හසුරුවන ආකාරය පිළිබඳව විවේචනය කළ හිටපු ඇමතිවරයා, මහා බැංකුවේ රුපියල් කෝටි ලක්ෂයක් ඉතිරි වී ඇති බව පැවසුවද, එය නඩත්තු කිරීම සඳහා වාර්ෂිකව කෝටි 2000ක් වැය වන බවත්, එම මුදල් ලබාගෙන ඇත්තේ 11.5%ක ඉහළ පොලියකට බවත් පෙන්වා දුන්නේය. ලංකා ඉතිහාසයේ පළමු වතාවට ප්‍රාග්ධන වියදම් 14%ක සීමාවට ගෙන ආ එකම ආණ්ඩුව මෙය බවත්, මෙය ඇමතිවරුන්ගේ නොහැකියාව පෙන්නුම් කරන බවත් ඔහු පැවසීය.
සුළි කුණාටුවෙන් මාස හතරක් ගතවී ඇතත් වින්දිතයන් තවමත් කූඩාරම්වල දිවි ගෙවන බවත්, ස්වේච්ඡා සංවිධානවල සහාය පවා රජය ප්‍රතික්ෂේප කර ඇති බවත් රණවක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
රජය තම නොහැකියාව වසා ගැනීමට හැකියාව ඇති පුද්ගලයින් දඩයම් කරමින් සිටින බවත්, පොලිස් රාජ්‍යයක් හරහා දේශපාලන පක්ෂ මර්ධනය කිරීමට උත්සාහ කරන බවත් හිටපු ඇමතිවරයා චෝදනා කළේය,. රෝහණ විජයවීර මහතා වරක් ජේ.ආර්. ජයවර්ධන මහතාට කළ අනතුරු ඇඟවීමක් සිහිපත් කළ රණවක මහතා, "මර්ධනය කරන්න පුළුවන්, හැබැයි මර්ධනය පෙරළා එනවා" යන දර්ශනය ආණ්ඩුව මතක තබා ගත යුතු බව අවධාරණය කළේය.
අවසාන වශයෙන් ඔහු කියා සිටියේ, නොහැකියාවෙන් පෙළෙන රජය හැකියාව ඇති මිනිසුන් දඩයම් කිරීමට ගන්නා උත්සාහය දෙස තමන් විමසිල්ලෙන් බලා සිටින බවයි
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..