News Category
From Date
To Date
Maximum Number of Result

බදු අයින් කරලා තෙල් මිල අඩු කරනවා කියපු “සූර සරදියල්ලා” අද ආණ්ඩුව අරන් අතීත කතා අමතක කරලා... බුද්ධි අංශ ප්‍රධානී සලේ මීයන් කැරපෙත්තන් පිරි අපිරිසිදු සිරකුටියක නිරාහාරව තබා රෝගියෙක් කර මරා දාන්න සැලැස්මක්... - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්

Mar 11, 2026 at 07:46 PM
|

ඉන්ධන මිල අසාධාරණ ලෙස ඉහළ දැමීම හරහා වත්මන් රජය ජනතාව මත දැඩි පීඩනයක් පටවා ඇති බවත්, විපක්ෂයේ සිටියදී බදු අඩු කරන ලෙස හඬ නැඟූ පිරිස් අද බලයට පැමිණ පරණ පොරොන්දු අමතක කර "බබා පාර්ට්" දමමින් සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද (11) බත්තරමුල්ලේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී කියා සිටියේය.

වත්මන් රජයේ නායකයින් පසුගිය කාලයේ “ඉන්ධන මිල සූත්‍රය” සහ බදු ගැන කළ ප්‍රකාශ රැසක් මෙහිදී හඬපට මගින් ප්‍රදර්ශනය කරමින් එහිදී අදහස් දැක්වූ වීරවංශ මහතා කියා සිටියේ, එදා වැට් බදු සහ අනෙකුත් බදු අයින් කර පාරිභෝගිකයාට සහන දිය හැකි බව කී නායකයින්, අද බදු බර තවත් වැඩි කර ඇති බවයි. විජිත හේරත් එදා කළ ප්‍රකාශයක් ඔහු මෙසේ ඉදිරිපත් කළේය.

“තෙල් මිල අඩු කරන්න බැරිද? පුලුවන්... ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මේ මාසේ වෙනකොට තෙල් ආනයනය කරලා ලංකාවට පෙට්‍රෝල්, ඩීසල්, ලාම්පුතෙල් ලීටරයක් ගොඩබාන මිල ගණන් තියෙනවා. හරි පැහැදිලිව ඒකේ කියනවා ඔවුන්ගේ වාර්තාවලම; “පෙට්‍රල් 92 ලීටරයක් ගොඩබාන මිල රුපියල් 97යි සත 70ක්. ඒකට විවිධ අයකිරීම් එකතු වෙනවා. ඒ එකතු කිරීමට අමතරව ආණ්ඩුව සෘජුව බද්දක් ගහනවා රුපියල් 39යි සත 33ක්. එතකොට පෙට්‍රල් 92 වලට රුපියල් 39.33ක බද්දක් ගහනවා. පෙට්‍රල් 95 ලීටරේ ගොඩබන මිල රුපියල් 99යි සත 79යි, ආණ්ඩුව සෘජු බද්දක් ගහනවා රුපියල් 60යි සත 45ක්. ලංකා ඔටෝ ඩීසල් 94යි සත 21ට ගොඩබන්නේ; රුපියල් 13යි සත 7ක බද්දක් ගහනවා. ලංකා සුපර් ඩීසල් ගොඩබන්නේ රුපියල් 96යි සත 2 කට; රුපියල් 35යි සත 20ක බද්දක් ගහනවා.” (විජිත හේරත්)

මිල වැඩි කරන මොහොත වන විට මෙරට පිරවුම්හල්වල පැරණි මිලට ගෙනා ඉන්ධන ලීටර් මිලියන 650ක් පමණ තිබුණ බව ආරංචි මාර්ග තුළින් ගෙන හැර පෑ වීරවංශ මහතා එම තොග හරහා පමණක් රජය සහ සමාගම් රුපියල් බිලියන 15කට වැඩි අයුතු ලාභයක් උපයා තිබෙන බව කීවේය. මෙය “හදවතක් නැති ජාවාරම්කාරී වැඩක්," යැයි ඔහු වැඩිදුරටත් පැවසීය. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩුවන විට එහි වාසිය ජනතාවට නොදී, සංචිතවල ඇති තෙල්වලින් පවා ලාභ ලැබීම හිරිකිත ක්‍රියාවක් බව ද ඔහු අවධාරණය කළේය.

“දැන් බලන්න මේගොල්ලෝ මීට කලින් කිව්වේ මේ මාසයේ ලෝක වෙළඳපොළේ තෙල් මිල ගැලපෙන්නේ ලබන මාසෙට කියලා. දැන් මේ මාසයේම ඊට කලින් තෙල් මිලේ වෙනසක් කළා. එතකොට මේ මාසේ නැවත සූත්‍රය දාලා තෙල් මිල වෙනස් වෙන්න විදිහක් නැහැ. එතකොට මේ මාසේ ලෝක වෙළඳපොළේ වැඩිවීමක් තියෙනවා නම්, ඇත්තටම ඔය කියන දවසට වඩා දැන් අඩුයි. එකසිය ගණන්වලට තිබිච්ච බැරල් එක දැන් 80 ගණන්වලට අඩු වෙලා තියෙනවා. ඩොලර් 80 ගණන්වලට. 

එතකොට දැන් ඒ අඩුවීම ගැන කතා කරන්නේ නැහැ. මේ අය තමයි කිව්වේ 'මේ මාසේ තියෙන මිල ලබන මාසෙටයි අපි ගලපන්නේ' කියලා. එතකොට දැන් මේගොල්ලොන්ගේ සංචිතවල තෙල් තිබුණා. ඒ වගේම ආවේ පරණ මිලට. ඊළඟට පෙට්‍රල් ෂෙඩ් වල - ඒ කියන්නේ අපි දන්නවා IOC එකේ ගත්තත්, පෙට්‍රෝලියම් එකේ ගත්තත් - දවස් 20ක හෝ ප්‍රමාණයකට අඩුම තරමේ තෙල් තියෙනවා පරණ මිලට ගෙනාපු.”

නොරොච්චෝලේ බලාගාරයේ පවතින අකාර්යක්ෂමතාව වසා ගැනීමට රජය විසින් පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව "හදිසි විසන්ධි වීම්" ලෙස හඳුන්වමින් විදුලිය කපන බවට ද ඔහු චෝදනා කළේය. "එදා තෙල් ළිං ගැන ප්‍රශ්න කරපු අය දැන් කියනවා තමන්ට තෙල් ළිං නැහැ කියලා. බදු අඩු කරලා පෙන්වන්න කියලා අපි අභියෝග කරනවා," යැයි වීරවංශ මහතා කීය.

මාධ්‍ය හමුවේ දෙවන හෙළිදරව්ව කරමින් හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා රඳවා තබාගෙන සිටින අමානුෂික තත්ත්වය පිළිබඳව වීරවංශ මහතා කරුණු ඉදිරිපත් කළේය. "රාජ්‍යයේ ඇස ලෙස ක්‍රියා කරපු, රටේ ආරක්ෂාව වෙනුවෙන් කැපවුණු බුද්ධි ප්‍රධානියා අද රඳවා තබාගෙන ඉන්නේ මීයන් ගැවසෙන, අපිරිසිදු සිරකුටියක. ඔහුට නිදාගන්න පැදුරක් පවා නැහැ. යාබද වැසිකිළියේ ගඳ නිසා ඔහුට ආහාර ගැනීමට පවා නොහැකි වී තිබෙනවා," යැයි ඔහු පැවසීය.

මෙය ශානී අබේසේකර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් දියත් කර ඇති දේශපාලන පළිගැනීමක් බවත්, බුද්ධි ප්‍රධානියා රෝගියෙකු කර මරා දැමීමට දරන උත්සාහයක් බවත් ඔහු චෝදනා කළේය.

මෙම මර්දනයට එරෙහිව නිහඬව නොසිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි වීරවංශ මහතා, ඉදිරි දිනකදී රහස් පොලීසිය ඉදිරිපිට අඛණ්ඩ විරෝධතාවයකට සූදානම් වන බවත්, ඒ සඳහා "නතර වීමේ බලාපොරොත්තුවෙන්" පැමිණෙන ලෙසත් රටේ ජනතාවට විවෘත ආරාධනයක් කළේය.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් සිදු කරන ලද හෙළිදරව්ව සම්පූර්ණ පිටපත මෙසේය.

“සුභ උදෑසනක් මාධ්‍යවේදී ඔබ සියලු දෙනාට. මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්න ප්‍රධාන හේතු කාරණා දෙකක් බලපා තිබෙනවා. පළමුව යන්න කෙරෙහි මම ඔබගේ අවධානය මුලින්ම යොමු කරන්නම්. අපි කවුරුත් දන්නවා ඊයේ ඉතාමත්ම හදිසියේම මේ රටේ “ඉන්ධන මිල අතිශය විශාල අගයකින් ඉහළ දැමීමක්” රජය මගින් සිදු කළා. අරුම පුදුම කතාව වෙන්නේ මේක ඉහළ දැම්මම සමහර ඇමතිවරුන්ගෙන් ඇහුවම “නෑ ආණ්ඩුවෙන් නෙවෙයි ඒක කළේ... සී පී සී එක” කියලා කියනවා. 'සිලෝන් පෙට්‍රෝලියම් කෝපරේෂන් එකෙන්'. ඒගොල්ලොන්ට අනුව සිලෝන් පෙට්‍රෝලියම් කෝපරේෂන් රජයේ ආයතනයක් නෙවෙයි, බලශක්ති අමාත්‍යවරයාගේ යටතේ පවතින ආයතනයක් නෙවෙයි. 

දැන් මේ වගේ “බූරු කතා කියලා මේ රටේ මිනිස්සුන්ව තවත් ප්‍රකෝප කරන්න එපා” කියලා පළමුකොටම අපි ඒ ඇමතිවරුන්ගෙන් ඉල්ලා ඉන්න ඕනේ. ඒ වගේම මේ රට කෝවිඩ් වසංගතයට මුහුණ දීලා තියෙද්දී, ලෝකයේ සැපයුම් මාර්ග බිඳ වැටිලා තියෙද්දී, එදා තෙල් මිල ඉහළ යනකොට ඒ ස්වභාවික විපත, ඒ සෞඛ්‍යමය ගැටලුව යටතේ පවා මේ ආණ්ඩුවේ මහත්තුරු ඒවට ප්‍රතිචාර දැක්වූයේ ඔය කියන මේ රාජතාන්ත්‍රික භාෂාවෙන් නෙවෙයි.

ඒගොල්ලෝ ඒ ලෝක වාතාවරණය, කොවිඩ් වසංගතයත් එක්ක බලපාලා තියෙන තත්ත්වය, සැපයුම් මාර්ගවල තිබුණු බිඳ වැටීම  වගේ මේ එකක්වත් සතහකටවත් සලකන්නේ නැතුව තමයි එදා ඔවුන් ඒ මනරම් කතා කළේ. මුලින්ම අපි අපේ හිත සුව පිණිස ඔවුන් ඒ දවස්වල මේ සම්බන්ධයෙන් තෙල් මිල ඉහළ යාම සහ බලශක්ති අර්බුදය ගැන දක්වපු මත කීපයකට අවධානය යොමු කරමු.”

පැරණි හඩපටයක් වාදනය වන අතර එහි මෙසේ සදහන් වෙයි...

“තෙල් මිල අඩු කරන්න බැරිද? පුලුවන්... ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මේ මාසේ වෙනකොට තෙල් ආනයනය කරලා ලංකාවට පෙට්‍රෝල්, ඩීසල්, ලාම්පුතෙල් ලීටරයක් ගොඩබාන මිල ගණන් තියෙනවා. හරි පැහැදිලිව ඒකේ කියනවා ඔවුන්ගේ වාර්තාවලම; “පෙට්‍රල් 92 ලීටරයක් ගොඩබාන මිල රුපියල් 97යි සත 70ක්. ඒකට විවිධ අයකිරීම් එකතු වෙනවා. ඒ එකතු කිරීමට අමතරව ආණ්ඩුව සෘජුව බද්දක් ගහනවා රුපියල් 39යි සත 33ක්. එතකොට පෙට්‍රල් 92 වලට රුපියල් 39.33ක බද්දක් ගහනවා. පෙට්‍රල් 95 ලීටරේ ගොඩබන මිල රුපියල් 99යි සත 79යි, ආණ්ඩුව සෘජු බද්දක් ගහනවා රුපියල් 60යි සත 45ක්. ලංකා ඔටෝ ඩීසල් 94යි සත 21ට ගොඩබන්නේ; රුපියල් 13යි සත 7ක බද්දක් ගහනවා. ලංකා සුපර් ඩීසල් ගොඩබන්නේ රුපියල් 96යි සත 2 කට; රුපියල් 35යි සත 20ක බද්දක් ගහනවා. එතකොට එහෙමනම්” (විජිත හේරත්)

දෙවන හඩපටය වාදනය කරවයි.....

 “දැන් මේ තෙල් මිල අඩු කරන්න පුළුවන්. අද මේ තෙල් වලට රුපියල් 50 බද්දක් ගහනවාට අමතරව තව බදු ගොඩක් එකතු වෙනවා. “100ට වැඩිය බද්දක් තියෙනවා”. තෙල් සංස්ථාවෙන් ණය පවරා ගත්තා භාණ්ඩාගාරය. දැන් තෙල් සංස්ථාවට ණය තිබ්බා. ඒ ණය පංගුව ගත්තා භාණ්ඩාගාරය. දැන් තෙල් සංස්ථාව ණය වෙන්නේ කාටද? භාණ්ඩාගාරයට. දැන් මොකද කරන්නේ? තෙල් සංස්ථාව විකුණන හැම පෙට්‍රල්, ඩීසල් ලීටරයකටම රුපියල් 50ක් ගන්නවා භාණ්ඩාගාරය ණයට හිලව් වෙන්න. මරු අයිඩියා එක.” (අනුර දිසානායක)

තෙවන හඩපටය වාදනය වෙයි...

“ගොඩබානකොට පෙට්‍රල් ලීටරයක් රුපියල් 42යි සත 70යි. ඩීසල් ලීටරය ගොඩබාන මිල රුපියල් 32යි සත 8යි. අපි 10%ක් සාධාරණ ලාභයක් එක්ක අපි 10ක් දැම්මොත්, පෙට්‍රල් ලීටරයක් රුපියල් 52කටත්, ඩීසල් ලීටරයක් රුපියල් 42කටත් ලබාදෙන්න පුළුවන්. කෙසේ වුවද අද පෙට්‍රල් විකුණුම් මිල රුපියල් 117ක් වෙනවා.” (අනුර දිසානායක)

සිව්වන හඩපටය වාදනය වෙයි...

“ආහාර, අධ්‍යාපන, සෞඛ්‍ය උපකරණ සඳහා තියෙන වැට් බද්ද අපි ඉවත් කරන්න ඕනේ. සම්පූර්ණයෙන්. සම්පූර්ණයෙන්. මොකද අපේ රටේ 2003 ඉඳන් 2023ක් වෙනකම් අවුරුදු 20ක් වැට් බද්ද තිබුණා. මේ අවුරුදු 20ටම පාසල් උපකරණ, ආහාර, වෛද්‍ය උපකරණවලට බද්ධ තිබුණේ නැහැ. අවුරුදු 20කට පස්සේ තමයි ගිය අවුරුද්දේ මේ බද්ධ ගැහෙන්නේ. කෙනෙක් ලෙඩ වුණාම බෙහෙත් පරීක්ෂණයක් කරන්න වෙනකොට බද්දට යටත් වෙන එක වැරදියි. දරුවට උගන්නන උපකරණයක් ගන්න එක බද්දක් කරන නිසා.” (අනුර දිසානායක)

පස්වන හඩපටය වාදනය වෙයි... 

“වර්තමානයේ ජාත්‍යන්තර වශයෙන් මතු වෙලා තියෙන යුදමය තත්ත්වය අපි නිර්මාණය කරපු එකක් නෙවෙයි; ඒක නිර්මාණය වෙච්ච එකක්. ඒක අපේ සීමාවෙන් එහා තියෙන්නේ. ඒක කොතනට වර්ධනය වෙයිද කියන කාරණය සම්බන්ධයෙන් අපිට කාටවත් පැහැදිලි අනාවැකියක් කියන්න අමාරුයි. ඉතින් දැනට තියෙන තත්ත්වය තුළ අපිට සමත් වෙලා තියෙනවා - අපේ හාමුදුරුවෝ සමත් වෙලා තියෙනවා ඒ ආර්ථිකය කළමනාකරණය කරගන්න. මම හිතන්නේ ජනාධිපතිතුමා කිව්වා, පාර්ලිමේන්තුවේදීත් කිව්වා මේ කියන තත්ත්වය මත අපි කළ යුත්තේ කුමක්ද කියලා.” (ටිල්වින් සිල්වා)

නැවත වීරවංශ මහතා කතා කරයි

“දානවා නම් දිගටම අහගෙන ඉන්නත් පුළුවන්. ඒ තරම් ෂෝක් කතා කියලා තියෙනවා විරුද්ධ පක්ෂයේ ඉන්දෙද්දී. දැන් එදා කිව්වනේ තෙල් ගොඩබානකොට තියෙන මිලයි, ගහන බද්දේ ප්‍රමාණයයි. බද්ද අඩු කළාම තෙල් මිල අඩු කරන්න පුළුවන් කියලා එදා පෙන්නුවේ සූර සරදිලා වගේ. ඉතින් ඒ “සූර සරදියල්ලා නේද දැන් ආණ්ඩුව කරන්නේ?” දැන් එදා අනුන්ට කියපු ඒ කතාව - බද්ද අඩු කරන එක - ඇයි අද කරන්න බැරි? 

අපි විශ්වාස කරන්න ඕනේ එදා ජේවීපි එකද, අද ජේවීපි එකද? එදා බද්ද අයින් කරලා තෙල් මිල අඩු කරන්න පුළුවන් මාවත රටට හෙළිපෙහෙළි කරපු ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ අද බද්ද තියාගෙන, බද්ද තවත් වැඩි කරගෙන, අයින් කරනවා කියපු බදුත් අලුතෙන් ගහලා. අර නොරොච්චෝල බලාගාරයේ වෙච්ච මහා මංකොල්ලයෙන් වෙන පාඩුවත් තෙල් මිලෙන් ගන්නකොට, ඒක මිනිස්සුන්ගේ පිට පටවලා අතිශය විශාල ලාභ පංගුවක් හොයනවා. 

දැන් බලන්න මේගොල්ලෝ මීට කලින් කිව්වේ මේ මාසයේ ලෝක වෙළඳපොළේ තෙල් මිල ගැලපෙන්නේ ලබන මාසෙට කියලා. දැන් මේ මාසයේම ඊට කලින් තෙල් මිලේ වෙනසක් කළා. එතකොට මේ මාසේ නැවත සූත්‍රය දාලා තෙල් මිල වෙනස් වෙන්න විදිහක් නැහැ. එතකොට මේ මාසේ ලෝක වෙළඳපොළේ වැඩිවීමක් තියෙනවා නම්, ඇත්තටම ඔය කියන දවසට වඩා දැන් අඩුයි. එකසිය ගණන්වලට තිබිච්ච බැරල් එක දැන් 80 ගණන්වලට අඩු වෙලා තියෙනවා. ඩොලර් 80 ගණන්වලට. 

එතකොට දැන් ඒ අඩුවීම ගැන කතා කරන්නේ නැහැ. මේ අය තමයි කිව්වේ 'මේ මාසේ තියෙන මිල ලබන මාසෙටයි අපි ගලපන්නේ' කියලා. එතකොට දැන් මේගොල්ලොන්ගේ සංචිතවල තෙල් තිබුණා. ඒ වගේම ආවේ පරණ මිලට. ඊළඟට පෙට්‍රල් ෂෙඩ් වල - ඒ කියන්නේ අපි දන්නවා IOC එකේ ගත්තත්, පෙට්‍රෝලියම් එකේ ගත්තත් - දවස් 20ක හෝ ප්‍රමාණයකට අඩුම තරමේ තෙල් තියෙනවා පරණ මිලට ගෙනාපු. 

අනිත් පැත්තෙන් රටේ ස්ටෝරේජ් වල - අපි දන්නවා හැම ෂෙඩ් එකකටම තියෙනවා ස්ටෝරේජ් ටැංකියක්. ඔය ටැංකි ඔක්කොම ගත්තොත් ඔය මිල වැඩි කරන වෙලාවේ ලීටර් මිලියන 600ක් - 650ක ප්‍රමාණයක් තැන්පත් වෙලා තියෙනවා පරණ ගෙනාපු මිලට. එතකොට ලීටර් මිලියන 600 - 650 ප්‍රමාණය පමණක් ගණනය කරලා බලන්න, රුපියල් 23න් වැඩි කරලා කීයක් එනවද කියලා. “රුපියල් බිලියන 15කට වැඩි අතිරික්ත ලාභයක් හොයනවා” මම මේ කියන අර ස්ටෝරේජ් වල දාගෙන තියෙන පරණ ඉන්ධන ටිකෙන් විතරක්. 

මෙතන ගණන් හදලා නැහැ පෙට්‍රෝලියම් එකේ සංචිතයේ තිබිච්ච ටොන් ප්‍රමාණය. එහෙම නැත්නම් IOC එකේ සංචිතවල තිබිච්ච ප්‍රමාණය ගණන් හදලා නැහැ. ඒවා නැතුව පෙට්‍රල් ෂෙඩ් වල තිබිච්ච සංචිත විතරක් බැලුවත් රුපියල් බිලියන 15කට වැඩි අතිරේක ලාභයක්, අතිරේක ලාභයක් ඒ ටිකෙන් විතරක් ලබනවා. එතකොට මෙතන මේ කරන්නේ... ඒ කියන්නේ හිතක් පපුවක් නැති ජාවාරම්කාරයෙක් හැසිරෙන විදිහටනේ ආණ්ඩුව මේ හැසිරෙන්නේ. 

ලෝකයේ වෙච්ච තෙල් මිලේ වැඩිවීම දැන් ඒක ආයේ පහළට එනවා. ඒක වෙන්න ඕනේ ඊළඟ මාසේදී; ගලපා ගන්න ඕනේ. තමන් මිලදී ගන්නකොට තිබිච්ච මිල. දැන් මේක මඟ එන නැවේ ගානටත් හිතලා, හදලා ගහනවා. ඒකෙන් ජනාධිපති හරි බබා වගේ අහනවා 'මට තෙල් ළිං තියෙනවද? මට තෙල් සමාගම් තියෙනවද?' කියලා. ඔයාට නෙමෙයි. මේ රට පාලනය කරපු කාටවත් තෙල් ළිං තිබ්බෙත් නැහැ, තෙල් සමාගම් තිබ්බෙත් නැහැ. ඔයා නිකන් 'මට තෙල් ළිං තියෙනවද, තෙල් නළ තියෙනවද, සමාගම් තියෙනවද' කියලා “බබා පාර්ට් එක දාන්න එපා”. 

මේ කළේ අන්තිම හිරිකිත වැඩක්. මිනිස්සුන්ට කියනවා “පරිභෝජනය අඩු කරන්න” ලු. පරිභෝජනය ලෑල්ලටම අඩු කරලා තියෙන්නේ. මීට වඩා අඩු කළොත් ඉතින් පරිභෝජනයක් නැහැ, සීරෝ. ඒ නිසා තෙල් විතරක් නෙමෙයි, අනිත් හැම පරිභෝජනයක්ම ඒ තරම් අමාරුවෙන් මිනිස්සු ජීවිතය ගෙවන්නේ.

බොරු කප්පරක් කියලා, බලාපොරොත්තු කන්දක් මවලා, තෙල් වලට ගහලා තියෙන බද්ද අඩු කරන හැටි කියලා, අධ්‍යාපන සෞඛ්‍ය උපකරණවලට බදු ගහන්නේ නැති හැටි පෙන්නලා, වැට් එක ගහන්නේ නැහැ කියලා පෙන්නලා, දැන් ඉතාම සුභවාදී බලාපොරොත්තු හදලා බලය අරගෙන දැන් කියනවා 'මට තෙල් ලිඳකුත් නැහැ, තෙල් සමාගමකුත් නැහැ' කියලා. 

හැබැයි මේ විදිහට බිලියන ගණනින් අතිරේක ලාභ හොයන්න දෙන්නේ සමාගම් පිනවන්න මිසක් වෙන දේකට නෙවෙයි. ඒකෙන් එන සන්තෝසම කාටද යන්නේ, කීයද යන්නේ කියලා තමයි අපි හොයන්න ඕනේ. ඒ නිසා අපි ඉතා ඕනෑකමින් කියනවා තමුන්ට තෙල් ලිං නැහැ, තෙල් සමාගම් නැහැ කියලා නහයෙන් අඬ අඬා ඉන්නේ නැතුව, විරුද්ධ පක්ෂයේ හිටපු කාලේ කිව්ව විදිහට ඔය තෙල් වලට තියෙන “අතිශය විශාල බද්ද අයින් කරලා”, ඔය තෙල් වලට ගහලා තියෙන අයුක්තිසහගත බදු බර අයින් කරලා - අන්න එහෙම කරලා පුළුවන් නම් අපිට එදා කිව්ව විදිහට කරලා පෙන්වන්න. 

අපි නෙවෙයිනේ එදා කිව්වේ, ඔබතුමාන්ලානේ. ඔබතුමාන්ලා තමයි ඒ ක්‍රමය කිව්වේ. ආන්න ඒ ක්‍රමයට මේ මිල අඩු කරලා මේ රටේ පාරිභෝගිකයාට දෙන්න. අතිරික්ත අයුතු ලාභයක් ලබන්න දීපු අවස්ථාව වහාම නතර කරන්න. ඒ අතිරේක අයුතු ලාභ ලබන්න ගත්තු අවස්ථාව වහාම නතර කරන්න. ඒ නිසා මේ රටේ බලශක්ති අර්බුදයක් අද හදලා තියෙනවා. 

අද කාටත් නොකියා පවර් කට් එකක් යනවා. පූර්ව අනතුරු ඇඟවීම් නැහැ. 'හදිසි විසන්ධි වීම්' කියලා පවර් කට් එකක් යනවා. ඇයි? “නොරොච්චෝලේ නියම ධාරිතාවය උපදවන්නේ නැහැ”. ඒ අඩු වෙන ටික කොහෙන් හරි හොයන්න ඕනේ. හොයන්න බැහැ. අඩු වෙන ටික පද්ධතියෙන් කපලා දානවා. නොදන්නවා වගේ එක එක තැන්වල එක එක වෙලාවල් වලට විදුලිය එන එක ඇන හිටිනවා. ඒ තමයි අර නොරොච්චෝලේ විදුලිය අඩුවෙන් උපදින එකේ ප්‍රමාණය විදුලිය කැපිල්ලක් බවට පත් කරලා තියෙන්නේ. 

මෙහෙන් විදුලිය කපනවා - දරුවෝ ඉගෙන ගන්න බැරුව රෑට කරුවලේ ඉන්නවා. මෙහෙන් අයුක්ති සහගත ලෙස හිතු හිතු මනාපයට රුපියල් විසි ගණනින් ඉන්ධන මිල වැඩි කරනවා. ඒ සියලු පීඩනය මහජනයාට දීලා 'අනේ අපිට තෙල් ලිං නැහැ, අපිට තෙල් සමාගම් නැහැ' කියලා බබා පාර්ට් එක දානවා. ඒ නිසා කරුණාකරලා ඔය බබා පාර්ට් එකෙන් මේ අර්බුදය පියවන්න බැහැ. එදා විරුද්ධ පක්ෂයේදී කියපු විසඳුම තමුන්නාන්සේලාට දැන් බලයට ඇවිල්ලා ඉන්නේ, කරලා පෙන්වන්න. එහෙම නැතුව නහයෙන් අඬලා මේ රටේ ජනතාව නළවන්න පුළුවන් කියලා තමුන්නාන්සේලා හිතන්න එපා.”

දේශනයේ දෙවන හෙළිදරව්ව.

“ අපේ රටේ රාජ්‍ය බුද්ධියංශයේ හිටපු ප්‍රධානී “සුරේශ් සලේ මහතා” තමුන් නාන්සේලා දන්නවා මේ වනවිට “දින 90කට වඩා වැඩි කාලයක්” ඩී ඕ ගහලා (Detention Orders) ජනාධිපතිගේ බලතල යටතේ ඩී. ඕ. ගහලා, නිසි පරිදි අධිකරණය දැනුම්වත් කිරීමකින් තොරව රඳවා තබාගෙන ඉන්නවා. මුල් කාල පරිච්ඡේදය තුළ ඔහු පොලීසියේ “ඒ” කාඹරයක තමයි නතර කරගෙන තිබුණේ. ඒ කාඹරයේ යම් අවම පහසුකම් ප්‍රමාණයක් වත් තිබුණා. 

නමුත් ශානී අබේසේකර බලාපොරොත්තු වෙන විදියේ ප්‍රකාශයක් ඔහුගෙන් නොලැබීම මත, දැන් මොකද කරලා තියෙන්නේ? විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේශ් සලෙයි මහත්මයාව සම්පූර්ණයෙන්ම දාලා තියෙන්නේ “ඉතා අපිරිසිදු හිර කුටියකට”. ඒ හිර කුටිය තුළ මීයන් ඇඟ උඩින් දුවනවා. ඒ අපිරිසිදු බව කොච්චරද කියනවා නම් “දූවිලි පිරිච්ච පොළොවේ” තමයි පත්තර කෑල්ලක් දාගෙන රෑට නිදාගන්න සිද්ධ වෙලා තියෙන්නේ”. 

අඩුගානේ මේ නිදාගන්න පැදුරක් දෙන්න නැති තරමට රහස් පොලීසියේ “අලුගෝසුවෝ” ටික තුච්ච වෙලා තියෙනවා, අමානුෂික වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, නිදාගන්න පැදුරක් නැති එක විතරක් නෙවෙයි, අන්තිම ගඳ ගහන අපිරිසිදු වැසිකිළියක් තියෙනවා ඊට යාබදව. ඒ ගඳ නිසා කන්න කටට ගන්න කෑම වේල කන්න බැරුව ඉන්නවා. කෑවොත් ඒ කෑම වේල වමනය දාන තත්ත්වයට පත්වෙලා තියෙනවා. 

මේ හදන්නේ මුන්දැලා සුරේශ් සලෙයිව හිර කුටිය ඇතුළෙම ජීවිතය එපා කරවලා මරා දාන තත්ත්වයකට ඇදලා දාන්නයි. මේ රටේ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානීයා වෙලා හිටපු, තමිල් සෙල්වම්ලට උඩින් පහරදෙන්න අවශ්‍ය තොරතුරු සපයලා දීපු, එදා යුද්ධය පවතින වෙලාවේ “රාජ්‍යයේ ඇස” හැටියට ක්‍රියාත්මක වුණු, මේ රටේ මිනිස්සු මරාගෙන මැරෙන බෝම්බකාරයන්ගෙන් මැරෙන්න ගිය ඒවා නවත්ත ගත්තු, මේ රටේ මිනිස්සු මරාගෙන මැරෙන ලොරිවලින් ඇවිල්ලා ගහන්න හදන ඒවයෙන් නවත්ත ගත්තු, මේරටේ මිනිස්සු බස්වල, කෝච්චිවල පිපිරෙන බෝම්බවලින් කෑලි කෑලි ගිහිල්ලා මරණයට ලක්වෙන එක නවත්ත ගත්තු, ඒවා පූර්ව තොරතුරු අරගෙන ඒවා බෙදා හැරලා ඒ මගින් රටේ නීතිය හා සාමය, ආරක්ෂාව ආරක්ෂා කරගත්තු... එහෙම බුද්ධි ප්‍රධානියාට තමයි අද මේ තුච්ච සහ අවමන් සහගත ලෙස කටයුතු කරන්නේ. 

“ශානී අබේසේකර මහත්තයෝ, ඔහේ මේ කරන අපරාධයට වැහි නැති හෙන ගහන්නේ. ඔහේටයි ඔහුගේ ලොක්කාටයි”.  මේ රටේ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාව අරගෙන අපිරිසිදු, මීයන් පිරිච්ච හිර කුටියකට දාලා, අල්ලපු වැසිකිළියේ තුච්ච ගඳ හින්දා කටට ගත්තු කෑම ටික බඩට යන්නේ නැති තත්ත්වයකට පත් කරලා, “නිරාහාරව තියලා රෝගියෙක් කරලා මරා දාන්නයි මේ හදන්නේ”. මේ තුච්ච අපරාධයට ඉඩදීලා බලන් ඉන්නවද මේ රටේ මිනිස්සු? ශාන අබේසේකර කියන විශ්‍රාමික පොලිස්කාරයා, පැන්ෂන් ගිය ලොක්කා, ඒ අලුගෝසුවාට ඉඩ දෙනවද මේ විදියට අපේ බුද්ධි අංශ ප්‍රධානියෙක්ගේ ජීවිතයත් එක්ක සෙල්ලම් කරන්න?. එහෙම බලන් ඉන්නවා නම් අපි මොක්කුද? 

ඒ නිසා අපි ඉල්ලනවා මේ රටේ ජනතාවගෙන්, මේ පාහර වැඩේ කරන්න ඉඩ දෙන්න බැහැ. හිර කුටියක් ඇතුළේ දාලා, හිඟන්නෙක් වගේ දාලා, කන්න ටික නැති කරලා, ලෙඩෙක් කරලා මරා දාන්න හදන මේ මිනීමරු උත්සාහයට ඉඩ තියන්න බැහැ. ඒ නිසා අපි රටේම ජනතාවට ඉදිරි දිනක ආරාධනා කරනවා “රහස් පොලීසිය ගාව නවතින්න.... ආයේ එන්න නෙවෙයි, නතර වෙන්න බලාගෙන එන්න”. අපි ඒක සූදානම් කරලා තමුන්නාන්සේලාට ඉදිරියේදී කියනවා. බොහොම ස්තූතියි".

සම්බන්ධිත පුවත් | Related News

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදම් පිල්ලේ 2026 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් අද (9) පිදුම් ලැබීය.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ප්‍රධාන පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.