2026 ලෝක මාධ්‍ය ඡායාරූප ප්‍රදර්ශනය වාරණය කිරීමට රුසියාව උත්සාහ කළ බවට ශ්‍රී ලංකාවේ ලන්දේසි තානාපති කාර්යාලය නගන චෝදනාවට ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් පිළිතුරු..
ශ්‍රී ලංකාවේ පැවති 2026 ලෝක මාධ්‍ය ඡායාරූප ප්‍රදර්ශනයේදී රුසියානු තානාපති කාර්යාලයට එරෙහිව ලන්දේසි තානාපති කාර්යාලය විසින් කරන ලද චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත්කර තිබේ.
අදාළ නිවේදය පහළින්..
ශ්‍රී ලංකාවේ පැවති 2026 ලෝක මාධ්‍ය ඡායාරූප ප්‍රදර්ශනයේදී රුසියානු තානාපති කාර්යාලයට එරෙහිව ලන්දේසි තානාපති කාර්යාලය විසින් කරන ලද චෝදනා සම්බන්ධයෙන්
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය 2026 ලෝක මාධ්‍ය ඡායාරූප ප්‍රදර්ශනය වාරණය කිරීමට උත්සාහ කළ බවට ශ්‍රී ලංකාවේ ලන්දේසි තානාපති කාර්යාලය චෝදනා කර තිබේ.
මේ සම්බන්ධයෙන්, යුක්රේනයේ සිදුවීම්වලට අදාළව මෙම ප්‍රදර්ශනයේ ඉදිරිපත් කරන ලද ඡායාරූප සම්පූර්ණයෙන්ම පක්ෂග්‍රාහී සහ රුසියානු විරෝධී ස්වභාවයක් ඇති බව අපි පෙන්වා දීමට කැමැත්තෙමු.
2014-2022 කාලය තුළ ඩොන්බාස් හි සහ 2024 දී කර්ස්ක් කලාපය ආක්‍රමණය කිරීමේදී යුක්රේන නාසීන් විසින් සිදු කරන ලද කුරිරුකම් සහිත ඡායාරූප හිතාමතාම නොසලකා හැර තිබේ. එසේ කිරීම බටහිරයන්ගේ කුහකකමට තවත් සාක්ෂියකි.
2015 දී ඇති කරගත් මින්ස්ක් ගිවිසුම් තහවුරු කිරීම ප්‍රංශය සහ ජර්මනිය ප්‍රතික්ෂේප කිරීම ද අපි දකිමු.
කියෙව්හි රූකඩ නාසි පාලනය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ලන්දේසි තානාපති කාර්යාලය හොඳින් සිතා බැලිය යුතුය. අගතිගාමී සහ ඒකපාර්ශ්වික තොරතුරු පතුරුවා හැරීම වෙනුවට, ලන්දේසි තානාපති කාර්යාලය තම රටේ යටත් විජිත අතීතයේ වැරදි නිවැරදි කිරීම සහ ශ්‍රී ලංකාවෙන් කොල්ල කෑ ඓතිහාසික වස්තු ආපසු ලබා දීම ගැන බැරෑරුම් ලෙස සලකා බැලිය යුතුය.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර