ගෙනාපු ඉන්ධන තොගය ඉවරයි.. දැන් කියන මිලට තෙල් ගන්න වෙනවා..- ඇමති වසන්ත
මෙරටට මෑතකදී ආනයනය කරන ලද මෙට්‍රික් ටොන් 55,000ක ඉන්ධන තොගය දින හතක් වැනි කෙටි කාලයක් තුළ පාරිභෝගිකයන් විසින් ලබාගෙන අවසන් කර ඇති බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ වන විට මෙරට ඉන්ධන ඉල්ලුම සියයට 300කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.
පවතින තත්ත්වය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, කලින් ගෙනා ඉන්ධන තොග අවසන් වී ඇති බැවින් දැනට මෙරටට ළඟා වී ඇති නව ඉන්ධන නැව් සඳහා ගෙවීම් කළ යුත්තේ වත්මන් ලෝක වෙළෙඳපොළේ පවතින ඉහළ මිල ගණන් යටතේ බවයි.
"නැව් ටික ඇවිල්ලා මුහුදේ තියෙනවා. බාන්න කලින් අහනවා කීයද ගෙවන්නේ කියලා. නැවට තෙල් පටවන විට තිබූ මිල නෙමෙයි, දැන් බාන විට වෙළෙඳපොළේ පවතින මිලයි ඔවුන් ඉල්ලන්නේ. මුහුදේදී මිල වැඩි වුණේ නැහැනේ කියලා අපිට ඒගොල්ලන්ට කියන්න බැහැ," යැයි ද ඔහු අවධාරණය කළේය.
ලෝක වෙළෙඳපොළේ තෙල් මිල රුපියල් 25කින් පමණ ඉහළ යන විට ශ්‍රී ලංකාව වැනි කුඩා රටවලට එහි දැඩි පීඩාව විඳීමට සිදු වන බව අමාත්‍යවරයා පවසයි.
ලෝකයේ පවතින යුදමය වාතාවරණයන් මෙවැනි මිල ඉහළ යෑමට සෘජුව බලපාන බවත්, ලෝක සාමය ඇති වීම තුළින් මෙවැනි ආර්ථික පීඩාවන්ගෙන් මිදිය හැකි බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..