News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකා රජය ඉරාන නැවියන් සිය භාරයට ගත්තේ ඇයි? ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට බලපෑම් කළ හැකි ද?

Mar 10, 2026 at 05:08 PM
|

පසුගිය දා "ප්‍රහාරයකට" ලක්ව විනාශ වූ ඉරාන නාවික හමුදාවට අයත් IRIS Dena නෞකාව මෙන් ම, ඉන් පසුව භාරයට ගත් IRIS Bushehr නෞකාවේ සිටි ඉරාන ජාතිකයින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය කටයුතු කළේ කුමන නෛතික පදනමකින් ද යන්න පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබේ.

ඉකුත් දා ඉන්දියාවේ පැවති සමුළුවකදී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පැවසුවේ, එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය අනුව මෙම ඉරාන ජාතිකයින් සම්බන්ධයෙන් කටයුතු කළ බව ය.

නමුත් ඔවුන් ශ්‍රී ලංකා භූමිය වෙත දැනටමත් ප්‍රවේශ වී ඇති පසුබිමක, මෙම සම්මුතිය මත පිහිටා තවදුරටත් කටයුතු කළ හැකි ද යන්න පිළිබඳව ඇතැමෙක් ප්‍රශ්න කරති.

එමෙන් ම, මෙම ඉරාන ජාතිකයින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ඉදිරියේදී කුමන ආකාරයකින් කටයුතු කරනු ඇතැයි ද යන්න කෙරෙහි දෙස් විදෙස් පාර්ශවවල අවධානය යොමුව තිබේ.

ගාල්ල වාරයේ සිට නාවික සැතපුම් 40ක් පමණ දුරකදී IRIS Dena නෞකාව අනතුරට ලක්ව තිබුණු බව ශ්‍රී ලංකා නාවික හමුදාව මුලදී ප්‍රකාශ කළ ද පසුව ජනාධිපති අනුර කුමාර ඉකුත් බ්‍රහස්පතින්දා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ, ගාලු වරායේ සිට නාවික සැතපුම් 19ක පමණ දුරකදී මෙම නෞකාව "ප්‍රහාරයකට" ලක්ව තිබුණු බව ත් එම ප්‍රදේශයේ සිට ආපදා අනතුරු සංඥාවක් නිකුත් වී තිබුණු බවත් ය.

එම තොරතුර මත පදනම්ව බීබීසී සිංහල කළ සොයා බැලීමකදී තහවුරු වූයේ, අදාළ නෞකාව ශ්‍රී ලංකාවේ රාශ්ට්‍රීය මුහුදු කලාපයට ආසන්න යාබද මුහුදු කලාපයේදී මෙම සිදුවීමට මුහුණ පා ඇති බව ය.

මේ, ශ්‍රී ලංකාව භාරයේ සිටින ඉරාන ජාතිකයින් පිළිබඳව ඔබට ඇති නෛතික ප්‍රශ්න 4ක් සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය නීතිඥ කුසල් කාවින්ද අමරසිංහ සමග බීබීසී සිංහල කළ සංවාදයකි.

1. ඉරාන නාවිකයින් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වූ පසු ශ්‍රී ලංකාව අනුගමනය කළ නීතිය කුමක් ද?

අන්තර්ජාතික නීතිය මූලිකව ගොඩ නැගී ඇත්තේ, 'ගිවිසගත් බැඳීම් සද්භාවී ලෙස එනයින් ම ඉටු කළ යුතුයි' (Agreements must be fulfilled in good-faith) යන මූලධර්මය මතයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ රාශ්ට්‍රීය මුහුදු සීමාව ආසන්නයේදී නැව්බත් වූ ඉරාන නාවික හමුදා යාත්‍රාවේ සිටි නාවිකයන් මුදා ගැනීමටත්, ශ්‍රී ලංකාවේ රාශ්ට්‍රීය මුහුදු සීමාවට ඇතුළු වූ ඉරාන නාවික හමුදාවට අයත් දෙවැනි යාත්‍රාව හා එහි සිටි නාවිකයන් තම භාරයට ගැනීමත් ශ්‍රී ලංකාව විසින් සිදු කරනු ලැබුවේ, ශ්‍රී ලංකාව ද පාර්ශවකාරී වන අන්තර්ජාතික සාගර නීතිය හා අන්තර්ජාතික මානුෂවාදී නීතියට අදාළ සම්මුති වෙත එකඟවයි.

ශ්‍රී ලංකාව, අන්තර්ජාතික සාගර නීතියේ මූලික සම්මුතිය වන 1982 එක්සත් ජාතින්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතියට (UNCLOS) පාර්ශවකාරී රාජ්‍යයක්. ඒ අනුව සම්මුතියේ 98(2) ව්‍යවස්ථාව අනුව අදාළ මුහුදු සීමාව තුළ ගලවාගැනීමේ මෙහෙයුම් සිදුකිරීමේ වගකීම ශ්‍රී ලංකාව සතුවේ.

එමෙන්ම, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතන ව්‍යුහයක් වන අන්තර්ජාතික නාවික සංවිධානයේ (International Maritime Organization) සාමාජික රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව 1979 සමුද්‍රීය සෙවීම් සහ මුදාගැනීම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට (SAR) පාර්ශවකාරී වනවා. ඒ සම්මුතිය යටතේත්, ශ්‍රී ලංකාව අදාළ මුදා මෙහෙයුම් සිදුකිරීමට වගකීමක් දරයි

"මේ කියන අන්තර්ජාතික සම්මුතිමය එකඟතා මත තමයි ශ්‍රී ලංකාවේ මුහුදු කලාපය තුළ නැව්බත් වූ ඉරාන නාවික හමුදා යාත්‍රවේ සිටි නාවිකයන් මුදදා ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළේ." නීතිඥ කුසල් කාවින්ද අමරසිංහ පැහැදිලි කළේය.

"දෙවැනි යාත්‍රාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අනුගමනය කළේ, අන්තර්ජාතික මානුෂවාදී නීතිය යටතේ පවතින සම්මුතිමය එකඟතා. අන්තර්ජාතික මානුෂවාදී නීතිය කියන්නේ යුද්ධ තත්ත්වයන් තුළ මානුෂියත්වය සුරක්ෂිත කිරීමට අරමුණුකරගත් නීති තන්ත්‍රය. මෙම නීතිය අන්තර්ජාතික යුද්ධ නීතිය යනුවෙන් හැඳින්වූවත් වරදක් නෑ.

අන්තර්ජතික මානුෂවාදී නීතිය යටතේ, 1949 දෙවන ජිනීවා සම්මුතිය තුළ සාකච්ඡා කරන්නේ සමුද්‍රීය යුද්ධයකදී අනුගමනය කළ යුතු රීතීන් මොනවා ද යන්න පිළිබඳවයි. මෙම සම්මුතියේ 5 වන ව්‍යවස්ථාව අනුව සමුද්‍රිය සංග්‍රාමයකදී නිශ්ක්‍රිය රාජ්‍යයක් වෙත පවතින වගකීම් මොනවා ද යන්න පැහැදිලි කර තිබෙනවා.

ඒ වගේ ම, ශ්‍රී ලංකාව භාරයට ගත් නාවික පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය තත්ත්වය 1949 තෙවන ජිනීවා සම්මුතියේ විෂය පථය යටතේ පාලනය වෙනවා. මෙම සම්මුතියේ 4(ආ)2 ව්‍යවස්ථාව යටතේ, නිශ්ක්‍රිය හෝ සටන්කාමී නොවන රාජ්‍යයක් විසින් භාරගනු ලබන තවදුරටත් සටන්වැදිය නොහැකි වූ (out-of-combat) තැනැත්තන් අන්තර්ජාතික නීතිය යටතේ රඳවා තබා (intern) ගැනීම සිදු කළ යුතුයි."

2. ඔවුන් ශ්‍රී ලංකා රජය භාරයට පත් වූ පසු බලාත්මක නීතිය කුමක් ද?

"ශ්‍රී ලංකා රජය භාරයට පත් වූ රැඳවියන් තාක්ෂණික වශයෙන් "යුද්ධ සිරකරුවන්" (PoWs) ලෙස වර්ගීකරණය නොකළත්, තෙවන ජිනීවා සම්මුතිය යටතේ ඔවුන් යුද්ධ සිරකරුවන්ට හිමිවන අයිතිවාසිකම් සහ වරප්‍රසාද ලැබීමට සුදුසුකම් ලබනවා.

තෙවන ජිනීවා සම්මුතියේ 118 වන ව්‍යවස්ථාව අනුව, මෙම තැනැත්තන් නැවත සන්නද්ධ ගැටුමට අවතීර්ණ වීම වැළැක්වීමේ වගකීමක් නිශ්ක්‍රිය රාජ්‍යය සතු යි; ඒ අනුව සක්‍රිය සන්නද්ධ කටයුතු සම්පූර්ණයෙන් ම අවසන් වන තෙක් ඔවුන් නිදහස් කරන ලෙස කිසිදු පාර්ශවයකට නීත්‍යනුකූලව ඉල්ලා සිටීමට ද නොහැකි යි."

3. මෙම ඉරාන නැවියන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට යම් බලපෑමක් සිදුවනවා නම්, රජයට ගත හැකි පියවර මොනවා ද?

"පෙර සඳහන් කළ අකාරයට මෙම රැඳවුම් භාරයේ පසුවන රැඳවියන් පිළිබඳව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කිරීමට සටනට පාර්ශවකාරී වන කිසිදු පාර්ශවයකට නීත්‍යනුකූල හැකියාවක් නෑ. දැන් මෙම රැඳවියන්ගේ සම්පූර්ණ භාරකරත්වය පවතින්නේ නිශ්ක්‍රිය රාජ්‍ය පාර්ශවය වන ශ්‍රී ලංකාව සතුවයි. ඒ වගේ ම ඔවුන් නැවත මුදා හැරීම සිදු කළ යුතු වන්නේ සක්‍රිය යුද්ධ ගැටුම් අවසන් වූ පසුවයි. ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයට තර්ජනයක් වන ලෙස කිසියම් රාජ්‍යයක් විසින් මෙම රැඳවියන් සම්බන්ධයෙන් බලපෑමක් සිදු කළ හොත් ඒ පිළිබඳ එක්සත් ජාතින්ගේ සංවිධානය දැනුවත් කිරීමටත්, අවසාන වශයෙන් අන්තර්ජාතික යුක්ති අධිකරණය වෙත පැමිණිලි කිරීමටත් ශ්‍රී ලංකාවට හැකියාව පවතිනවා. නමුත්, මෙම අවස්ථාව තුළ එවැනි ගැටලුකාරී තත්ත්වයක් උද්ගතවන ආකාරයක් අපට නිරීක්ෂණය වන්නේ නෑ."

4. ඉරාන නාවිකයින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට ඉදිරියේදී සිදු කළ හැක්කේ කුමක් ද?

"මේ පිළිබඳව අදාළ වන්නේත් පෙර සඳහන් කළ ආකරයටම අන්තර්ජාතික මානුෂවාදී නීතියේ නිර්ණායකයන්. තුන්වන ජිනීවා සම්මුතිය අනුව මෙම නාවික පිරිස නැවත ඉරානය වෙත භාර දිය යුතු වන්නේ සක්‍රිය යුධ ගැටුම් අවසන් වූ පසුයි. මන්දයත්, සටන්කාමී හමුදාවක සාමාජිකයන් ලෙස ඔවුන් නැවතත් සටන් චක්‍රය වෙත එක්වීම වැළැක්වීමේ වගකීම නිශ්ක්‍රිය රාජ්‍යය සතු නිසා." කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය නීතිඥ කුසල් කාවින්ද අමරසිංහ වැඩිදුරටත් පැහැදිලි කළේය.


- බීබීසී සිංහල

සම්බන්ධිත පුවත් | Related News

දැනට වසර 51කට පමණ පෙර පටිගත කරන ලද දුර්ලභ වීඩියෝ දර්ශනයක් ඇසුරින්, ආචාර්ය ගුණදාස අමරසේකර ශූරීන් විසින් හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් පිළිබඳව කරන ලද විශේෂ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ පටයක් Next page සමාජ මාධ්‍ය පිටුවේ පළකර තිබේ.
බටහිර රාජ්‍ය තම ආර්ථික, වෙළඳ, දේශපාලන අරමුණු උදෙසා , ආසියාවේ, අප්‍රිකාවේ අධ්‍යාපනය ස්වදේශිකයන් චින්තනයෙන් සහ ආර්ථික ජාතික විමුක්තියෙන් පාරාජිකාවන ලෙසත් , බටහිරයන් ආර්ථිකයෙන් වැඩෙන ලෙසත් අධ්‍යාපනය හසුරුවා ඇත.
2026 අගෝස්තු 07 වන දින, සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය මක්කමදී "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම" (Makkah Joint Defence Agreement) අත්සන් කරන ලදී. NATO හමුදා සන්ධානයේ ආකෘතියට සමානව සකස් කරන ලද මෙම ගිවිසුම මගින් අන්‍යෝන්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ ඇත. එහි ප්‍රධාන කොන්දේසිය වන්නේ මෙම අත්සන් තැබූ පාර්ශව තුනෙන් ඕනෑම එකකට එල්ල වන සන්නද්ධ ප්‍රහාරයක්, පාර්ශවයන් තිදෙනාටම එල්ල වූ ප්‍රහාරයක් ලෙස සලකනු ලබන බවයි.
පසුගියදා කොළඹ 7 පිහිටි බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ පාරාදීසය එළිමහන් රඟහලේදී විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ ඊඩිපස්, ජුලියස් සීසර්, ගොඩෝ එනකං, සාකුන්තලය සහ ජපන් සම්ප්‍රදායික නාට්‍යය අඩංගු උළෙලක් පවත්වනු ලැබුවා. අසමා රූපණ සරසවියේ නිර්මාතෘ අඛිල සපුමල් නාට්‍යවේදියා විසින් සංවිධානය කළ මෙම උළෙල හරවත් අදහස් ඇති ප්‍රේක්ෂකයන්ගේ විශේෂ අවධානය දිනා ගැනීමට සමත් වූවා.
පහුගිය දවස්වල මම “අස්ස - පස්ස” කියලා ලිපියක් ලිව්වා. ජම්බුවාදියෝ විසින් “කුසලස්ස” සහ “පාපස්ස” කියන පාලි වචන දෙක විකෘති කරන හැටි දැකලයි මම ඒ ලිපිය ලිව්වේ. ඒ ලිපියට විශාල පිරිසක් ප්‍රතිචාර දක්වලා තිබුණා. කමෙන්ට් තුන්සිය ගානක් දාලා තියෙනවත් දැක්කා. ඒ හැම එකක් ම කියවන්න වෙලාවක් මට නෑ. මගේ ලිපියට ප්‍රතිචාර දකවපු අය අතර ජම්බුවාදියොත් හිටියා. ඇත්තෙන්ම, ජම්බුවාදියෝ දක්වලා තිබිච්ච අදහස් බොහොම රසවත්. මට කියවන්න ලැබිච්ච එහෙම කමෙන්ට් දෙකක් තුනක් ගැන යමක් කියන්න පුළුවන්.
සෙවුතා (Ceuta) කියන්නේ ස්පාඤ්ඤයට අයිති ස්වායත්ත නගරයක්. භූමියක් විදිහට ගත්තාම මේ නගරය අයිතිවෙන්නේ අප්‍රිකානු මහද්වීපයට. ඒත් අප්‍රිකානු මහද්වීපයේ උතුරු ම කෙළවරේ තියෙන ස්පාඤ්ඤයට අයිති නගරයක් හින්දා දේශපාලනිකව යුරෝපයට අයිති ප්‍රදේශයක් විදිහට ඒක සළකනවා. මේ ස්වායත්ත නගරය යුරෝපා සංගමයේ විශේෂ බල ප්‍රදේශයක් (A special territory of members of the European Economic Area) විදිහටත් සම්බන්ධ කරගෙන තියෙනවා.
2019 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ වඩාත්ම ඛේදනීය, සංවේදී සහ විවාදාත්මක ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගෙන් එකකි. මෙම සිදුවීමේ ඇති බරපතලම සහ ඛේදනීයම කරුණ වන්නේ, ප්‍රහාරය එල්ල වන දින, වේලාව, ස්ථාන සහ ඊට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ නිශ්චිත පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට බලධාරීන් අසමත් වීමයි.
රාජ්‍ය ආදායම 27% කින් ඉහළ ගොස් ඇති බව පවසමින් ආණ්ඩුව අත්පොළසන් දෙද්දි මහ පොළොවේ ජීවත්වන ජනතාවට දැනෙන්නේ තව තවත් බදු තොණ්ඩුව හිර වෙනවා පමණි.

ප්‍රධාන පුවත්

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.