තෙල් මිල මීට වඩා වැඩි කරන්න ඔනෑ.. විශාල මිල වැඩි කිරීමක් එකවර දරාගත නොහැකි නිසා මේ ප්‍රමාණයට වැඩි කළා - ඇමති නලින්ද ජයතිස්ස
ලෝක වෙළඳපොළේ බොරතෙල් සහ පිරිපහදු කළ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ දේශීය පරිභෝජනය අසාමාන්‍ය ලෙස ඉහළ යාම හේතුවෙන් ඉන්ධන මිල වැඩි කිරීමට රජයට සිදු වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ පවතින තත්ත්වය අනුව ඉන්ධන මිල මීට වඩා වැඩි විය යුතු වුවද, ජනතාවට සහ ආර්ථිකයට දරාගත හැකි මට්ටමක එය පවත්වා ගැනීමට රජය උත්සාහ කළ බවයි.
පසුගිය දින කිහිපය තුළ මෙරට ඉන්ධන පරිභෝජනය විශාල ලෙස ඉහළ ගොස් ඇති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. සාමාන්‍යයෙන් දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් 4,000ක් පමණ පරිභෝජනය කළද, මාර්තු 1 වැනිදා සිට 9 වැනිදා දක්වා කාලය තුළ ඩීසල් මෙට්‍රික් ටොන් 59,200ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 48,500ක් පරිභෝජනය කර ඇත. මෙය සාමාන්‍ය තත්ත්වයට වඩා ඩීසල් මෙට්‍රික් ටොන් 23,000ක සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 13,000ක පමණ වැඩි වීමකි. මෙම අධික පරිභෝජනය හේතුවෙන් මෙරට තිබූ ඉන්ධන සංචිත අවසන් වූ බවත්, ඒ නිසාම ඉහළ මිලකට අලුතින් ඉන්ධන ආනයනය කිරීමට සිදු වූ බවත් හෙතෙම සඳහන් කළේය.
ලෝක වෙළඳපොළේ මිල ගණන් සැසඳීමේදී වත්මන් මිල වැඩි කිරීම ප්‍රමාණවත් නොවන බව පැවසූ අමාත්‍යවරයා, "ඇත්තටම මීට වඩා වැඩි කළ යුතු මිල වැඩියි. නමුත් විශාල මිල වැඩි කිරීමක් එකවර ආර්ථිකයට දරාගත නොහැකි නිසා අපි මේ ප්‍රමාණයට වැඩි කළා" යැයි පැවසීය. ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල මාර්තු 8 වැනිදා ඩොලර් 108 සිට මාර්තු 9 වැනිදා වන විට ඩොලර් 119 දක්වා ඉහළ ගිය බවත්, පිරිපහදු කළ ඩීසල් සහ පෙට්‍රල් මිල සියයට 75 සිට 99 දක්වා ප්‍රතිශතයකින් වැඩි වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙම මිල සංශෝධනය හරහා ජනතාව ඉන්ධන පරිභෝජනය යම් මට්ටමකට සීමා කරනු ඇතැයි රජය අපේක්ෂා කරන බව අමාත්‍යවරයා කියා සිටියේය. බලශක්ති පරිභෝජනය අවම කර ගැනීම සඳහා ලෝකයේ අනෙකුත් රටවල්ද විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, මෙරට ආර්ථිකයට එල්ල වන පීඩනය අවම කර ගැනීමට නම් පරිභෝජනය සීමා කිරීම අත්‍යවශ්‍ය බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
එමෙන්ම, කෙටි කාලීනව ඉන්ධන සඳහා සහනයක් ලබා දීම පිළිබඳව මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් පවතින බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී අනාවරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..