
අතහැරලා දාපු කොකෝවා ගස්වලින් චොකලට් හදන අපේ රටේ මහාචාර්යවරයා
ලංකාවේ අත්හැර දමා ඇති වගාවක් වන කොකෝවා වගාව නැවත රටේ ආර්ථිකය හා එක්කරගනිමින් ලංකාව තුළ චොකලට් නිෂ්පාදය කිරීමට උත්සාහ දරන මහාචාර්යවරයකු පිළිබඳව මුහුණු පොත හරහා දැනගැනීමට හැකිවිය.
වසර කිහිපයක් තිස්සේ ඔහු මෙම චොකලට් නිෂ්පාදය සිදුකරන අතර, ගෙවතුවගා මට්ටමෙන් කොකෝවා වගාව ප්‍රවර්ධනය සඳහා අකුරැස්ස සණස සංගමය හා එක්ව ප්‍රවේශයක් ද ලබාගෙන තිබේ.
ඔහු රුහුණු විශ්ව විදයාලයේ ආහාරවිද්‍යා තාක්ෂණ අධ්‍යයන අංශයේ මහාචාර්ය නිලන්ත ගියනගේ මහතාය.
ඒ මහතා මුහුණු පොත හරහා එක්කළ සටහනක් පහළින් දැක්වේ...
මගේ ගස මගේ චොකලට්..
අපි ලංකාවේ අතාරලා දාපු කොකෝවා වගාවලින් චොකලට් හදන්න පටන් අරන් අවුරුදු 4 ක් ඇති.
ඒ අතරේ නැවත කොකෝවා වගාව ගෙවතු මට්ටමින් ආරම්භ කරන්න පොඩි ප්‍රවේශයක් ගත්තා අකුරැස්සේ සණස සංගමය එක්ක. එහිදී ඔවුන්ට ලබා දෙන්න මාතලෙන් ගෙන්නපු කොකෝවා පැල වලින් එකක් මං මගේ වත්තේ හිටෙව්වා. මේ තියෙන්නේ අවුරුදු 3ක් වයස ගසේ ඵලදාව.
මේ කොකෝවා ඉදෙන සීසන් එක. අපරාදේ සත්තුන්ට කන්න අතෑරල දාන්න එපා. මාතර අවට නම්, ගෙඩි ටික මට දෙන්න. මං සල්ලි දීලා ගන්නම්.
ගේන්න බැරි දුරක නම් ඉන්නේ, කොකෝවා ඇට පැසවන විදිය මම කියන්නම්, එසේ දින 10 ක් පැසවලා වේලපු ඇට මට එවන්න හෝ ඇවිත් ගෙනියන්නම්.
කොකෝවා වැවෙන ප්‍රදේශවල අපි මිලදීගන්න ස්තාන කීපයක් හදන්න හිතාගෙන ඉන්නවා. මාතලේ, කෑගල්ල, අකුරැස්ස, දෙණියාය.. ලංකාවේ හොඳම කොකෝවා හැදෙන ප්‍රදේශ. රටේ ආර්ථිකය නංවන්න මොනවද කරන්න බැරි...
චොකලට් කියන්නේ ආගමක්.. ඒකට ඔය එක එක සූත්තර දාන්න එපා. දිවුල් චොකලට්, කිතුල් චොකලට් කිය කිය තාච්චුවේ දාලා දොදොල් හදනවා වගේ චොකලට් හදන්න බෑ... ඒවා චොකලට් නෙමෙයි.
නිවැරදි තාක්ශණයට හෝම්මේඩ්/හෑන්ඩ්මේඩ් චොකලට් හදන්න ඉගෙන ගන්න අවශ්‍යනම් කියන්න.
කොකෝවා ගහක් කියන්නෙම මුදල් මැශිමක්. ඒක හරියට නඩත්තු කරමු.
කවුරුහරි පොඩි චොකලට් outlet එකක් දාන්න කොකෝවා වගාවක් කරන්න හිතාගෙන ඉන්නවනම් ආයෝජනය කරන්න බයවෙන්න එපා. කතාකරන්න.
මම,
මහාචාර්‍ය නිලන්ත ලියනගේ, ආහාරවිද්‍යා තාක්ශණ අධ්‍යයන අංශය, රුහුණ.වි.වි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
