News Category
From Date
To Date
Maximum Number of Result

බටහිර ආයුධ කර්මාන්තය අධික පිරිවැය නිසා කඩාවැටේ.. ඇමරිකාවේ ගෝලීය ආරක්ෂක ජාලය බිඳවැටිලා..

Mar 9, 2026 at 08:56 AM
|

බටහිර මාධ්‍ය කොතරම් වර්ණනා කළත්, යුධ පිටියේ සැබෑ තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්ය. ලෝකයේ දියුණුම මිසයිල නාශක පද්ධතියක් ලෙස සැලකෙන "THAAD" පද්ධතියේ රේඩාර් යන්ත්‍ර ඉරාන ප්‍රහාර හමුවේ විනාශ වී ඇති බව වාර්තා වේ. 

ජෝර්දානයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ස්ථාපිත කර තිබූ මෙම රේඩාර් පද්ධති විනාශ වීමත් සමඟ ඊශ්‍රායලය වෙත එල්ල වන ප්‍රහාර හඳුනා ගැනීමට ඇති කාලය "මිනිත්තු කිහිපයක්" දක්වා සීමා වී තිබේ.

මෙහි ඇති පුදුමයට කරුණ නම්, ඩොලර් බිලියන ගණනක් වටිනා මෙම රේඩාර් පද්ධති විනාශ කිරීමට ඉරානය භාවිතා කර ඇත්තේ ඉතා අඩු පිරිවැයකින් නිෂ්පාදනය කළ හැකි 'ෂහීඩ්' වර්ගයේ ඩ්‍රෝන යානා වීමයි. 

මේවා පියාසර කරන විට මෝටර් බයිසිකලයක ශබ්දයට සමාන ශබ්දයක් නිකුත් කරන තරමට සරල තාක්ෂණයක් සහිත වුවත්, ඒවා හඳුනාගෙන විනාශ කිරීමට ඇමරිකානු "Patriot" පද්ධති අසමත් වී ඇත. 

එක් මිසයිලයක් බිම හෙළීමට ඩොලර් මිලියන ගණනක් වටිනා "Patriot මිසයිල" 11 ක් පමණ එකවර මුදා හැරියත්, ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වූ අවස්ථා ද පසුගිය දිනවල දක්නට ලැබුණි!

ඇමරිකානු ආරක්ෂක කර්මාන්තය මුහුණ දී සිටින ලොකුම ගැටලුව වන්නේ මිසයිල නිෂ්පාදනය කිරීමේ වේගයයි. වර්තමානයේ ඇමරිකාවට මසකට නිෂ්පාදනය කළ හැක්කේ 'THAAD' මිසයිල 10 ක් සහ "Patriot" මිසයිල 35-40 ක් වැනි සුළු ප්‍රමාණයකි. 

නමුත් යුධ පිටියේදී දිනකට මෙවැනි මිසයිල විශාල ප්‍රමාණයක් වැය වේ. ඇමරිකාව ලෝකයට පෙන්වන්නේ තමන් ලෝකයේ විශාලතම ආර්ථිකය සහ නිෂ්පාදන බලවතා බවයි. නමුත් මැදපෙරදිග යුද්ධය ආරම්භ වූ විට හෙළි වූයේ ඔවුන්ගේ "පේට්‍රියට්" වැනි නවීන මිසයිල නිපදවන්නේ ඉතා සෙමින්, බොහෝ දුරට අතින් එනම් "Hand assembled" ලෙස බවයි. 

මෙයට හේතුව එම සමාගම් ලාභය වැඩි කරගැනීම සඳහා නිෂ්පාදන ක්‍රියාවලිය ස්වයංක්‍රීය කිරීමට ආයෝජනය නොකිරීමයි. යුද්ධයේදී මිසයිල සිය ගණනින් වැය වන විට, ඇමරිකානු කර්මාන්තශාලා වලට ඒවා සැපයීමට නොහැකි විය.  

ආයුධවල මිල ඉහළ දැමීමට කොන්ත්‍රාත්කරුවන් කළ කපටි උපාය අවසානයේදී ඇමරිකානු හමුදාව යුධ පිටියේදී අසරණ වීමට ප්‍රධාන හේතුව විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාවට දැන් සිදුව ඇත්තේ දකුණු කොරියාව සහ තායිවානය වැනි රටවල ස්ථාපිත කර ඇති මිසයිල පද්ධති පවා, මැදපෙරදිගට ගෙන්වා ගැනීමටයි. මෙය ඇමරිකාවේ ගෝලීය ආරක්ෂක ජාලය දුර්වල වීමක් ලෙස හැඳින්විය හැකිය.

මෙම ගැටුමේ වඩාත්ම සංකීර්ණ සහ තීරණාත්මක පැත්ත වන්නේ රුසියාවේ මැදිහත්වීමයි. රුසියාව සහ ඉරානය අතර ඇති වෙමින් පවතින යුධමය සහයෝගීතාවය ඇමරිකාව දැඩි තිගැස්මකට පත් කර තිබේ. 

රුසියාව විසින් ඉරානය වෙත සිය දියුණුම රේඩාර් තාක්ෂණය, Mig-29 සහ Su-35 වැනි ප්‍රහාරක යානා මෙන්ම S-400 මිසයිල ආරක්ෂක පද්ධති ලබා දී ඇති බව වාර්තා වේ. විශේෂයෙන්ම ඇමරිකානු චන්ද්‍රිකා සහ නිරීක්ෂණ පද්ධති මඟහරවා ගනිමින් ඉලක්ක ලබා දීමට රුසියානු බුද්ධි තොරතුරු ඉරානයට විශාල ශක්තියක් වී ඇත. 

මෙය එක් අතකින් යුක්රේන යුද්ධයේදී ඇමරිකාව ක්‍රියා කළ ආකාරයට රුසියාව විසින් දෙන ලද "ප්‍රතිචාරයක්" ලෙසද සැලකිය හැකිය. "ඔබ අපේ සතුරන්ට උදව් කරන්නේ නම්, අපි ඔබේ සතුරන්ට උදව් කරන්නෙමු" යන පණිවිඩය රුසියාව ප්‍රායෝගිකව පෙන්වා දී තිබේ.

යුද්ධය හුදෙක් වෙඩි උණ්ඩ වලට පමණක් සීමා නොවේ. එය ලෝක ආර්ථිකයටද දැඩි බලපෑමක් එල්ල කරයි. මේ වන විට බොරතෙල් බැරලයක මිල ඩොලර් 90 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, මෙය තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතී. 

ලෝකයේ තෙල් සැපයුමෙන් 20% ක් පමණ ගමන් කරන්නේ 'හෝමූස්' සමුද්‍ර සන්ධිය හරහාය. ඉරානය විසින් මෙම කලාපයේ නාවික ගමනාගමනයට බාධා කළහොත් සමස්ත ලෝකයම බලශක්ති අර්බුදයකට මුහුණ දෙනු ඇත.

විශේෂයෙන්ම යුරෝපය මේ සම්බන්ධයෙන් දැඩි අවදානමක පසුවේ. ඔවුන් රුසියානු ගෑස් ප්‍රතික්ෂේප කර කටාර් රාජ්‍යයෙන් ගෑස් ලබා ගැනීමට උත්සාහ කළත්, වර්තමාන යුධ තත්ත්වය හමුවේ කටාර්හි ගෑස් නිෂ්පාදන මධ්‍යස්ථාන පවා අඩපණ වී ඇත. මෙහි ප්‍රතිඵලය වන්නේ යුරෝපයේ කර්මාන්ත ශාලා වැසී යාම සහ ජන ජීවිතය අතිශය දුෂ්කර වීමයි.

අප වැනි කුඩා රටකට ලෝක බලවතුන්ගේ මෙම ගැටුම් ඈත සිදුවීම් ලෙස පෙනුනත්, එහි බලපෑම සෘජුවම අපේ මුළුතැන්ගෙයට පවා දැනේ. ඉන්ධන මිල ඉහළ යාම, භාණ්ඩ හිඟය සහ ගෝලීය උද්ධමනය මේ සියල්ලේ ප්‍රතිඵල වේ. එහෙත් මෙහි ඇති වැදගත්ම පාඩම වන්නේ, ලෝකය දැන් තනි බලවතෙකුට යටත් නොවන ලෝකයක් කරා ගමන් කරමින් සිටින බවයි.

වර්තමාන යුධ පිටියේ ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරක යානා ඉරානයේ ගුවන් පථ ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරන විට එක් අපූරු සිදුවීමක් වාර්තා විය. චන්ද්‍රිකා සහ රේඩාර් මඟින් ලබාගත් දත්ත වලට අනුව, ගුවන් පථවල ප්‍රහාරක හෙලිකොප්ටර් යානා පෙළට නවතා තිබෙනු දිස් විය. ඇමරිකානු මිසයිල ඉතා නිවැරදිව මෙම "යානා" මතට පතිත විය.

නමුත් ප්‍රහාරයෙන් පසු ලබාගත් ඡායාරූප පරීක්ෂා කිරීමේදී හෙළි වූයේ පුදුම සහගත කරුණකි. එහි තිබී ඇත්තේ සැබෑ හෙලිකොප්ටර් නොව, ගුවන් පථය මත ඉතා සූක්ෂ්ම ලෙස ඇඳ තිබූ ත්‍රිමාණ හෙවත් 3D චිත්‍ර සමූහයකි. ඩොලර් මිලියන ගණනක් වටිනා අධි-තාක්ෂණික මිසයිල අවසානයේදී පුපුරා ගොස් තිබුණේ කොන්ක්‍රීට් පොළොව මත ඇඳි තීන්ත චිත්‍ර මතය. 

මෙය අපට පෙන්වා දෙන්නේ තාක්ෂණය කොතරම් දියුණු වුවත්, මිනිස් බුද්ධිය සහ සරල රැවටීම් උපක්‍රම හමුවේ එය තවමත් පරාජය කළ හැකි බවයි.

ඇමරිකානු නාවික හමුදාව සතු දැවැන්ත ගුවන් යානා වාහක නෞකා සහ 'Destroyers' යනු සාගරයේ පාවෙන බලකොටු වැනිය. ඒවායේ ඇති මිසයිල සහ රේඩාර් පද්ධති වලට සැතපුම් සිය ගණනක් ඈතින් එන සතුරු ඉලක්ක විනාශ කළ හැකිය. 

නමුත් ඉරානය මෙයට පිළියමක් ලෙස භාවිතා කළේ ඉතා සරල උපක්‍රමයකි. ඔවුන් රුපියල් ලක්ෂ කිහිපයක් පමණක් වටිනා ඉතා වේගවත් කුඩා බෝට්ටු සිය ගණනක් එකවර මුදා හැරීමට පුරුදු විය. මෙම බෝට්ටු මත සාමාන්‍ය මිසයිල හෝ මැෂින් තුවක්කු සවිකර තිබේ. 

දැවැන්ත නෞකාවකට එකවර ඉලක්ක කරගත හැක්කේ සීමිත ඉලක්ක ප්‍රමාණයකි. නමුත් මී මැසි රංචුවක් මෙන් සෑම පැත්තකින්ම වේගයෙන් ඇදී එන කුඩා බෝට්ටු සියයක් පාලනය කිරීම එම දැවැන්ත නෞකා වලට අසීරු විය. බිලියන ගණනක් වටිනා නෞකාවක්, සාමාන්‍ය ධීවර බෝට්ටු වැනි කුඩා යාත්‍රා සමූහයක් හමුවේ පසුබැසීමට සිදුවීම තාක්ෂණයේ බලයට එල්ල වූ තදබල පහරකි.

ඇමරිකානු ගුවන් හමුදාව ලෝකයේ ඕනෑම තැනක ඇති ඉලක්කයක් අහසේ සිට විනාශ කිරීමට සමත් "ස්මාර්ට් බෝම්බ" භාවිතා කරයි. ඔවුන් සිතුවේ ඉරානයේ මිසයිල ගබඩා සහ විදින යන්ත්‍ර අහසේ සිට පහසුවෙන් විනාශ කළ හැකි බවයි. 

නමුත් ඉරානය සියුම් උපක්‍රමයක් ලෙස සියලුම වැදගත් යුධ උපකරණ අඩි සිය ගණනක් පොළොව යට සහ කඳුකරයේ ගැඹුරු ගුහාවල තැන්පත් කළේය. ඔවුන් මෙය හඳුන්වන්නේ "මිසයිල නගර" ලෙසයි.

කඳුකරයේ සැඟවී ඇති මෙම මධ්‍යස්ථාන සොයා ගැනීමට ඇමරිකානු චන්ද්‍රිකා වලට පවා අපහසු වී තිබේ. ඉරාන හමුදාව කරන්නේ මිසයිල විදින රථ උමං මාර්ග හරහා පිටතට ගෙන විනාඩි කිහිපයකින් මිසයිල මුදා හැර, ඇමරිකානු යානා පැමිණීමට පෙර නැවතත් උමං තුළට ගෙන ගොස් සැඟවීමයි. අති නවීන ගුවන් බලය හමුවේ වුවද "පොළොව යට සැඟවී සිට පහර දීම" වැනි පැරණි සරල උපක්‍රමයන් තවමත් සාර්ථක වී ඇත.

බටහිර රටවල් ඉරානයට සහ රුසියාවට එරෙහිව පැනවූ ලොකුම තහනම වූයේ නවීන පරිගණක චිප්ස් ලබා නොදීමයි. නවීන මිසයිල සහ ඩ්‍රෝන නිපදවීමට මෙම චිප්ස් අත්‍යවශ්‍ය යැයි ඔවුන් සිතූහ. 

නමුත් එම රටවල් කළේ ඉතා පුදුම සහගත දෙයකි. ඔවුන් සාමාන්‍ය රෙදි සෝදන යන්ත්‍ර , ශීතකරණ සහ ස්මාර්ට් ජංගම දුරකථනවල ඇති සරල චිප්ස් ගලවා ඒවා සිය යුධ උපකරණ සඳහා භාවිතා කිරීමට පටන් ගත්හ.

ඇමරිකාව සිතුවේ මෙම "සරල චිප්ස්" වලින් සාදන ආයුධ අසාර්ථක වනු ඇති බවයි. නමුත් ඉරාන ඩ්‍රෝන යානා පරීක්ෂා කිරීමේදී හෙළි වූයේ ඒවා තුළ තිබුණේ අප නිවෙස්වල භාවිතා කරන උපකරණවල ඇති සරල තාක්ෂණය බවයි. ඩොලර් දහස් ගණනක් වටිනා මිල අධික චිප්ස් වෙනුවට, වෙළඳපොලේ ඇති සාමාන්‍ය උපාංග වලින් නිපදවූ මෙම ආයුධ ඇමරිකානු ආරක්ෂක පද්ධති පරාජය කිරීමට සමත් විය. 

ඇමරිකානු රේඩාර් සහ ජෑමර් පද්ධති නිර්මාණය කර ඇත්තේ ගුවන් විදුලි තරංග මගින් පාලනය වන ඩ්‍රෝන යානා අඩපණ කිරීමටයි. සතුරා ඩ්‍රෝන යානයක් එවූ සැනින් එහි සංඥා අවහිර කර එය පාලනයෙන් බැහැර කිරීමට ඇමරිකානු තාක්ෂණයට හැකියාව තිබේ. 

නමුත් මෑතකදී ඉරානය සහ ඔවුන්ගේ හිතවාදී කණ්ඩායම් මේ සඳහා ඉතා පැරණි එහෙත් සාර්ථක උපක්‍රමයක් භාවිතා කළහ. ඔවුන් සිය ඩ්‍රෝන යානා පාලනය කිරීමට ගුවන් විදුලි තරංග වෙනුවට, ඉතා සිහින් 'ෆයිබර් ඔප්ටික්' රැහැනක් භාවිතා කළහ. ඩ්‍රෝන යානය පියාසර කරන විට මෙම නූලක් වැනි රැහැන දිග හැරෙමින් පාලන මධ්‍යස්ථානය සමඟ සෘජුවම සම්බන්ධ වේ. 

රැහැන් හරහා පණිවිඩ යන බැවින් කිසිදු ජෑමර් යන්ත්‍රයකට මෙම ඩ්‍රෝන යානා නතර කළ නොහැකි විය. බිලියන ගණනක් වටිනා ඉලෙක්ට්‍රොනික යුධ උපකරණ, සාමාන්‍ය නූලකින් පාලනය වන ඩ්‍රෝන යානයක් හමුවේ අසරණ වූයේ, ඒ අයුරිනි!

නවීන රේඩාර් පද්ධති සහ මිසයිල නිර්මාණය කර ඇත්තේ ඉතා වේගයෙන් පියාසර කරන ලෝහමය වස්තූන් උදාහරණ ජෙට් යානා හෝ මිසයිල හඳුනාගෙන විනාශ කිරීමටයි. මෙම පද්ධති ඩොලර් මිලියන ගණනක් වටිනා 'ස්මාර්ට්' තාක්ෂණයෙන් යුක්තය. නමුත් ඉරානය සහ ඔවුන්ගේ හිතවාදී කණ්ඩායම් මේ සඳහා ඉතා සරල උපක්‍රමයක් භාවිතා කළහ.

ඔවුන් ඉතා මිල අඩු, ලෝහමය තීන්ත ආලේපනයක් සහිත බැලූන වන "Metallic coated balloons" සිය ගණනක් අහසට මුදා හැරියහ. රේඩාර් පද්ධති වලට සුළගේ ගසා ගෙන එන මෙම බැලූන් පෙනෙන්නේ සතුරු මිසයිල හෝ යානා ලෙසයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඊශ්‍රායලයේ සහ ඇමරිකාවේ මිසයිල ආරක්ෂක පද්ධති මෙම හිස් බැලූන් විනාශ කිරීමට සිය මිල අධික මිසයිල මුදා හරින ලදී. 

ඩොලර් මිලියන 6 ක් වටිනා එක් පේට්‍රියට් මිසයිලයකින් විනාශ කළේ ඩොලර් 10 ක් වටිනා බැලූනයකි! 

යුද්ධයකදී ආයුධ වලට වඩා බලවත් වන්නේ ආර්ථිකයයි. ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය අසල යුධ අභ්‍යාස පවත්වන විට, ලෝකයේ විශාලතම නෞකා රක්ෂණ සමාගම් එම කලාපය හරහා යන තෙල් නැව්වල රක්ෂණ ගාස්තු අධික ලෙස ඉහළ දැමූහ. මෙය ඇමරිකානු ආර්ථිකයට එල්ල වූ දැඩි පහරකි.

ඩොනල්ඩ් ට්‍රම්ප් රජය ප්‍රකාශ කළේ තමන් මෙම නැව් වලට ආරක්ෂාව සපයන බවයි. නමුත් රක්ෂණ සමාගම් පැවසුවේ "ඔබ කොතරම් ආරක්ෂාව දුන්නත්, එක සරල ඩ්‍රෝන ප්‍රහාරයකින් නැවක් ගිල්වා දැමුවහොත් අපට බිලියන ගණනක වන්දියක් ගෙවීමට සිදුවන" බවය. 

මෙහිදී ඉරානය කිසිදු වෙඩිල්ලක් පත්තු නොකර, හුදෙක් "තර්ජනයක්" මගින් ලෝක තෙල් වෙළඳපොළ සහ රක්ෂණ ක්ෂේත්‍රය කළඹවා දැමීමට සමත් විය. අති නවීන යුධ නැව් තිබුණද, රක්ෂණ වාරිකය වැනි සරල ආර්ථික සාධකයක් හමුවේ ලෝක බලවතාට පසුබැසීමට සිදුවිය. 

ඇමරිකානු නාවික හමුදාව සතු බිලියන ගණනක් වටිනා නෞකා ඕනෑම මිසයිල ප්‍රහාරයකට මුහුණ දීමට සූදානම්ය. නමුත් හෝමූස් සමුද්‍ර සන්ධිය වැනි පටු මුහුදු තීරයකදී ඔවුන්ට මුහුණ දීමට සිදුවූ ලොකුම අභියෝගය වූයේ සාමාන්‍ය ධීවර බෝට්ටු මගින් මුහුදේ පාවීමට හරින ලද "මුහුදු බෝම්බ" හෙවත් "Sea Mines" ය.

මෙම බෝම්බ ඉතා පැරණි තාක්ෂණයෙන් යුක්ත වුවත්, ඒවා නෞකාවක ගැටුණු සැනින් විශාල විනාශයක් කළ හැකිය. ධීවර බෝට්ටු වලින් රහසිගතව මෙවැනි බෝම්බ සිය ගණනක් මුදා හරින විට, ඇමරිකානු අධි-තාක්ෂණික නෞකා වලට මුහුදේ ගමන් කිරීම අතිශය අවදානම්ය. 

අහසේ සිට එන මිසයිල නැවැත්වීමට සමත් වුවද, දිය යට පාවෙන සරල බෝම්බයක් හඳුනා ගැනීමට එම නෞකා වලට අපහසු ය. මෙය සාගරයේ බලය හුදෙක් තාක්ෂණය මතම රඳා නොපවතින බවට හොඳම නිදසුනකි.

යුද්ධයක් දිගු කාලයක් ඇදී යන විට, වැදගත්ම සාධකය වන්නේ භට පිරිස්වල සැපයුම් ජාලයයි . ඇමරිකානු හමුදාව ඉරාකය සහ සිරියාවේ සිය කඳවුරුවල සිටින භටයන්ට ආහාර සහ අනෙකුත් පහසුකම් සපයන්නේ ඉතා මිල අධික ගුවන් ගමන් සහ රථ පෙළවල් මගිනි.

ඉරාන හිතවාදී කණ්ඩායම් විසින් මෙම සැපයුම් මාර්ග වලට නිරන්තරයෙන් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරන විට, ඇමරිකානු භටයන්ට අවශ්‍ය ආහාර සහ ඉන්ධන සැපයීම අතිශය දුෂ්කර විය. කඳවුර තුළ කොතරම් නවීන ආයුධ තිබුණත්, ආහාර සහ ජලය නොමැති වූ විට භටයන්ගේ මානසිකත්වය බිඳ වැටේ. ඉරානය මෙහිදී භාවිතා කළේ සතුරාට කෙලින්ම පහර දෙනවා වෙනුවට, ඔවුන්ගේ "බඩට පහර දීමේ" සරල උපක්‍රමයයි. බිලියන ගණනක යුධ අයවැයක් තිබුණද, සරල සැපයුම් ජාලයක් පවත්වා ගැනීමට නොහැකි වීම නිසා, ඇමරිකාවට සිය කඳවුරු වසා දැමීමට පවා සිදුවිය. 

මෙම සරල කතා හරහා ලෝක දේශපාලනයේ සහ යුධ පිටියේ පවතින සැබෑ යථාර්ථය ඔබට පැහැදිලි වනු ඇතැයි මම සිතමි. මේ කතා අපේ ජීවිත වලටත් අදාළය. අපේ දෛනික ජීවිතයත් යුධ පිටියක් වැනිය. අද්වෛත වේදාන්තය උගන්වන්නේ අපේ බොහෝ බිය සහ වේදනාවන් හුදෙක් "මායාවක්" බවයි. ඉරානයේ ත්‍රිමාණ චිත්‍ර වලට රැවටී මිසයිල නාස්ති කළා සේ, අපත් සමාජයේ සම්මතයන් සහ අන් අයගේ මත නමැති චිත්‍ර වලට රැවටී අපේ ශක්තිය නාස්ති කරමු. 

ආතතිය, අධික වැඩ රාජකාරි සහ අනවශ්‍ය සිතුවිලි නමැති "මිසයිල" අපේ මනසට නිරන්තරයෙන් එල්ල වේ. බටහිර ආයුධ කර්මාන්තය අධික පිරිවැය නිසා කඩාවැටුණා සේ, අපත් අපේ ජීවිතය අනවශ්‍ය ලෙස සංකීර්ණ කරගතහොත් අපේ ජීව ශක්තිය නාස්ති වේ. ඒ නිසා ඔබේ ඉලක්ක කරා යාමට ඇති සරලම සහ කාර්යක්ෂම මග සොයන්න. මිල අධික සම්පත් වලට වඩා, ඔබේ නිර්මාණශීලී බුද්ධියට ආයෝජනය කරන්න. ගැටලුවකට මුහුණ දීමේදී, හැමෝම කරන දේ නොව කිසිවෙකු නොසිතන සරල එහෙත් බලවත් විසඳුමක් සොයන්න. තවත් විග්‍රගයකින් හමුවෙමු.

©️ සාගර දියගම

සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.