News Category
From Date
To Date
Maximum Number of Result

සේන තෝරදෙනිය මහතාට 83 යි..

Mar 9, 2026 at 05:37 AM
|

1943 මාර්තු 06 වෙනිදා උපන් සේන තෝරදෙනිය මහතාට පෙරේදාට අවුරුදු 83 ක් සම්පුර්ණ විය. එදිනෙදා වැඩ අතරතුර මේ සටහන පෙරේදා පළ කිරීමට  අතපසු විය. එවැනි දෑ අපට විය හැකිය. මේ සටහන තබන්නේ ඒ පශ්චාත්තාපයෙන් ද යුතුවය. සේන තෝරදෙනිය සාහිත්‍යය නිර්මාණයට හා සාහිත්‍යය විචාරයට පිවිසෙන්නේ දැවැන්ත සාහිතය කරුවන්ගේ හා පේරාදෙණිය ගුරුකුලයේ ආධිපත්‍යය ප්‍රබලව පැවති වකවානුවේ දී ය. මාර්ටින් වික්‍රමසිංහගේ සිංහල නවකතාව හා ජපන් කාම සෙවනැල්ල (1969) නිකුත්වීමට හරියටම අවුරුදු දෙකකට පෙර ඔහු 1967 දී “පේරාදෙණිය ගුරු කුලය” හා “කල්පනා ලෝකය” තියුණු විචාරයකට ලක් කරමින් සිය විචාර භුමිකාව ආරම්භ කළේය. ඔහු සිය “මල් දහසකින් සැදි වසන්තයක්” නම් රචනාව මගින් පේරාදෙණි ගුරුකුලය විචාරාත්මකව ඇගැයූ පුරෝගාමීන් කිහිපදෙනාගෙන් කෙනෙක් වීය. ඒ බව  ගුණදාස අමරසේකර මහතාද  දුම්බර පතන් ගිනි කෘතියට ලියන ලද ලිපියෙන් පෙන්වා දී තිබීම  අතිශයින් වැදගත් කරුණකි.

පේරාදෙණියේ ප්‍රභාප්‍රවාහ සමයේ දී එහි ගත කළ  මේ ලේඛකයා, පේරාදෙණි සාහිත්‍යය කුසුමාසනය අසල රැදී සිටිමට වරම් ලැබුවද ස්ථාපිතව පැවති මහා ගුරු කුලයකින් ස්ව-කැමැත්තෙන්ම පිටුවහල් වී අති දුෂ්කර මගක ගමන් ගත්තේය. දැනට අවුරුදු අසූතුන් (83) වියට පා තැබුවද අද දක්වාම එක් මතවාදයක පැවතිමටත්, සිය විචාරය හා නිර්මාණය ඒ මත පිහිටු වීමටත්, ඔහුට හැකියාව ලැබී ඇත්තේ ඔහුගේ ඒ දේශපාලන අස්ථානය නිසාය. 

මේ වනවිට ඔහුගේ සාහිත්‍ය ජිවිතයට වසර 59 ක් ගෙවී යයි. මෙය ඕනෑම සාහිත්‍යකරුවකුගේ සාහිත්‍ය ජිවිතයේ වාර්තා තැබෙන සාධකයකි. අද ජිවතුන් අතර සිටින සාහිත්‍යකරුවන්ගේ සාහිත්‍ය ජීවිතය හා සසඳා බලන කල්හි ඔහු දෙවැනි වන්නේ ගුණදාස අමරසේකර, ටෙනිසන් පෙරේරා, අජිත් තිලකසේන යන ජ්‍යෙෂ්ඨ ලේඛකයන් තිදෙනාට පමණි. ගුණදාස අමරසේකර 1952 පටන් අද දක්වාම වසර 74 ක් සාහිත්‍ය නිර්මාණයේ හා විචාරයේ යෙදී සිටින ජ්‍යෙෂ්ඨතම ලේඛකයා වෙයි. ටෙනිසන් පෙරේරා 1958 සාහිත්‍යකරණයට පිවිස මේ වනවිට ඔහුගේ සාහිත්‍ය ජිවිතයට වසර 68 ක් සම්පුර්ණ වෙයි. අජිත් තිලකස්සේන 1960 සාහිත්‍යකරණයට පිවිස අදවනවිට ඔහුගේ සාහිත්‍ය ජිවිතයටද වසර 66 ක් සම්පුර්ණ වෙයි. සේන තෝරදෙනිය 1967 සාහිත්‍ය භූමිකාවක පිවිස මේ වනවිට ඔහුගේ සාහිත්‍ය ජිවිතයට වසර 59 ක් සම්පුර්ණ වෙයි. 

අඩ සියවසකට වැඩි කාලයක් ලේඛන භූමිකාවක නියැළෙමින් නවකතාව, කෙටිකතාව, කවිය, පරිවර්තන සාහිත්‍ය හා සාහිත්‍ය විචාරය යන නන්විධ ක්ෂේත්‍රයන්හි බහුවිධ කුසලතා දැක්වූ සේන තෝරදෙනිය මහතාගේ  කෘති මෙරට සාහිත්‍ය සම්මාන උලෙළවල ඇගයීමට ද ලක්ව තිබේ. ඔහුගේ “සදත්විල මහා සුභද්‍රාවෝ” නවකථාව 2004 වර්ෂයේ හොඳම නවකතාව ලෙස රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය. හොඳම පරිවර්තන කෘතියට හිමි රාජ්‍ය සම්මානය 2006 වර්ෂයේ දී “සොයින්කා: මරණය සහ රජතුමාගේ අසරුවා” කෘතියට හිමි විය. “බණ්ඩර මැරූ උන්” නවකතාවට 2015 දී රාජ්‍ය සම්මානය හිමි විය. එය ස්වර්ණ පුස්තක සම්මානයේ අවසන් කෘති පහට ද නිර්දේශ විය. “මඩරන්” නවකතාවට 2020 දී ගොඩගේ සම්මානය හිමි වූ අතර 2019 වර්ෂයේ දී  හොඳම ශාස්ත්‍රීය කෘතිය ලෙස “පේරාදෙණි ගුරු කුලයේ උපත, නැඟීම හා බිඳවැටීම” කෘතියට රාජ්‍ය සම්මාන හිමි විය.

ඔහු විසින් මෙතෙක් ලියා පළ කළ ග්‍රන්ථ සමූහය සාහිත්‍ය දේශන සහ පුවත්පත් විචාර ලිපි ප්‍රමාණය විශාලය. නවකතා,කෙටිකතා, පරිවර්තන සාහිත්‍ය, කවි,  සාහිත්‍ය විචාර හා ශාස්ත්‍රීය ග්‍රන්ථ හැරුණු විට ඔහු ගෝල්ෆෙස් අරගලය ගැන ඉංග්‍රීසියෙන් කෘතියක් Galle Face Protest: Systems Change or Anarchy? – Politics, Religion & Culture in a Time of Terror in Sri Lanka  නමින් 2023 දී පළ කළේය. ඔහු  මෙරට විවිධ පුවත්පත්, වාර සඟරා, ශාස්ත්‍රීය උපහාර කලාප ආදියට සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් ලියා ඇති ලිපි සංඛ්‍යාව ද අති විශාලය. ඒ අනුව දශක කීපයක් තිස්සේ අධ්‍යතන සිංහල සාහිත්‍ය පෝෂණය කිරීමට ඔහුගෙන් සිදුවී ඇත්තේ අනගි මෙහෙයකි. 

ඔහු විරාමයකින් තොරව සාහිත්‍යකරණයේ නියැළි කෘතහස්ත ලේඛකයෙක් බවට දෙස් දෙන්නේ ඔහු මෙතෙක් විවිධ ප්‍රකාශන ආයතන මගින් මුද්‍රණයෙන් පළකොට තිබෙන 37 ක් වූ විවිධ විෂයික ග්‍රන්ථ නාමාවලිය සහ පුවත්පත්, සඟරා ආදියට සාහිත්‍ය කලාව හා දේශපාලනය අරභයා ලියන අති විශාල විචාර ලිපි එකතුවයි. මෙම ලේඛකයාගේ 70 වන ජන්ම දිනය නිමිත්තෙන් අපගේ සංස්කරණයෙන් පළ වූ “දුම්බර පතන් ගිනි - සේන තෝරදෙනිය නිර්මාණ හා විචාර විවරණ”(2013) ග්‍රන්ථයේ අගට පිටු 64 ක විචාර ලිපි එකතුවක දීර්ඝ නාමාවලියක් පළ කොට තිබේ. එහි ඇත්තේ 1967 සිට එම කෘතිය පළ වූ 2013 වර්ෂය දක්වා වසර 46 කාලයක සේන තෝරදෙනියගේ ග්‍රන්ථ, ලිපි ලේඛන, පුවත්පත් ලිපි, සම්මුඛ සාකච්ඡා හා දේශන පිළිබඳ නාමවලියයි. ඉන් පසු 2023 දක්වා දශකයකට වැඩි කාලයක් ඔහු ලියූ ග්‍රන්ථ හා ලිපි ලේඛන ප්‍රමාණයද විශාලය. එහෙත් යළි  කිසිවක් නොලියන තරමට ඔහු දැන් කායිකව දුබලය.සිතින් සහ අදහස්වලින් පමණක් තවමත් සවිමත්ය. දැනට මෙවැනි ම සැදෑ සමයක වෙසෙන අමරසේකර මහතා සහ ගොඩගේ මහතා දැකබලා ගැනීමට තෝරදෙනිය මහතාට උවමනා විය. මිට තුන්මසකට පෙර 2025.12.10 අපි ඒ ගමන ගියෙමු. මේ සාහිත්‍ය වනස්පති නැවත තුරුණු නොවෙතත්  නිදුක් නිරෝගී සුවයත් දිර්ඝායුෂත් පතමි. 

- රත්තනදෙණියේ මේධානන්ද හිමි

සම්බන්ධිත පුවත් | Related News

දැනට වසර 51කට පමණ පෙර පටිගත කරන ලද දුර්ලභ වීඩියෝ දර්ශනයක් ඇසුරින්, ආචාර්ය ගුණදාස අමරසේකර ශූරීන් විසින් හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් පිළිබඳව කරන ලද විශේෂ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ පටයක් Next page සමාජ මාධ්‍ය පිටුවේ පළකර තිබේ.
බටහිර රාජ්‍ය තම ආර්ථික, වෙළඳ, දේශපාලන අරමුණු උදෙසා , ආසියාවේ, අප්‍රිකාවේ අධ්‍යාපනය ස්වදේශිකයන් චින්තනයෙන් සහ ආර්ථික ජාතික විමුක්තියෙන් පාරාජිකාවන ලෙසත් , බටහිරයන් ආර්ථිකයෙන් වැඩෙන ලෙසත් අධ්‍යාපනය හසුරුවා ඇත.
2026 අගෝස්තු 07 වන දින, සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය මක්කමදී "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම" (Makkah Joint Defence Agreement) අත්සන් කරන ලදී. NATO හමුදා සන්ධානයේ ආකෘතියට සමානව සකස් කරන ලද මෙම ගිවිසුම මගින් අන්‍යෝන්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ ඇත. එහි ප්‍රධාන කොන්දේසිය වන්නේ මෙම අත්සන් තැබූ පාර්ශව තුනෙන් ඕනෑම එකකට එල්ල වන සන්නද්ධ ප්‍රහාරයක්, පාර්ශවයන් තිදෙනාටම එල්ල වූ ප්‍රහාරයක් ලෙස සලකනු ලබන බවයි.
පසුගියදා කොළඹ 7 පිහිටි බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ පාරාදීසය එළිමහන් රඟහලේදී විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ ඊඩිපස්, ජුලියස් සීසර්, ගොඩෝ එනකං, සාකුන්තලය සහ ජපන් සම්ප්‍රදායික නාට්‍යය අඩංගු උළෙලක් පවත්වනු ලැබුවා. අසමා රූපණ සරසවියේ නිර්මාතෘ අඛිල සපුමල් නාට්‍යවේදියා විසින් සංවිධානය කළ මෙම උළෙල හරවත් අදහස් ඇති ප්‍රේක්ෂකයන්ගේ විශේෂ අවධානය දිනා ගැනීමට සමත් වූවා.
පහුගිය දවස්වල මම “අස්ස - පස්ස” කියලා ලිපියක් ලිව්වා. ජම්බුවාදියෝ විසින් “කුසලස්ස” සහ “පාපස්ස” කියන පාලි වචන දෙක විකෘති කරන හැටි දැකලයි මම ඒ ලිපිය ලිව්වේ. ඒ ලිපියට විශාල පිරිසක් ප්‍රතිචාර දක්වලා තිබුණා. කමෙන්ට් තුන්සිය ගානක් දාලා තියෙනවත් දැක්කා. ඒ හැම එකක් ම කියවන්න වෙලාවක් මට නෑ. මගේ ලිපියට ප්‍රතිචාර දකවපු අය අතර ජම්බුවාදියොත් හිටියා. ඇත්තෙන්ම, ජම්බුවාදියෝ දක්වලා තිබිච්ච අදහස් බොහොම රසවත්. මට කියවන්න ලැබිච්ච එහෙම කමෙන්ට් දෙකක් තුනක් ගැන යමක් කියන්න පුළුවන්.
සෙවුතා (Ceuta) කියන්නේ ස්පාඤ්ඤයට අයිති ස්වායත්ත නගරයක්. භූමියක් විදිහට ගත්තාම මේ නගරය අයිතිවෙන්නේ අප්‍රිකානු මහද්වීපයට. ඒත් අප්‍රිකානු මහද්වීපයේ උතුරු ම කෙළවරේ තියෙන ස්පාඤ්ඤයට අයිති නගරයක් හින්දා දේශපාලනිකව යුරෝපයට අයිති ප්‍රදේශයක් විදිහට ඒක සළකනවා. මේ ස්වායත්ත නගරය යුරෝපා සංගමයේ විශේෂ බල ප්‍රදේශයක් (A special territory of members of the European Economic Area) විදිහටත් සම්බන්ධ කරගෙන තියෙනවා.
2019 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ වඩාත්ම ඛේදනීය, සංවේදී සහ විවාදාත්මක ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගෙන් එකකි. මෙම සිදුවීමේ ඇති බරපතලම සහ ඛේදනීයම කරුණ වන්නේ, ප්‍රහාරය එල්ල වන දින, වේලාව, ස්ථාන සහ ඊට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ නිශ්චිත පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට බලධාරීන් අසමත් වීමයි.
රාජ්‍ය ආදායම 27% කින් ඉහළ ගොස් ඇති බව පවසමින් ආණ්ඩුව අත්පොළසන් දෙද්දි මහ පොළොවේ ජීවත්වන ජනතාවට දැනෙන්නේ තව තවත් බදු තොණ්ඩුව හිර වෙනවා පමණි.

ප්‍රධාන පුවත්

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.