යුද හානිය නිරූපණය කරන ඡායාරූප,වීඩියෝ ආදිය සමාජ මාධ්‍ය වල හෝ වෙනත් මාධ්‍ය වල පල කිරීමට අනුබල දෙන්නට ඩුබායි බලධාරින්ගෙන් අනතුරු ඇඟවීම්
ඉරාන මිසයිල සහ ඩ්‍රෝන යානා මගින් සිදු වූ බව දැක්වෙන වාර්තා සහ හානිය නිරූපණය කරන ඡායාරූප වීඩියෝ ආදිය ප්‍රකාශයට පත් කරන පුද්ගලයන්ට එරෙහිව ඩුබායි බලධාරීන් විශාල දඩ මුදල් හෝ සිර දඬුවම් පවා නියම කරන බවට නිවෙදනය කරයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු අසල්වැසි රටවල සිවිල් ජනතාවගේ යටිතල පහසුකම් ඉලක්ක කිරීම ටෙහෙරානය ප්‍රතික්ෂේප කර ඇති අතර, එක්සත් ජනපද සහ ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් තම සන්නද්ධ හමුදා කලාපයේ ඇමරිකානු හමුදා කඳවුරුවලට පමණක් පහර දෙන බව අවධාරණය කර තිබේ.
ඩුබායි රාජ්‍ය තමන්ගේ විශේෂ Golden Visa (දිගුකාලීන වාස වීසා) වැඩසටහන ඒතුවෙන්, ලෝකය පුරා සිටින content creators හෙවත් අන්තර්ගත නිර්මාතෘන් සඳහා කාලයක් තිස්සේ ආකර්ෂණීය ස්ථානයක් වී ඇත.
සමාජ මාධ්‍ය සටහනක, එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලධාරීන් “මහජන සාමයට” සහ “ජාතික සමගියට” හානි කර යැයි සැලකෙන ඕනෑම ප්‍රවෘත්තියක් මතය්ක් ඡායාරූපයක් ආදී යමක් ප්‍රකාශයට පත් කිරීමට එරෙහිව ජනතාවට අනතුරු ඇඟවීය. රෙගුලාසි උල්ලංඝනය කරන පුද්ගලයන්ට ඩොලර් 77,000 දක්වා දඩ හෝ සිර දඬුවම් නියම කරනු ඇත.
ඩුබායි හි පදිංචි නම සඳහන් කිරීමට අකමැති වූ "lifestyle influencer" වරයෙකු ද ටෙලිග්‍රාෆ් වෙත පැවසුවේ පළාත් පාලන ආයතන “ආඛ්‍යානය පාලනය කිරීමට අවශ්‍යයි, එය නිසැකවම කලයුතු” බවයි.
“ඔබට මෙම රටේදී පැවසිය හැකි දේ පිළිබඳව දැඩි නීති තිබේ,” ඇය තවදුරටත් පැවසුවාය.
එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට දැවැන්ත ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පැය කිහිපයකට පසු පසුගිය 28 වනදා නිකුත් කළ නිවේදනයක් මගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජයේ නීතිඥ කාර්යාලය "නොදන්නා මූලාශ්‍රවලින් ලැබෙන කටකතා සහ තොරතුරු සමාජ මාධ්‍ය වේදිකා හරහා ප්‍රකාශයට පත් කිරීමට හෝ බෙදා හැරීමට එරෙහිව" අනතුරු ඇඟවීය.
බලධාරීන් මාර්ගගත ප්‍රකාශකයින්ට "නිල සහ පිළිගත් මූලාශ්‍රවලින් පමණක් තොරතුරු ලබා ගන්නා ලෙස" උපදෙස් දුන් අතර, "කටකතා පැතිරවීම අපරාධයක්" යනුවෙන් ද අවධාරණය කළේය.
28 වනදා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉරාන බැලස්ටික් මිසයිල සම්බන්ධ ප්‍රහාර බොහෝ ගනනකට ලක්ව ඇති බවත්, සමහර රොකට් ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කරන ලද බවත්ය. මිසයිල වල සුන්බුන් නේවාසික ප්‍රදේශයකට වැටී ඇති බවත්, අබුඩාබි ගුවන් තොටුපළේ "සිදුවීමකින්" එක් අයෙකු මිය ගිය බවත් එය හෙළි කළේය.
ගල්ෆ් රටක් වූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඇමරිකානු හමුදා කඳවුරු දෙකකට පහසුකම් සලකා ඇති අතර,පසුගිය දිනවල ඉරාන පළිගැනීමේ ප්‍රහාරවලට ලක්ව ඇති බව වාර්තා වේ.
ඉරාන ඉස්ලාමීය ජනරජයට එල්ල වූ එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රහාරයෙන් උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සහ ජ්‍යෙෂ්ඨ ඉරාන අණ දෙන නිලධාරීන් ගණනාවක් සති අන්තයේ මිය ගියහ. මෙම උද්ඝෝෂනය ආරම්භ වූ දා සිට ඉරානයේ පුද්ගලයින් 1,200 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර, ඒ අතර අවම වශයෙන් ලාබාල සිසුන් සහ ගුරුවරුන් 160 ක් පමණ සිටිති. ඉරානයට එල්ල වූ ප්‍රහාරය රුසියාව හෙළා දැක තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..