බාල ගල්අඟුරු නිසා නොරොච්චෝලේ යන්ත්‍ර අවදානමක - බලාගාර නිලධාරීන් කියයි
ප්‍රමිතියෙන් තොර ප්‍රශ්නගත ගල් අඟුරු භාවිතයෙන් නොරොච්චෝලේ බලාගාරයේ යන්ත්‍රවලට හානිසිදුවිය හැකි බවට එහි නිලධාරීන් අනතුරු අඟවයි.
ඒ පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට හමුවේ ඊයේ (04) පෙනීසිටි අවස්ථාවේදීය.
නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ආනයනය කෙරුණු ගල්අඟුරු තොග නිසි පිරිවිතරයන්ට නොමැතිවීම සම්බන්ධයෙන් රටතුළ පසුගිය සමයේ දැඩි කතාබහක් නිර්මාණය වුණි.
මතභේදාත්මක ගල්අඟුරු නෞකා නවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විමර්ශනයක් ඇරඹුවේ පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ උපදෙස් අනුවය.
එලෙස සිදුකළ විමර්ශනයේ වාර්තාව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මගින් පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට පසුගියදා භාරදී තිබුණි.
ප්‍රශ්නගත අල් අඟුරුවල ශක්තිය හෙවත් කැලරිෆික් අගය නැව්ගත කරන වරායේදී පැවති අගයට සාපේක්ෂව ගොඩබෑම් වරායේ, ලක්විජය බලාගාරයේ සහ විදුලි උත්පාදනයේ කාර්යක්ෂමතාව මත ගණනය කරන පරීක්ෂණවලදී ලැබී ඇති අගයන් පහළ මට්ටම්වල පැවති බව වාර්තාව අනාවරණ කරයි.
නමුත් පෙර සැපයුම්කරුගේ ගල් අඟුරුවල ශක්තිය විදුලි උත්පාදනයේ කාර්යක්ෂමතාව මත ගණනය කිරීමේදී, නැව්ගත කරන වරායේදී පැවති අගයද ඉක්මවූ අගයක් ලැබී ඇති බවද එහි සඳහන්ය.
එමෙන්ම වත්මන් සැපයුම්කරුගේ ගල් අඟුරු භාවිතයෙන් 2026 ජනවාරි තුන්වැනිදා සිට 8 වැනිදා දක්වා දින හයක කාලය තුළ සිදුකළ විදුලි උත්පාදනයේදී පාවෙන අළු විසර්ජනය දෛනිකව මෙටික්ට්‍රොන් 306ත් 616ත් අතර ඉහළ අගයන්වල පැවතී ඇතැයි වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
නමුත් පෙර සැපයුම්කරුගේ ගල්අඟුරු භාවිතයෙන් විදුලිය උත්පාදනය කෙරුණු 2026 ජනවාරි 11වැනිදා සිට 15 වැනිදා දක්වා දින පහක කාලය තුළ පාවෙන අළු විසර්ජනය දෛනිකව වාර්තා වී ඇත්තේ මෙට්‍රික්ටොන් 221ත් 316ත් අතර සාපේක්ෂව පහළ අගයන්වලයි.
ඒ අනුව වත්මන් සැපයුම්කරුගේ ගල් අඟුරු භාවිතයේදී විසර්ජනයවන පාවෙන අළු ප්‍රමාණය පෙර සැපයුම්කරුගේ ගල් අඟුරු වලට සාපේක්ෂව 102%ක වැඩිවීමක් බවද වාර්තාවෙන් පෙන්වා දී තිබේ.
ඒ අතර විමර්ශන වාර්තාව අනාවරණ කරන පරිදි ප්‍රමිතියෙන් අවම ගල්අඟුරු තොග නැව්ගත කිරීම් නවය මගින් සිදුව ඇති සමස්ත මූල්‍ය පාඩුව රුපියල් මිලියන 8,497කි.
- අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..