ඉරාන යුද නෞකාවකට එල්ල වූ ඇමරිකානු ප්‍රහාරය ගැන රජය වහාම කරුණු පැහැදිලි කළ යුතුයි.. රහසිගත ගිවිසුම් පවතින්නේ දැයි සැකයි - පුබුදු ජයගොඩ
ගාල්ල ආසන්න මුහුදු තීරයේදී ඉරාන යුද නෞකාවකට එල්ල වූ ඇමරිකානු ප්‍රහාරය සම්බන්ධයෙන් රජය වහාම කරුණු පැහැදිලි කළ යුතු බවත්, මෙම සිදුවීම පිටුපස ඇමරිකාව සමඟ ඇති කරගත් රහසිගත ගිවිසුම් පවතින්නේ දැයි සැකයක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ මහතා පවසයි.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ විදෙස් පුවත් වාර්තා අනුව මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ලංකාවට අයත් විශේෂ ආර්ථික කලාපය (EEZ) තුළ බවයි. රජය මෙය ජාත්‍යන්තර මුහුදේ සිදු වූවක් බව පැවසුවද, අදාළ නෞකාව හමුවී ඇත්තේ ගාල්ලේ සිට නාවික සැතපුම් 47ක් දුරින් බව ජයගොඩ මහතා සඳහන් කරයි.
නාවික සැතපුම් 12ක දේශීය ජල සීමාවෙන් ඔබ්බට ඇති අනන්‍ය ආර්ථික කලාපය ශ්‍රී ලංකාවේ බලාධිකාරියට යටත් බවත්, එබැවින් මෙම ප්‍රහාරය ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ සිදුවූයේද යන්න පැහැදිලි කළ යුතු බවත් ඔහු අවධාරණය කරයි.
මෙම ප්‍රහාරය එල්ල කිරීමට ඇමරිකානු සබ්මැරීනයක් ලංකාවේ මුහුදු සීමාවට ඇතුළු වූයේ නම්, ඒ සඳහා රජයේ අවසරය ලැබුණේද යන්න බරපතල ප්‍රශ්නයක් බව ජයගොඩ මහතා පවසයි.
"අවසර අරන් ආවා නම් රජය අපිට උත්තර දෙන්න ඕනේ. අවසර නැතුව ආවා නම් ඒක ඊට වඩා බරපතලයි," යැයි ඔහු පවසයි. 2025 නොවැම්බර් මාසයේදී වත්මන් රජය ඇමරිකාව සමඟ අත්සන් කළ බව කියන රහසිගත ගිවිසුමක ප්‍රතිඵලයක් ලෙස මෙය සිදුවූයේද යන්න පිළිබඳව ඔහු සැක පළ කරයි.
මීට පෙර 2007දී අත්සන් කළ ඇක්සා (ACSA) ගිවිසුම 2017 වසරේදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් "ලෝක විනාශය දක්වා" වලංගු වන පරිදි දීර්ඝ කළ බවත්, එමඟින් ඉන්දියන් සාගරයේ යුද්ධයකදී ඇමරිකාවට ලංකාවේ වරායවල්, ගුවන් තොටුපොළවල් සහ රෝහල් වැනි යටිතල පහසුකම් ලබාදීමට එකඟ වී ඇති බවත් ජයගොඩ මහතා මතක් කරයි.
එසේම, වත්මන් රජය විසින් ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේ සඳහන් කර ඇති පරිදි ඇමරිකානු ජාතික ආරක්ෂක බලකාය සමඟ අත්සන් කර ඇති එස්.පී.පී (SPP - State Partnership Program) ගිවිසුම පිළිබඳවද ඔහු කරුණු දක්වයි.
1993 සිට ලෝකයේ කුඩා රටවල් සමඟ ඇමරිකාව මෙවැනි ගිවිසුම් ඇති කරගන්නේ සිය යුදමය අවශ්‍යතා සඳහා යටිතල පහසුකම් සපයා ගැනීමට බව ඔහු පෙන්වා දෙයි.
මෙම ප්‍රහාරය සිදු වූයේ රජයේ අවසරය ඇතිවද, එසේත් නැතිනම් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ කාලයේ සිට ක්‍රියාත්මක වන සෝෆා (SOFA), ගෝඨාභය රාජපක්ෂ මහතා අත්සන් කළ ඇක්සා (ACSA) හෝ අනුර කුමාර දිසානායක මහතාගේ රජය අත්සන් කළ එස්.පී.පී (SPP) ගිවිසුම යටතේ දැයි රජය රටට හෙළි කළ යුතු බව පුබුදු ජයගොඩ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..